Recent

Showing posts with label Hot News. Show all posts
Showing posts with label Hot News. Show all posts

Thursday, September 15, 2016

දුමින්ද ඇතුළු සිරකරුවන් එල්ලා මරණ තැන වෙනස්වේ

මෑත කාලයේ වඩාත් කතාබහට ලක්වූ අධිකරණ තීන්දුව වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පුද්ගලයින් 05කට මරණ දඬුවම නියම කිරීමය. ඔවුනට මරණ දඬුවම නියම කරමින් ලබා දුන් නඩු තීන්දුවේ සටහන් වන්නේ ජනාධිපතිවරයා විසින් නියම කරනු ලබන දිනයකදී, ප්‍රාණය නිරුද්ධ වනතෙක් වැලිකඩ බන්ධනාගාරය තුළ එල්ලා තබන ලෙසය.
ඒ නඩු තීන්දුව පමණක් නොව, මරණ දඬුවම නියම කරමින් ලබාදෙන නඩු තීන්දුවල සඳහන් කරන්නේ බෝගම්බර හෝ වැලිකඩ බන්ධනාගාර තුළ ප්‍රාණය නිරුද්ධ වනතෙක් එල්ලා තැබීමටය.
කෙසේ වෙතත් බෝගම්බර බන්ධනාගාරය මේ වනවිට පල්ලේකැලේ, දුම්බර වෙත රැගෙන ගොස් අවසන්ය. වැලිකඩ බන්ධනාගාරය තව නොබෝ කලකින් බොරැල්ලෙන් හොරණට ගෙනයනු ඇත. මෙසේ බන්ධනාගාර පිහිටි තැන් වෙනස් වුවද බන්ධනාගාරයේ නම් නොවෙනස්වන නිසා ඉන් නඩු තීන්දුවට ඉස්පිල්ලකින් පාපිල්ලකින් හෝ බලපෑමක් නොවේ. නමුත් නඩු තීන්දුව ලබාදෙන විට අදාල බන්ධනාගාර පිහිටි සැබෑ තැන වෙනස්වනු ඇත.
වැලිකඩ බන්ධනාගාරය හා බන්ධනාගාර රෝහල, කාන්තාවන්ගේ වාට්ටුව, බන්ධනාගාර නිල නිවාස ඇතුළු එහි අනෙකුත් ඒකක ස්ථාපිත කිරීම සඳහා දැනට නාගරික සංවර්ධන අධිකාරියට අයත්, හොරණ පිහිටි අක්කර 28ක විශාලත්වයෙන් යුතු සොරණවත්ත ඉඩම බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත පවරා දීමට මේ වනවිට කැබිනට් අනුමැතිය ලැබී ඇත. වැලිකඩ බන්ධනාගාරය පිහිටා ඇති අක්කර 38.5ක් විශාල බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් ඉඩම නාගරික සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙත භාර දීමටත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් පසුගියදා අනුමත කරන ඇත.

Tuesday, October 20, 2015

How to Bonsai


Bonsai යනු,කලාත්මකව කුඩා භාජනයක කුඩාවට වගා කරන ලද ශාකයකි.
Bonsai ගසක තිබිය යුතු ගුණාංග ,
*ශාකය නම්‍යශීලී වියයුතුය.
*ශාකයේ පත්‍ර කුඩා විය යුතුය.
*දැඩි පුහුණුකිරීම් වලට ඔරොත්තු දියයුතුය.
*කෙටි පර්ව පිහිටීම.
*කුරු වර්ධන විලාශය.
යොදාගතහැකි උදාහරණ ශාක:
*දිවුල්
*වීර
*නිතුල්ල
*නුග
*අන්දර
*කීන
*පලු
*දං
යොදාගන්නා මාධ්‍ය:
*වියලි ගොම
*ගංගා වැලි
*අඟුරු කැබලි
*ගඩොල්/උලු කැබලි
*මතුපිට පස්
සියලු ද්‍රව්‍ය සම ප්‍රමාණයෙන් මිශ්‍ර කරගන්න.
මැටි ,ගැඹුර අඩු භාජනයක් ගෙන පතුලේ ජලවහන සිදුරු සකස් කරන්න.
ඉහත සඳහන් කල ආකාරයේ පැලයක්(30cmඋස,8cmපමණ උසින් අතු බෙදුණු )ගෙන භාජනයේ සිටුවා සිහින් කම්බි යොදා අලංකාර හැඩයකට අතු පුහුණු කිරීමට හැඩගන්වන්න.
අනවශ්‍ය අතු කපා හොඳින් ජලය දමා පැලය භාජනයේ හොඳින් වැඩීමට සලස්වන්න.
පැලයේ වර්ධනය හොඳින් සිදුවූවිට නැවත අතු කප්පාදු කර පුහුණු කරන්න.මාධ්‍ය මතුපිට අලංකාරයට පාසි යොදන්න.
වසරක් පමණ ගතවූවිට, ශාකයේ වර්ධනයට භාජනයේ මාධ්‍ය ප්‍රමාණවත් නොවුණුවිට ශාකයේ පත්‍ර කහ පැහැවේ.එවිට ශාකයේ කුරු බවට ,වර්ධන වේගය අඩුකිරීමට කිරීමට නැවත නැවත අනවශ්‍ය මුල් කප්පාදුව, අතු පුහුණු කිරීම,අනවශ්‍ය අතු කපාදැමීම සිදු කරන්න.පසුව නැවත අලුත් මාධ්‍යක් සකස්කර නැවත පැලය බඳුන්ගත කරන්න.අවසානයේ භාජනයේ මාධ්‍ය මත පාසි වැනි දෙයක් යොදා අලංකාර කරගන්න.

Friday, October 16, 2015

Tuesday, October 13, 2015

විදේශයක සිට මෙරටට පැමිණෙන ඔබට රේගුවෙන් හිමි සහන


විදේශයේ සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයකුට, නේවාසික වීසා හිමියකුට හෝ ද්විත්ව පුරවැසිභාවය හිමි මගියෙකුට, ලැබෙන සහන
විදේශයේ සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයකුට, නේවාසික වීසා හිමියකුට හෝ ද්විත්ව පුරවැසිභාවය හිමි මගියෙකුට, පහත සඳහන් මුදලට සමාන ප්‍රමාණයක් වටිනාකමකින් යුත් කැටුව ගෙන ආ භාණ්ඩ සහ තීරු බදු නිදහස් සාප්පුවලින් ගන්නා භාණ්ඩවලට වාර්ෂික තීරු බදු සහනයක් ලබාගත හැකි වේ. විදේශයක එක දිගට ගතකළ කාලය අනුව මෙම තීරුබදු නිදහස් දීමනාවේ ප්‍රමාණයක් තීරණය කරනු ලැබේ.
විදේශයක එක දිගට රැඳී සිටි කාලය
පිටරටකදී මිලදී ගත් භාණ්ඩ හෝ තීරුබදු රහිත සාප්පු වලින් මිලදී ගත් භාණ්ඩ
බාලවයස්කරුවන්ට
වැඩිහිටියන්ට
දින 90 ට අඩු
·         ඇ.ඩො. 87.5
·         ඇ.ඩො. 125
·         ඇ.ඩො. 125
·         ඇ.ඩො. 187.5
·         දින 90-365 අතර
·         ඇ.ඩො. 187.5
·         ඇ.ඩො. 500
·         ඇ.ඩො. 187.5
·         ඇ.ඩො. 625
·         දින 365 ට වැඩි
·         ඇ.ඩො. 187.5
·         ඇ.ඩො. 1000
·         ඇ.ඩො. 187.5
·         ඇ.ඩො. 1750
·         වාණිජමය ස්වරූපයෙන් ගෙන එන ලද භාණ්ඩ සඳහා තීරු බදු රහිත දීමනාව වලංගු නොවේ.
·         ඔබ තීරු බදු රහිත වෙළඳසැල් වලින් භාණ්ඩ මිලදී ගැනීමට අදහස් කරන්නේ නම්, ඔබ සතු සියළුම විදේශ මුදල් රේගුව වෙත ප්‍රකාශ කළ යුතුය.
·         ඔබ විසින් මිලදීගත් භාණ්ඩ, ජාවාරම්කරුවන්ට හෝ තැරැව්කරුවන්ට විකිණීමෙන් වලකින්න.
·         ඔබගේ විදෙස් ගමන් බලපත්‍රය භාවිතා කර භාණ්ඩ මිලදී ගැනීමට ජාවාරම්කරුවන්ට හෝ තැරැව්කරුවන්ට ඉඩ නොදෙන්න. රජය විසින් ඔබට ලබාදෙන තීරුබදු සහනය වෙනත් අයෙකුට පැවරීම වරදකි.
·         ඔබට ලැබෙන බදු සහනය ඔබ ශ්‍රී ලංකාවට ආපසු පැමිණි දිනයේ සිට අවුරුද්දක් දක්වා වලංගු වේ. වසරක් තුල ඔබ කිහිප වරක් ආපසු පැමිණ තිබේ නම්, එම වසර තුල විදෙස්ගත වී සිටි වැඩිම කාල සීමාවට අදාලව තීරු බදු සහනය ලැබේ.

මත්පැන් සඳහා සීමාවන්

ශ්‍රී ලාංකිකයින් සඳහා -
මධ්‍යසාර ලීටර 2 1/2 නොඉක්මවන ප්‍රමාණයක්
වයින් ලීටර 2 නොඉක්මවන ප්‍රමාණයක්
සුවඳ විලවුන් මිලි ලීටර් 250 නොඉක්මවන ප්‍රමාණයක්
විදේශිකයින් සඳහා -
වයින් සාමාන්‍යය ප්‍රමාණයේ බෝතල් 2ක්
ස්ප්‍රීතු ලිටර් 1 1/2ක්
මුළු වටිනාකම ඇ.ඩො. 250 නොඉක්මවන සුවඳ විලවුන් මි.ලි. 250 නොඉක්මවන ප්‍රමාණයක් සහ සමරු සිහිවටන.

ආයතනයේ තොරතුරු

·         රේගු දෙපාර්තුමේන්තුව
නො 40,
කෙලින් වීදිය,
කොළඹ 11.
·         දුරකථන:+94-11-2470945 to +94-11-2470948
·         ෆැක්ස් අංක:+94-11-2446364
·         විද්‍යුත් තැපෑල:slcdgc@slt.lk
·         වෙබ් අඩවිය: http://www.customs.gov.lk/index.html
මුලාශ්‍රය: ශ්‍රී ලංකා රේගුව

මුලාශ්‍රය වැඩබිම

Monday, October 12, 2015

තීන්දුයි.. EPF-ETF ගෙඩිය පිටින් ජාවාරම් කරුවන් අතට – මහ බැංකුව ඉවතට

සේවක අර්ථ සාධක අරමුදල EPF සහ සේවක භාරකාර අරමුදල ETF ඒකාබද්