Recent

Friday, July 26, 2013

Computer Science



ප්රායෝගික පරිගණක විද්යාවේ නව මං පෙත්

සිවිල් ඉංජිනේරු විද්යාව, යාන්ත්රික ඉංජිනේරු විද්යාව, වෛද් විද්යාව වැනි ප්රායෝගික විද්යාවන් ශත වර්ෂ ගණනාවක සිට මානව සමාජයේ පැවතිණ. අප දැනට අධ්යාපනය ලබන්නේ එම විෂයන්හි බටහිර මුහුණුවර වුවත් පෙරදිග රටවල චිරාත් කාලයක සිට එම විද්යාවන් වෙනත් නම්වලින් හා වෙනත් මුහුණුවරින් සමාජගත වී තිබිණ. (උදා(- ආයුර්වේදය, වාරි තාක්ෂණය, .....) එහෙත් පරිගණක විද්යාව යනු මුළු ලොවට නව විෂයකි. එය සමාජගත වී තවම ශත වර්ෂයක්වත් ගත වී නැත. ඉලෙක්ට්රොනික විද්යාවේ ප්රතිඵලයක්ලෙස වැඩිදියුණු වූ එය, නූතන කාර්මික සංවර්ධනයේ ප්රධාන සංරචකය බවට පත් වෙමින් පවතී
.

වර්තමානය වන විට පරිගණකය මිනිස්සමාජයේ සැම අංශයක් ආක්රමණය කර ඇත. පරිගණක සහාය නොමැති වුව හොත් අද බොහොමයක්ක්ෂේත් අක්රිය වනු ඇත. (වෛද් පරීක්ෂණ, සංකීර්ණ සැත්කම්, ගුවන් ගමන්, සන්නිවේදනය, ආරක්ෂක කටයුතු....) මෙසේ සමාජගත ඇති මේ නව විද්යාත්මක දැනුම යම් පමණකින් හෝ ලබා තිබීම නූතන සමාජයේ ඕනෑ අයකුට බෙහෙවින් ප්රයෝජනවත් වනු ඇත. මේ ලිපියේ අරමුණ පරිගණක ක්ෂේත්රයේ ඇති නව ප්රවණතා හා පොදු ජනතාවට වැදගත් අංගයන් කිහිපයක්පිළිබඳව පරිගණක විද්යාව පිළිබඳ හසළ දැනුමක්නැති සාමාන් පාඨකයන් හට අවබෝධයක්ලබා දීම . අනාගතයේ පරිගණක විද්යාව වැඩිදුරට හැදැරීමට අපේක්ෂා කරන පාසල් දරුවනට සිය අනාගතය පිළිබඳ යම් හෝ සැලසුමක්සකස්කර ගැනීමට මෙයින් උපකාරයක්ලැබෙනු ඇතැයි විශ්වාස කරමි.

ලොව බොහොමයක්විද්යාවන් මෙන් පරිගණක විද්යාව අධ්යයන පහසුව තකා, ශූද්ධ පරිගණක විද්යාව හා ව්යවහාරික පරිගණක විද්යාව යනුවෙන් කොටස්දෙකකට වෙන් කරනු ලැබ ඇත. ශූද්ධ පරිගණක විද්යාව යනු පරිගණක විද්යාවේ මූලධර්ම හා මූලික සංකල්ප අඩංගු න්යායික කොටස . ව්යවහාරික පරිගණක විද්යාව යනු එම මූලධර්ම හා මූලික සංකල්ප යොදාගෙන මිනිසා ගේ නොයෙකුත් අවශ්යතා ඉටු කිරීමේ ක්රමවේදයන් පිළිබඳ අධ්යයනයයි.

පහත සඳහන් වන්නේ වර්තමාන පරිගණක විද්යා අධ්යයනයේ දී ප්රමුඛ වන ව්යවහාරික පරිගණක ක්ෂේත්රයන් කිහිපයක්පිළිබඳ හඳුන්වා දීමකි.

1.
කෘත්රිම බුද්ධිය හා යාන්ත්රික අධ්යයනය (Artificial Intelligence & Machine Learning )

ලිපිලේඛන පිළියෙල කිරීම, සංකීර්ණ ගණනය කිරීම් වේගයෙන් නිම කරගැනීම, විනෝදාස්වාදය සඳහා ත්රිමාන චිත්රපට නිපදවීම, කාලගුණ අනාවැකි පළ කිරීම ආදි විවිධ ක්ෂේත්රයන්ට අදාළ බොහොමයක්මිනිසාට අවශ් දේ පරිගණකයකින් ඉටු කොට ගත හැකි . එහෙත් පරිගණකයට තවම කළ නො හැකි වූ දෙයක්ඇත. මිනිසා මෙන් සිතීම හා ක්රියා කිරීම . එනම් ආතර් සී. ක්ලාක්මහතා ගේ 2001 විද්යා ප්රබන්ධයේ එන හල් නැමැති මන(කල්පිත පරිගණකය මෙන් ක්රියා කිරීම . මීට දශක කිහිපයකට පෙර සිට පරිගණක විද්යාඥයෝ මෙසේ කෘත්රිම බුද්ධියක්බිහි කිරීමට වෙහෙස වූ . එම ප්රයත්නයන් දෙයාකාර වේ.

එක්ආකාරයක්වූයේ මිනිසා විසින් සිය සිතීමේ හැකියාවේ හා බුද්ධියේ ප්රතිඵලයක්ලෙස සිදු කරනු ලබන විශේෂ ක්රියාවන් වෙන වෙන පරිගණක මගින් සිදු කිරීම . චෙස්ක්රීඩා කිරීම, මිනිස්කටහ` වටහා ගැනීම, ඡායාරූපයක්දුන් විට එහි සිටින පුද්ගලයන් හඳුනා ගැනීම ආදි හැකියාවන් ඇති මෘදුකාංග බිහි වූයේ එම ප්රයත්නයන්හි ප්රතිඵලයක්ලෙසින් . එහෙත් එය පුළුල් ලෙස පරිගණකය මිනිsසකු ලෙස හැසීරීමක්සේ සැලකිය නො හැකි . එය හුදු මිනිසා විසින් සිය මනස උපකාරයෙන් කරනු ලබන දහසකුත් එකක්ක්රියාවන් ගෙන් එකක්පමණක්කිරීමට හැකි, එම ක්රියාකාරකම සඳහා සුවිශේෂ වූ මෘදුකාංගයක්නිපදවීමක්පමණි. එක්එක්කාර්යයන් පරිගණකය ඔස්සේ ඉටු කර ගැනීම සඳහා නොයෙකුත් න්යායන් හා ක්රමවේදයන් මිනිසා විසින් සොයාගනු ලැබ ඇත.

අනෙක්ආකාරය වූයේ අනුමාන වශයෙන් මිනිස්මොළය ක්රියා කරන ආකාරය මෘදුකාංග පද්ධතිය මගින් නිරූපණය කිරීම . මෙහි දී පරිගණක විද්යාඥයන් ගේ ඉලක්කය වන්නේ තර්කනය, සාමාන් ගැටලු විසඳීම, ස්වයං අධ්යයනය, භාෂා අවබෝධය, සැලසුම් සකස්කිරීම, නිර්මාණශීලීත්වය ආදී මිනිසාට පමණක්ඇති හැකියාවන් පරිගණකයට ලබා දීම . මේ ඉලක් සපුරා ගැනීම සඳහා, මිනිසා ගේ මොළයේ සංයුතිය, ස්නායු පද්ධතියේ හා ස්නායු සෛලවල ව්qහය සියුම්ව අධ්යයනය කොට ඒවායේ ක්රියාකාරීත්වයට සමාන ක්රියාකාරිත්වයක්ඇති පරිගණක මෘදුකාංග කොටස්නිපදවා ඇත. එබඳු ස්නායු සෛලයකට සමාන මෘදුකාංග විශාල ප්රමාණයක්එකිනෙක සම්බන්ධ කොට ජාලගත කිරීමෙන් කෘත්රිම ස්නායු සෛල ජාලයක්නිපදවිය හැකි . අනතුරුව එය, යම් සංකීර්ණ ප්රදානයන් සමූහයක්ලබා දුන් විට ඊට අනුකූල සංකීර්ණ ප්රතිදානයක්ලබා දෙන කෘත්රිම මොළයක්ලෙස සැලකිය හැකි . කුඩා දරුවකු සිය පරිසරය හා වැඩිහිටියන් ඔස්සේ ක්රමයෙන් නොයෙක්දේ ඉගෙන ගෙන සිය බුද්ධිය හා දැනුම සංවර්ධනය කරගන්නා අයුරින් මේ මෘදුකාංගමය කෘත්රිම මොළයට යම් විෂයකට අනුකූලව ප්රදාන සමූහයක්ලබා දී ඊට අදාළ නිවැරැදි ප්රතිදානයන් පෙන්වා දීමෙන් එම විෂය සඳහා විශේෂ වූ කෘත්රිම බුද්ධියක්ජනනය කළ හැකි . එම දැනුම හා බුද්ධිය එම මෘදුකාංග පද්ධතිය තුළ ගබඩා වේ. මෙසේ එබඳු කෘත්රිම ස්නායු ජාලයකට දැනුම ලබා දී බුද්ධියක්ජනනය කිරීමේ ක්රියාවලිය එම කෘත්රිම ස්නායු සෛල ජාලය "පුහුණු කිරීම" යනුවෙන් හඳුන්වනු ලැබේ.

මෙලෙස නියම ආකාරයෙන් පුහුණු කරන ලද කෘත්රිම ස්නායු පද්ධතියක්ප්රාථමික මට්ටමින් මිනිස්මොළයකට ආසන්න ක්රියාකාරිත්වයක්දක්වයි. එහෙත් එහි ධාරිතාව හෙවත් බුද්ධි මට්ටම වර්තමාන පරිගණක තාක්ෂණය උපරිමයට යොදාගත්ත මිනිස්මොළයකට ආසන්න වී නැත.

යාන්ත්රික අධ්යයනය මීට සම්බන්ධ විෂයයකි. එහි දී පරිගණකයක්යම් කාර්යයක්සඳහා විශේෂයෙන් ක්රමලේඛනය නො කොට එම කාර්යයට අදාළ දැනුම තොරතුරු උකහා ගැනීමේ ක්රමවේදයන් පිළිබඳව අධ්යයනය කිරීමට සලස්වනු ලැබේ. උදාහරණයක්ලෙස විවිධාකාර කාලගුණ දත්ත සමූහයක්පරිගණකයකට ලබා දුන් විට, හෙට දිනයේ කාලගුණය පිළිබඳව අනාවැකියක්පළ කිරීමට හැකියාවක්මින් ලැබෙනු ඇත. එහි දී එක්එක්දර්ශකයන් කාලගුණය කෙරෙහි බලපානු ලබන්නේ කෙසේ දැයි යන දැනුම පරිගණකයට ලබා දී නැත. එහෙත් පරිගණකය විසින් එක්එක්දර්ශකයන් කාලගුණික සාධක වෙත බලපාන්නේ කෙසේ දැයි ස්වයං අධ්යයනයක්කරනු ලැබේ. එසේ ස්වයං අධ්යයනයන් කිරීමේ ක්රමවේද ගණනාවක්පරිගණක විද්යාඥයන් විසින් සොයාගනු ලැබ ඇත. ඒවා වැඩි දියුණු කිරීමත්, අවස්ථාවන්හි දී යොදා ගැනීමත් වර්තමානයේ මේ ක්ෂේත්රයට අදාළ කටයුතු .

2.
ජීව තොරතුරු විද්යාව (Bio - informatics)

ජීව තොරතුරු විද්යාව යනු පරිගණක ඇසුරින් ජීව විද්යාත්මක තොරතුරු උකහා ගැනීම, ගබඩා කිරීම හා අධ්යයනය පිළිබඳ වූ විද්යාවකි. මෙහි දී ජීව විද්යාත්මක තොරතුරු ලෙස අදහස්වන්නේ ජීවීන් ගේ ජානගත තොරතුරු, ප්රොටීන දාමයන්හි හැඩයන් හා හැසිරීම්, ජාන හුවමාරු වීමේ ක්රමවේද, සෛලවල ක්රියාකාරිත්වය ආදී කරුණු .

මෙහි එක්අංශයක්වන්නේ පරිගණක මෘදුකාංග මගින් මේ විෂයට අදාළ පරිසරයන් හා ක්රියාවලීන් නිරූපණය කිරීම . එම කටයුත්ත සාර්ථක නම් එම අතථ් පරිසරය තුළ සිදු වන දේ සැබෑ පරිසරය තුළ සිදු වන දෙයට බොහෝ දුරට සමාන වේ. එම නිසා පරිසරයේ සිදු වන වෙනස්කම් නිරීක්ෂණය කිරීමෙන් සැබෑ ලෝකයේ දී සිදු වන දේ පිළිබඳව අවබෝධයක්ලබා ගත හැකි .

උදාහරණයක්ලෙස පිළිකා සෛලයකට යම් රසායනික සංයෝගයක්ඇතුළු වූ විට තුළ සිදු වන දෙය හා එබඳු සෛල විශාල ප්රමාණයක්ඇති තැනක දී සිදු වන දෙය සත් ලෝකය තුළ පරීක්ෂණයක්කර දැන ගැනීම ඉතා අසීරු මෙන්ම විශාල වශයෙන් කාලය හා මුදල් වැය වන කටයුත්තකි. එබඳු දෙයක්එක්අංශූමය ක්රියාවක්නො , හේතු ඵල වශයෙන් සම්බන්ධ වන ක්රියාදාමයකි. එය නොයෙක්බාහිර සාධක වෙනස්වන විට වෙනස්වීමට ඉඩ ඇත. එම ක්රියාදාමය සැබෑ ලොව තුළ සිදු වීමට බොහෝ කාලයක්ගත වනු ඇත. එහෙත් පරිගණක මෘදුකාංග මගින් අතථ් පරිසරයක්නිපදවා තුළ එම පරීක්ෂණය විවිධ බාහිර සාධක යටතේ බොහෝ වාරයක්සිදු කිරීමට වැය වන්නේ කෙටි කාලයක්හා සුළු මුදලකි. එමෙන් එය පහසු ක්රියාවලියකි. එනිසා විවිධ ඖෂධ වර්ග හා ප්රතිජීවක වර්ග ආදිය නිර්මාණය කිරීමේ දී මේ ජීව තොරතුරු විද්යාව බොහෝ උපකාර වේ.

3.
පරිගණක - මිනිස්අන්තර්ක්රියා (Human - Computer interaction)

පරිගණකය බිහි වූ මුල් අවධියේ පරිගණකයට මිනිසා ප්රදානයක්ලබා දුන්නේ සිදුරු කරන ලද කාඩ්බෝඩ් කැබැලි ආධාරයෙනි. පරිගණකයෙන් නැවත මිනිසා වෙත ප්රතිදානයක්ලැබුණේ කඩදාසි මාධ්යයෙනි. වර්තමානයේ ස්පර්ශ සංවේදී තිර හා ත්රිමාන නිර්මාණකරණ උපකරණ භාවිත කරන ඔබට මෙය සිතාගැනීමටවත් අපහසු තත්ත්වයක්විය හැකි . එදා එලෙස ප්රාථමික තත්ත්වයේ තිබූ පරිගණකය හා මිනිසා අතර සම්බන්ධතාව අද ඔබ අත්දකින තත්ත්වයට ගෙන ආවේ පරිගණක - මිනිස්අන්තර්ක්රියා පිළිබඳ විද්යාවේ ප්රතිඵලයක්ලෙස .

වර්තමානයේ මේ අංශයේ, ත්රිමාන තිර, ත්රිමාන මූසික, ත්රිමාන මුද්රණ යන්ත් ආදී දෘඪාංග මෙන්ම මිනිස්කටහ`ඩින් දෙන විධානයන්ට ක්රියා කිරීම, මිනිසා ගේ ඇසින්, හිසින් හා දැත් මගින් දෙන සංඥා අවබෝධ කර ගැනීම වැනි හැකියාවන් ඇති මෘදුකාංග නිපදවීම සම්බන්ධ කටයුතු කෙරේ. එබඳු නිර්මාණයන් සිදු කරද්දී පරිගණක භාවිත කරන්නන් ගේ සිතුම් පැතුම් නිවැරැදිව අවබෝධ කරගැනීමට අවශ් වන නිසා මනෝ විද්යාව හා සමාජ විද්යාව ආදී තාක්ෂණික නො වන විෂයයන් පිළිබඳ දැනුම මෙහි දී අත්යවශ් වේ.

අතථ් පරිසරයන් නිර්මාණය කොට ඇසුරින් ත්රිමාන හා ද්විමාන කාටූන් චිත්රපට නිර්මාණය හා සාමාන් චිත්රපටවල ඇති දෘෂ් ප්රයෝග නිර්මාණයට මේ විෂයට අදාළව නිපදවන ලද මෘදුකාංග හා දෘඪාංග යොදා ගනු ලැබේ.

4.
පරිගණක ආරක්ෂක පද්ධති (Computer Security)

පරිගණක මිනිස්සමාජයේ සැම අංශයක් ආක්රමණය කිරීම නිසා මිනිසුන් ගේ තොරතුරු බොහොමයක්මේ පරිගණක පද්ධතීන් තුළ ගබඩා වී ඇත. එමෙන් එම පරිගණක පද්ධතීන්හි නිවැරැදි ක්රියාකාරිත්වය මත යෑපෙන තවත් බොහොමයක්ක්රියාවලීන් ඇත. උදාහරණයක්ලෙස සන්නිවේදන චන්ද්රිකා හසුරුවන මෙහෙයුම් පද්ධතිය නිවැරැදිව ක්රියාත්මක නො වුණ හොත් සන්නිවේදන දුෂ්කරතා, ජී.පී.එස්‌. තාක්ෂණය මත පදනම් වන අවි ආයුධ ආදිය ව්යාකූල ලෙස හැසිරීම වැනි ඉතා භයානක තත්ත්වයන් ඇති විය හැකි . එනිසා සමහර පරිගණක පද්ධතීන් තුළ ඇති දත්ත ආරක්ෂා කර ගැනීම හා එම පද්ධතීන් ගේ ක්රියාකාරීත්වය නිවැරැදිව පවත්වාගෙන යැම සඳහා අවශ් තත්ත්වයන් පවත්වා ගැනීම අත්යවශ් වේ. මේ නිසා පරිගණක පද්ධතීන්හි ආරක්ෂාව පිළිබඳව කෙරෙන අධ්යයන හා නව සොයා ගැනීම් වර්තමානයේ ඉතා වැදගත් වේ.

මේ විෂය පථය බොහෝ දෙනා දන්නා පරිගණක වයිරස සඳහා ප්රතිකර්ම නිපදවීමේ ක්රියාවලියට වඩා බොහෝ පුළුල් වේ. තොරතුරු සොරා ගැනීම, තොරතුරු විකෘති කිරීම, වංචා හා රැවටීම්, පරිගණක පද්ධතීන්හි ක්රියාකාරීත්වය අඩාළ කිරීම ආදී නොයෙක්ආකාරයේ පරිගණක අපරාධවලට ඔරොත්තු දෙන තත්ත්වයන්ට පරිගණක පද්ධතියක්කිරීම මේ විෂයේ පුළුල් පරමාර්ථයයි.

5.
තොරතුරු විද්යාව (Information Science)

පෙර කී පරිදි පරිගණකය මිනිස්සමාජයේ සැම අංශයක පැතිර ඇති නිසා, පරිගණක ජාලගත ඇති දැවැන්ත දත්ත ප්රමාණයක්ගබඩා වී ඇත. මේ දත්ත අප ගේ ප්රයෝජනයට ගැනීමේ ක්රමවේදයන් පිළිබඳ තොරතුරු විද්යාවෙන් අධ්යයනය කෙරේ. මෙහි දී සංඛ්යානය හා ගණිතය බොහෝ ප්රයෝජනවත් වේ. දස අත විසිරුණු මේ දැවැන්ත දත්ත ගබඩාවල අඩංගු දත්ත එකතු කිරීම, ගබඩා කිරීම, විශ්ලේෂණය කිරීම, වර්ග කිරීම, ඒවා ඇසුරින් තීරණ ගැනීම සඳහා අවශ් තොරතුරු උකහා ගැනීම ආදිය මේ විෂයට ඇති අභියෝගයි.

6.
ව්යාප්ත පද්ධති (Distributed Systems)

මීට දශක කිහිපයකට පෙර බැංකු, කොටස්වෙළෙඳපොළ ආදී විශාල මූල් ආයතනවල මෘදුකාංග පද්ධතීන් ක්රියාත්මක වූයේ ඉතා මිල අධික සුපිරි පරිගණක යන්ත් තුළ . ඒවා පිළිබඳ දැනුම හා අත්දැකීම් සහිත පුද්ගලයන් සීමිත විය. එනිසා එබඳු පද්ධතීන් පවත්වා ගැනීම ඉතා මිල අධික කටයුත්තක්විය. එහෙත් වර්තමානයේ මෙබඳු විශාල පද්ධතීන් සමන්විත වන්නේ එක්විශාල සුපිරි පරිගණකයන් වෙනුවට සාමාන් පරිගණක රැසක ගේ එකතුවකිනි.

මේ පරිගණක ජාලය තුළ ඇති සැම පරිගණකයක හැකියාවන් (CPU සහ Memory) එක්වීමෙන් සම්පූර්ණ පද්ධතිය ක්රියාත්මක වේ. මෙබඳු පද්ධතීන් තුළ ක්රියා කිරීමට එම මෘදුකාංග විශේෂ ආකාරයකට නිර්මාණය කළ යුතු . මෙහි දී ජය ගැනීමට ඇති අභියෝගය නම්, විශාල පරිගණක පද්ධතීන් රැසක්ජාලගත කිරීමේ දී ඇති වන කාර්මික ගැටලු විස`දීම හා උපරිම කාර්යක්ෂ්මතාවක්ලැබෙන පරිදි මේ පරිගණක තුළ වෙන වෙන ක්රියාත්මක වන පරිගණක වැඩසටහන් එකිනෙක සහයෝගයෙන් ක්රියා කරවීම .

ඉහත සඳහන් වූයේ වර්තමානයේ තරමක්වැදගත් වන ව්යවහාරික පරිගණක විද්යා අංශ කීපයක්පමණි. මීට අමතරව ඉතා ශීඝ්රයෙන් දියුණු වන බොහෝ ක්රියාකාරකම් සිදු වන පරිගණක විද්යා ක්ෂේත් ගණනාවක්වේ. තවම නව යොවුන් අවධියේ පවතින පරිගණක විද්යාව යා යුතු දුර බොහෝ . දිනෙන් දින තව තවත් මෙබඳු විෂය ක්ෂේත්රයන් මීට එක්වනු ඇත.

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews