Recent

Showing posts with label Mahamegha. Show all posts
Showing posts with label Mahamegha. Show all posts

Tuesday, February 17, 2015

කෘෂි රසායන තහනම් කිරීම සහ වකුගඩු රෝගය

කෘෂි රසායන තහනම් කිරීම සහ වකුගඩු රෝගය
like emoticon US @ 
Mahamegha :::: මහාමේඝ

කෘෂිරසායන වර්ග කීපයක් තහනම් කිරීමට මෙරට පළිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර්වරයා 2014 දෙසැම්බර් 22 දින කටයුතු කළ බවට පසුගිය දිනවල පුවත්පත් වාර්තා කර තිබිණ. එම කෘෂි රසායන නම්, ග්ලයිෆොසේට්, ප්‍රොපනිල්, කාබරිල්, කොලොපයිරිෆොස් සහ කාබොෆියුරාන් ය. (Glyphosate, Propanil, Carbaryl, Cholopyrifos and Carbofuran) එම නිවේදනයේ තවත් කරුණක් සඳහන් ය.
එනම්, එම තහනම ක‍්‍රියාත්මක වන්නේ අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල දිස්ත‍්‍රික්කවල සහ බදුල්ල දිස්ත‍්‍රික්කයේ මහියංගන, රිදීමාලියද්ද, කන්දකැටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පමණක්
බව ය.
වැඩිදුර විශ්ලේෂණයකට යාමට පෙර එම පුවත් වාර්තාවල සඳහන් කරුණු කීපයක් ඔබගේ අවධානයට යළි යොමු කිරීමට අදහස් කරමි.
‘‘පළිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර් මෙම තීරණය ගනු ලැබ ඇත්තේ මහජන සුබසිද්ධිය ගැන සලකා බලා ය. රජරට බහුලව දක්නට ලැබෙන වකුගඩු රෝගය සහ වල්නාශකයක් වන ග්ලයිපොසේට් සහ අනෙකුත් කෘෂි රසායන අතර සම්බන්ධය විද්‍යාත්මකව ඔප්පු කරනු ලැබ ඇත.
1990 ගණන්වල මෙම වකුගඩු රෝගය මුලින් ම හඳුනාගත් අතර ඊ ළඟ දශක දෙක තුළ තවත් රටේ අනෙකුත් ගොවි කලාපවලට ද පැතිරී යන්නට පටන් ගත්තේ ය. එම කාලය තුළ එම ප‍්‍රදේශවල ජනගහනයෙන් 15% ක්, එනම් 400000කට රෝගය වැළඳී ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර ඉන් 20000ක් පමණ මරණයට පත් වී ඇත.
(
http://www.news.lk/…/5317-sri-lanka-bans-use-and-sale-of-fi…) (http://www.adaderana.lk/…/sri-lanka-bans-pesticides-contAin…)
පාරිසරික පර්යේෂණ සහ මහජන සෞඛ්‍යය පිළිබඳ ජාත්‍යන්තර සඟරාවේ (International Journal of EnvironmentAl Research and Public Health) ප‍්‍රසිද්ධ කරන ලද පර්යේෂණ වාර්තාවකට අනුව කිවුල් ජලයට කැඞ්මියම් වැනි බැර ලෝහ මුසු වූ විට ග්ලයිපොසේට් ඉතාමත් විෂ සහිත තත්ත්වයකට පත් වේ.
පළිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර් විසින් මුලින් ම 2014 අපේ‍්‍රල් මාසයේ දී ග්ලයිෆොසේට් වල්නාශකය තහනම් කරනු ලැබුවත් මැයි මාසයේ දී යළි එම තහනම ඉවත් කරන ලදී. මේ එම වල් නාශකය තහනම්කරනු ලබන දෙවන හෝ තෙවන වතාව ය.
මෙම තීරණය ගැනීමට හේතුව වකුගඩු රෝගය සහ කෘෂිරසායන අතර ඇති සම්බන්ධය විද්‍යාත්මකව ඔප්පු කිරීම නිසා බව දෙපාර්තමේන්තුව පිළිගැනීම හොඳ ප‍්‍රවණතාවකි. එසේ පිළිනොගන්නේ නම් මෙම තීරණයට දෙපාර්තමේන්තුව නො එළඹෙනු ඇත. එහෙත් තාමත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බොහෝ දෙනාගේ තර්කය වනුයේ් එම සම්බන්ධතාව විද්‍යාත්මකව ඔප්පු නො කළ බවයි. නමුත් ඒ කිසිදු තර්කයක්, අකාලයේ අහිමිව ගිය කිසිදු මිනිස් දිවියකට වග කීවේ නැත.
මෙම තීරණය ඉතා කාලෝචිත එකක් බව මතු පිටින් පෙනුන ද එය එසේ නො වේ. මා එසේ කියන්නේ මේ නිසා ය. මෙම තීරණය වැරදි නිගමනයන් රාශියකට ඉඩ සකසා ඇත.
1 ඉන් පළමුවැන්න නම් වකුගඩු රෝගය ඇතුළු තවත් රෝග ගණනාවකට හේතු වන කාරණාව ඉහත සඳහන් කෘෂිරසායන වර්ග පහ පමණක් ම යැයි ගොවි ජනතාව අතර මතවාදයක් ඇති වීම ය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරන ලද අධ්‍යයනයේ වකුගඩු රෝගයට හේතු විය හැකි තත්ත්වයන් ගැන මෙසේ ද සඳහන් වේ. දියවැඩියාව සහ අධිරුධිර පීඩන තත්ත්වයන් වකුගඩු රෝගයට මූලික හේතු වුව ද අප කළ අධ්‍යයනයේ දී එම ප‍්‍රදේශවල පසෙහි අධික කැඞ්මියම්, ඊයම් සහ ආසනික් ප‍්‍රතිශතයක් දක්නට ලැබුණි. මෙයට හේතුව කෘෂිකර්මයේ දී අධික රසායන පොහොර සහ කෘෂි රසායන යෙදීම ය. පානීය ජලය දුෂණය වී තිබිණ. අධික සංඛ්‍යාවක් වකුගඩු රෝගවලට මෙය හේතුවක් විය හැක.’ (මහාචාර්ය මෙන්ඩිස් ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යයන කණ්ඩායම් ප‍්‍රධානී).
රසායනික පොහොර ලෙස යොදන ටි‍්‍රපල් සල්ෆර් පොස්පේට්වල (Triple Sulphur Phosphate) අධිකව කැඞ්මියම් අඩංගු වන අතර ගොවිබිම් සහ ජලය කැඞ්මියම්වලින් දූෂණය විමට එය ප‍්‍රධාන ම හේතුව ය. මෙරට නිපදවිය හැකි රොක් පොස්පේට්වල කැඞ්මියම් බැර ලෝහය අඩංගු නො වේ. එහෙත් පොහොර ආනයනයේ දී ලැබෙන බලවත් වාසි තත්ත්වයන් නිසා දේශීය පොස්පේට් නිපදවීමට කිසිවකු උනන්දුවක් දක්වන බවක් නො පෙනේ. එසේ හෙයින් ඇතැම් කෘෂි රසායන වර්ග කීපයක් පමණක් තහනම් කිරීමෙන් ගොවීන් වකුගඩු රෝගයෙන් මුදවා ගන්නට හැකිදැයි සැකයක් මතු වේ.
2 දෙවැන්න නම් මෙම තහනම ක‍්‍රියාත්මක වන්නේ ඇතැම් ප‍්‍රදේශවලට පමණක් බව කීම ය. එක් වරට ම කෙනෙකුට සිතට එන්නේ මහියංගණයට, අනුරාධපුරයට හිතකර නොවන කෘෂි රසායන, හම්බන්තොටට හෝ පුත්තලමට හිතකර වන්නේ කෙසේදැයි යන්න ය. කාලාන්තරයක් තිස්සේ භාවිත කරන ලද අධික කෘෂි රසායන නිසා ඉහත සඳහන් දිස්ත‍්‍රික්කවලට බහුජාතික සමාගම් මගින් දායාද කරන ලද වකුගඩු රෝගය ඇතුළු තවත් රෝග ගැන පිළියම් යෙදීමට යම් උත්සාහයක් හෝ ගැනීම පැසසුම් කළ යුතු ය. එම රසායනික භාවිතය තහනම් නො කරන ලද අනෙකුත් ප‍්‍රදේශවල වකුගඩු රෝගය දක්නට නැති ද? මඳ වශයෙන් රෝගය දක්නට ලැබීම සතුටට පත් විය හැකි කරුණක් ද? රෝගයට හේතුකාරකය හඳුනාගෙන තිබියදීත් එම රසායනික භාවිත කිරීමට ඉඩ දීම වරදක් නො වන්නේ ද? වසංගත මට්ටමට එම රෝගය පැතිරෙන තාක් කල් බහුජාතික සමාගම්වලට තව දුරටත් එම රසායනිකයන් විකුණා ගන්නට ඉඩ දෙනවා ද?
කෘෂි රසායන භාවිතයෙන් ඇති වන වකුගඩු සහ අනෙකුත් රෝග ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රදේශ කීපයකට පමණක් සීමා වූ එ්වා නො වේ. රජරට වාරිමාර්ග පද්ධතිය ආශ‍්‍රිතව වකුගඩු රෝගය සංඛ්‍යාවෙන් ඉතා විශාල ලෙස වර්ධනය වූ බව සැබෑවකි. එහෙත් රටේ අනෙකුත් ප‍්‍රදේශවල එම රෝගය නොමැති බවක් ඉන් කියැවෙන්නේ නැත. රජරට ප‍්‍රදේශවල රෝගය එක් වර ම වසංගත මට්ටමට වැඞී ආවා නො වේ. එය දිගු කාලයක් තිස්සේ වර්ධනය වූ තත්ත්වයකි. ඇතැම් විට කෘෂි රසායනවලට වසර 20ක් -30ක් නිරාවරණය වීම නිසා ඇති වූ තත්ත්වයකි.
මෙම තත්ත්වය අප තේරුම් ගත යුතු ය. රටේ අනෙක් ප‍්‍රදේශවල වකුගඩු රෝග මූලික අවස්ථාවේ සිටින අය තව කාලයකට පසු රෝග ලක්ෂණ පෙන්වනවා ඇත. හඳුනාගත් හේතු කාරකය තව දුරටත් එම ප‍්‍රදේශවල තිබෙන්නට හැරීම එම ප‍්‍රදේශවල ජනතාවට කරන අයහපතක්, අසාධාරණයක් නො වන්නේ ද?
3 කෘෂි රසායන රෙජිස්ට‍්‍රාර්වරයාගේ ප‍්‍රකාශයේ සඳහන් වන්නේ ඉහත සඳහන් කෘෂි රසායන වෙළඳාම සඳහා දැනට නිකුත් කර ඇති බලපත‍්‍ර එ් අනුව සංශෝධනය කරන බව ය. සංශෝධනය කුමක් ද? එනම් ඉහත සඳහන් කෘෂි රසායන නම් කරන ලද ප‍්‍රදේශවල විකිණීම තහනම් බව ය.
අපට පැහැදිලි වන දෙය නම් මෙම තීරණය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කළ නො හැකි බව ය. ශ‍්‍රී ලංකාව බඳු කුඩා රටක දිස්ත‍්‍රික්කයක්, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප‍්‍රදේශයක් සීමා කොට භාණ්ඩ වෙළඳාම සීමා කිරීම කෙතරම් ප‍්‍රායෝගික ද? මනුෂ්‍යයන්ගේ සුබසාධනය නොව ආර්ථික ලාභාපේක්ෂාව එ්කායන ඉලක්කය කර ගත් බහුජාතික සමාගම්වලට ඉහත තීරණයෙන් අල්ප මාත‍්‍ර බලපෑමක් වන්නේ නැත. එ්, තහනම් කරන ලද හෝ නො කරන ලද ද්‍රව්‍ය විකිණීමේ ක‍්‍රමවේද ඔවුන් හොඳින් ප‍්‍රගුණ කර ඇති බැවිනි. කලකට පෙර දිස්ත‍්‍රික්ක අතර සහල් ප‍්‍රවාහනය තහනම් කරන්නට මෙරට තිබූ මාර්ග බාධක (සහල් පොලූ) මගේ මතකයට නැගේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එබඳු කෘෂිරසායන මාර්ග බාධක සැලසුම් කර තිබේදැයි කෙනෙකුට විමසිය හැකි ය.
මේ සියල්ලෙන් ම පැහැදිලි වන්නේ තාමත් මෙරට කෘෂි රසායන සම්බන්ධයෙන් නිසි ප‍්‍රතිපත්තියක් නැති බව ය. හරිත විප්ලවය අපට දායාද කළේ ආහාර ස්වෛරීත්වය නො වේ; බහුජාතික සමාගම්වල ලාභාපේක්ෂාව නිසා කිසිදු සුරක්ෂිත බවක් තහවුරු නො කළ වස විස සහිත ආහාර පද්ධතියකි. බහුජාතික සමාගම් සතුටු කිරීම වෙනුවට ජනතාවගේ ආහාර ස්වෛරීත්වයට ප‍්‍රමුඛතාව ලබා දිය යුතු බව මෙරට කෘෂි අධිකාරීනට නොතේරීම කණගාටුවට කරුණකි.
හරිත සටහන
හැපී ගී‍්‍රන්ස් සංවිධානයේ ගරු සභාපති
කේ. එ්. ජේ. කහඳව
සම්පූර්ණ ලිපියට>>>http://mahamegha.lk/featured-articles/wakugadu-rogaya


Friday, September 5, 2014

පින්වතුනේ, පින්වත් දරුවනේ

පින්වතුනේ, පින්වත් දරුවනේ,



ආර්ය සත්යය අවබෝධ කරගන්න බැරිව බොහෝ දෙනෙක් සතර අපායේ දුක් විඳිනවා. එහෙම දුක් විඳින එක අපායක විස්තර තමයි පේතවත්ථුවල තියෙන්නේ. වගේම පින් කරගත්තු අය දෙව්ලොව ඉපදුණු ආකාරය විමානවත්ථුවල දැක්වෙනවා.
එක සිද්ධියක් තියෙනවා. මම කලින් හිතාගෙන හිටියේ මේක ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා කියලා. නමුත් ඒක කියන්නේ බුදුරජාණන් වහන්සේමයි. ඔන්න එක්තරා සැඩොල් ස්තරියක් පාරේ එද්දී බුදුරජාණන් වහන්සේ ඉස්සරහට වඩිනවා. වැඩම කරලා කියනවා, (උන්වහන්සේමයි මේ රකාශ කරන්නේ)
‘‘එම්බා සැඩොල් ස්තරිය, දැන් මේ ඔබ ඉදිරියේ සිටින්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ සිරිපතුල් වැඳ ගන්න. ඔබ කෙරෙහි අනුකම්පාවෙන්මයි මේ වැඩම කළේ. අටලෝ දහමින් කම්පා නොවන රහතුන් ගැන හිත පහදවා ගන්න.”
එහෙම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ විසින් මෙයාව වන්දනාවට පෙළඹෙව්වා. එතකොට මේ සැඩොල් කාන්තාව උන්වහන්සේ දිහා බැලූවා. හිත පහදවා ගත්තා. පහදවාගෙන පහන් සිතින් වන්දනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩියා. දැන් මෙයා බුදුරජාණන් වහන්සේ වඩිද්දී පැත්ත හැරිලා වැඳගෙන බලාගෙන ඉන්නවා. එහෙම ඉන්න කොට ගවදෙනක් ඇවිල්ලා අර ස්තරියට අනිනවා. ඇනලා ස්තරිය මරණයට පත්වෙනවා. මරණයට පත්වෙලා මෙයා කෙලින්ම දෙවියන් අතර ඉපදුණා.
දෙවියන් අතර ඉපදිලා දවසක් මෙයා බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. දිව් අප්සරාවක් හැටියට ඇවිල්ලා කියනවා,
‘‘වීරයන් වහන්ස, මම දැන් මහත් වූ දිව් ආනුභාවයට පත්වුණා. මම මේ නිකෙලෙස් වූ බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ආවා.”
‘‘පින්වත් දෙව්දුව, ඔබේ මේ සිරුරෙන් රත්තරන් පාට රශ්මියක් විහිදෙනවා. විසිතුරු ආභරණවලින් සැරසිලා ඉන්නවා. ඔබ දිව් අප්සරාවන් පිරිවරා ඉන්නවා. මට වන්දනා කරන කවුද ඔබ?”
‘‘ස්වාමීනී භාග්යවතුන් වහන්ස, ඔබවහන්සේමයි මාව වන්දනා කරන්න උත්සාහ කළේ. මං සැඩොල් ස්තරියක් වෙලා පාරේ ගමන් කරද්දී ඔබවහන්සේ මා ඉදිරියට වැඩම කරලා ඔබවහන්සේට වන්දනා කරන්න කිව්වා.
ස්වාමීනී භාග්යවතුන් වහන්ස, මම එදා ඔබවහන්සේට වන්දනා කළා. ඊට පස්සේ මං සැඩොල් ජීවිතයෙන් චුතවෙලා තමයි මේ දිව් ලෝකයේ උපන්නේ. ස්වාමීනී, මට දැන් උපස්ථාන කරන්න දිව් අප්සරාවන් ලක්ෂයක් ඉන්නවා. ස්වාමීනී, මම මේ පින කරගත්තේ ලෝකනාථ වූ මහාකාරුණික බුදුරජාණන් වහන්සේ නිසයි. මං නිසා බුදුරජාණන් වහන්සේව වන්දනා කරන්න පැමිණුනා.”
එහෙම කියලා දෙව්දුව වන්දනා කරලා, ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේටත් වන්දනා කරලා එතැනම අතුරුදහන් වෙනවා. එතකොට බලන්න, මේ මොකක් කරලාද? බුදුරජාණන් වහන්සේව ඇස් දෙකෙන් දැකලා හිත පහදවා ගෙන වන්දනා කරලා. බලන්න, කොයිතරම් යහපතක් ඉෂ්ට කරගෙන තියෙනවාද? එතකොට මේකෙන් අපට පේනවා, කෙනෙක් නියම විදිහට ඒක කරනවා නම් කොයිතරම් තියෙනවාද? ඔය කියාපු කොටස සඳහන් වෙන්නේචණ්ඩාලි දිව් විමාන වස්තුවේ.’
මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!
හැම දෙනාටම තෙරුවන් සරණයි!
නමෝ බුද්ධාය !


තිදොර සංවරයෙන් සසරේ සැනසුම ලද ඛුජ්ජුත්තරාව

තිදොර සංවරයෙන් සසරේ සැනසුම ලද ඛුජ්ජුත්තරාව

දොළොස් වසරක් තිස්සේ දුර්භික්ෂය පවතිනවා යැයි කීවද සංධාන ගෘහපතියා, සිය නිවසේ පසේ බුදුවරුන් දහස් නමකට දුන් දන් වැට නතර නොකර එළෙසම පවත්වාගෙන ගියේය. බරණැස් නුවර ඇති වු මහා දුර්භික්‍ෂ දොළොස් වසරක් පුරා පවතින බවත් එම කාලයට සෑහෙන තරම් ආහාර පාන නොමැති අය වෙනත් නගරයකට යා යුතු බවටත් බරණැස් රජු විසින් අණබෙර පතුරුවා හැරියද සංධාන ගෘහපතියා සහ පිිරිවර ජනයාට දොළොස් වසරකට සෑහෙන තරම් භාවබෝග සම්පත් තිබූ නිසා නගරය හැර දමා නොයන්නට තීරණය කළ අතරම දිනපතා පසේ බුදුවරුන් දහස් නමකට නොවරදවාම දන් දුන්නේය.
මෙසේ දානය සඳහා ගෘහපති නිවසට වැඩි පසේ බුදුවරුන් අතර එක් රෝගී පසේ බුදුවරයෙක්ද වූහ. දිනක් උන් වහන්සේ දානය සඳහා නොවැඩි සේක. දන් පිළිගන්වන අතරේ සංධාන ගෘහපතියාගේ දියණිය ඒ බව දුටුවාය. පියාණනි.. අද දානය සඳහා එක් පසේ බුදුවරයෙක් වැඩම කර නැත.
ඒ කවර පසේ බුදුවරයාණන් වහන්සේද ? දියණිය ..” “ පියාණෙනි ! පිට කුදු ගසාගෙන මේ අයුරින් ගමන් කරන පසේ බුදුරදුන් දානයට පැමිණ නැත...යි කියමිනක් ගෘහපති දියණිය හාස්‍යය පහළ වන අයුරින් එකී රෝගී පසේ බුදුවරයාණන් වහන්සේගේ ගමන් විලාශය රඟ දක්වමින් රැස්ව හුන් පිරිසට පෙන්වූවාය. එම සිද්ධිය එතැනින් අවසන් විය. පසේ බුදුවරයාණන් සරදමට ලක් කළද, ගෘහපති දියණිය ඉතා ශ්‍රද්ධාවෙන් එදින දන් වැටෙහි කටයුතු කළාය. එදා දානයට වැඩම කළ පසේ බුදුවරුන් අතර වාත රෝගයකින් පෙළෙන පසේ බුදුවරයෙක්ද සිටි සේක. උන් වහන්සේ දන් වළඳන පාත්‍රය අතින් ගත් විට වාත රෝගය හේතුවෙන් අත වෙවුලන නිසා පාත්‍රයද සැලී දානය බිමටද වැටේ. එනිසාම දන් වැළදීම උන් වහන්සේට අසීරු බව දුටු ගෘහපති දියණිය, උන් වහන්සේ ඉදිරිපිට පැදුරක් එළා පාත්‍රය එහි තබා වළදන ලෙස උන් වහන්සේට කියා සිටියාය. ඉන් පසු උන් වහන්සේ අපහසුවකින් තොරව දන් වළඳන බව දුටු ඇයගේ සිතෙහි දැඩි සතුටක් ඇති වූවාය. ඒ සතුටු සිතින්ම පසේ බුදුවරයාණන් නැමදූ ඇය මෙසේ ප්‍රාර්ථනා කළාය.
මවිසින් කරන ලද මේ කුසල කර්මයේ මහිමයෙන් මා දැන උගන්නා සෑම දෙයම අමතක නොවී මගේ මතකයේ රැඳේවා උතුම් ස්මරණ ශක්තිය මට ලැබේවා..
මේ ප්‍රාර්ථනයෙන් පසු බොහෝ කලක් නොයෙක් භවයන්හි උපත ලබා සසර මඟගෙවූ ඒ සංධාන ගෘහපති දියණිය , අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ සමයෙහි භද්‍රාවතී නුවර භද්‍රවතී සිටු නිවසේ දාසියක කුසින් මෙලොව එළිය දුටුවාය. නමුත් පෙර කරන ලද කර්ම විපාක නිරන්තරයෙන්ම පසු පස හඹා එන්නේ පෙර බවයකදී . සංධානක ගෘහපතියාගේ දියණියකව සිටි සමයේ , රෝගී පසේ බුදුවරයාණන්ගේ ශරීරයේ හැඩය කුදු යැයි හාස්‍යයට ලක් කිරීමේ හේතුවෙන් ඇය උපතින්ම කුදු බවට පත් වූයේ .. එනිසාම ඛුජ්ජුත්තරා නමින් හැඳින්වූවාය. භද්‍රාවතී සිටු නිවසේ ඛුජ්ජුත්තරා වැඩෙන අතරේ භද්‍රවතී නගරයෙහි අභිවාතක නම් රෝගය බෝ විය. මේ රෝගයෙන් බේරෙන්නට මැදුරේ බිත්ති සිදුරු කර පැන යන භද්‍රාවති සිටුතුමාත්, දේවියත්, “ සාමාවතීනම් දියණියත් නුවරින් පැන යන්නේ ඔවුන්ගේ යහළු ඝෝෂකනම් සිටුවරයා සොයා යන්නට තීරණය කළෝය. නමුත් මහත් වෙහෙසට පත් සිටුවරයා හා දේවිය කුසගින්න අධික හෙයින් පමණයට වැඩි ආහාර ගැනීමෙන් මිය ගියේය. පසුව අසරණව සිටි සාමාවතී ඝෝෂක සිටුවරයා විසින් හඳුනාගෙන දු තනතුරෙහි තබා ඇති දැඩි කළේය. වැඩිවියට පත් සාමාවතී දිනක් උදේන රජු විසින් දකිනු ලැබ, ඔහුගේ අග මෙහෙසිය බවට පත් කර ගන්නා ලදින් කුඩා කල සිට සිටු ගෙදර සිටි ඛුජ්ජුත්තරා ද සාමාවතී බිසව සමගින්ම උදේන රජ මාලිගයට පැමිණ සාමාවතීගේ හිතවත්ම උපස්ථායිකාව බවට පත් වූවා.
එතැන් සිට සාමාවතී බිසවට අවශ්‍ය මල් මිලදී ගැනීමට සුමන නම් මාලාකරු ළඟට දිනපතා යන්නේ ඛුජ්ජුත්තරාය. දිනක් මෙසේ මල් ගෙන යාමට පැමිණි ඛුජ්ජුත්තරාට මල් නොලැබුණි. එදා සුමන මල්කරුගේ ගෙදර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා උදෙසා දානයකි. එනිසා මල් නොවිකුණන බවත් දානය අවසානයේ මල් ඉතිරි වී ඇත්නම් ඒවා රැගෙන යා හැකි බවත් මල්කරු පැවසීය. කෙසේ හෝ මල් ටිකක් රැගෙන යන්නට සිතූ ඇය දානය අවසන් වන තුරු රැඳී සිටින්නට තීරණය කළාය. මහා කරුණා නිධාන වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සුමන මල් කරුගේ නිවසට වැඩම කොට දන් වළඳා අනුමෙවෙනී බණ වදාරන්නේ අසා සංධාන ගෘහපතියාගේ දියණියකව සිටි සමයේ පසේ බුදුවරයාණන් හට දන් වැළඳීමට උදව් කොට කරන ලද ප්‍රාර්ථනාව නිසා ලද ස්මෘති ඤාණයෙන් යුත් ඛුජ්ජුත්තරා , බුදු හිමි දෙසූ සියලු ධර්මයන් මතක යේ රඳවාගෙන අවබෝධ කොට ගත්තී .සෝවාන් ඵලයට පැමිණියාය. දිනපතා මල් ගෙන යාම සඳහා සාමාවතී බිසව ඇයට අට මස්සක මුදල් දුන්නද ඉන් සතර මස්සක මල් ගෙන ඉතිරි මුදල් සඟවා තබා ගන්නට වෙනදා ඇය පුරුදුව සිටියාය. එහෙත් උතුම් වූ සෝවාන් පලයෙහි පිහිටි බැවින් එදින වංචාවකින් තොරව සියලුම මුදලින් මල් ගෙන ගියාය. එදින මල් වැඩිවෙන්නට හේතුව විමසූ සාමාවතී බිසවට ඛුජ්ජුත්තරාවන් විසින් සියලු පුවත් කියන ලදින් බුදු බණ අසන්නට ඇයටද දැඩි ආශාවක් උපන්නාය. ඇය ඛුජ්ජුත්තරාව නහවා, අලුත් වස්ත්‍ර අන්දවා, ධර්මාසනයක හිඳුවා ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය අපටත් කියා දෙන්නැයි කීවාය.
කරන ලද කුසල කර්මයේ මහිමයෙන් උතුම් වූ ස්මරණ ශක්තිය ඇති ඛුජ්ජුත්තරාවෝද බුදුන් වහන්සේගෙන් උගත් ඒ ධර්මය මිහිරි ලෙස ප්‍රකාශ කළෙන් සාමාවතී ඇතුළු පන්සියයක් කාන්තාවෝ සෝවාන් පලයට පත් වූවාය. ඉන් පසු ඛුජ්ජුත්තරා මෙහෙකාරකමෙන් මුදවා මව් තනතුරෙහිලා සැළකීමට සාමාවතී බිසව කටයුතු කළාය.
මේ අතර උදේන රජුගේ අනෙක් ප්‍රධාන බිසවක වු මාගන්දියා නම් බිසව සාමාවතිය කෙරේ ඊර්ෂ්‍යාවෙන් පසු වුවාය. මාගන්දියා බුදුන් වහන්සේ කෙරෙහි ක්‍රෝධයෙන් පසු වූයෙන් , බුදුන් සරණ ගිය සාමාවතිය කෙරෙහි මහත් වූ වෛර සිතකින් පසු වූවාය. කෙසේ හෝ සාමාවතිය මැරවීමට කිහිපවරක්ම උත්සාහ කළද සාමාවතිය ගේ මෛත්‍රී සිතෙහි බල මහිමයෙන් ඒවා අසාර්ථක වූ අතර , එහෙත් අවසානයේ සිය සුළු පියාගේ මාර්ගයෙන් සාමාවතී බිසවගේ මාලිගයට ගිනි තැබීමට මාගන්දියට හැකි විය. ඒ ගින්නෙන් සාමාවතී බිසව සහ පන්සියයක් කාන්තාවෝ දැවී අළු බවට පත් වුවද කෙසේ හෝ දිවි ගලවා ගැනීමට ඛුජ්ජුත්තරා සමත් වූවාය. ඇය එසේ ගින්නෙන් දිවි බේරා ගත්තේ පෙර කරන ලද කුසල කර්මයක විපාක ලෙසිණැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මෙසේය.
එක් අබුද්ධෝත්පාද කාලයක බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු රජ කරන සමයෙකි. දිනක් රජු තම බිසෝවරුන්ද සමඟ උයන්කෙළි සඳහා උයනට පැමිණියහ. ඒ අතරේ එක් පසේ බුදුවරයෙන් එම උයනට වැඩ එහි තිබූ පිදුරු කුටියක නවාතැන් ගෙන සිටි සේක. උයන් කෙළියේ යෙදුණු බිසෝවරු පොකුණෙන් දිය නෑමෙන් පසු දැඩි සීතලයෙන් පෙළෙන්නට වූවාය. රජුගේ අග මෙහෙසිය සිය දාසියකට මෙසේ කීවාය.
මේ සීතල ඉසිලිය නොහැකියි .. අර පිදුරු කුටියට ගිනි තබාපන් . එවිට උණුසුම ලැබේවි.
ගිනි අවුලන්නට ගිය දාසිය එහි වැඩ සිටි පසේ බුදුන් වහන්සේ දැක, ආපසු විත් එහි හාමුදුරුනමක් වැඩ සිටින බවත් ඒ නිසා ගිනි තැබිය නොහැකි බවත් කීවාය..
කවුරු වුණත් ඔහෙ හිටපුදෙන් .. නුඹ ගොස් ගිනි තබාපන් .
බිසව යළිත් අණ කළ නමුත්, දාසිය ගිනි තැබීමට අකමැති වූයෙන් බිසවම ඊට ගිනි තැබුවාය. කුටිය ගිනිගන්නවා දුටු පසේ බුදුන් වහන්සේ සෘධියෙන් පිටතට පැමිණ පෙළ හර පෑවාය. තමන් ගිනි තැබුවේ පසේ බුදු කෙනෙකුන් වැඩ සිටි කුටියට බව දැනගත් බිසව සහ පිරිස සමාව ගත්තද කුටියට ගිනි තැබීමේ අකුසල කර්මය එළෙසම පැවතිණි. ඉන් බොහෝ කලකට පසු සසර මඟ ගෙවා උදේන රජුගේ අග මෙහෙසිය වී, ගින්නට හසු වි මිය ගිය සාමාවතියව උපන්නේ පසේ බුදුන් වැඩ සිටි කුටියට ගිනි තැබූ බිසවය. රජ බිසවගේ අණින්වත් කුටියට ගිනි තැබීමට අකමැති වූ කුසලයෙන් ඛුජ්ජුත්තරාව උපන් මේ භවයේදී ගින්නෙන් බේරී පලා යාමට දාසියට හැකිවිණි. එසේ පෙර කරන ලද යහපත් හා අයහපත් කර්මයන්හි විපාක විඳිමින් සසර මඟ ගෙවු ඛුජ්ජුත්තරාවෝ ගෞතම සම්බුදුරජාණන් අබියස සැදැහැවත් උපාසිකාවක් බවට පත් වී බහුශ්‍රැත උපාසිකාවන් අතර අග්‍රස්ථානය ලද්දීය. බහුශ්‍රැත උපාසිකාවන් අතර අග්‍රස්ථානය ලබන්නට තරම් පින් කළ ඛුජ්ජුත්තරුා දාසියකව උපදින්නට හේතු කවරේදැයි දම් සභා මණ්ඩපය ට රැස් වූ භික්‍ෂූන් වහන්සේලා අතර කුකුසක් ඇති වූහ. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.
මහණෙනි! මේ ඛුජ්ජුත්තරාවෝ සසර ගමනේ එක් ආත්ම භාවයක, ධනයෙන්, බලයෙන්, රූපයෙන්, උසස්ව උපන්නේ ඓශ්චර්යයෙන් මත්ව තමන් අබියසට එන සියලු දෙනාට දාස වාදයෙන් අමතන්නට පුරුදුව සිටියාය. ඒ අකුසලයෙන් ඇය මෙසේ දාසියකව උපත ලද්දීය. එසේ හෙයින් සිත, කය, වචනය හික්මවා කටයුතු කිරීමෙන් සසර ගමනේ සැනසුම් ලද හැකි වේ යැයි වදාරා ගෞතම බුදු සසුනේ බහුශ්‍රැත උපාසිකාවන් අතර අග්‍රස්ථානයට පත් ඛුජ්ජුත්තරාවන් පිළිබඳ ගෙනහර පා කතා පුවත අවසන් කළ සේක.


Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews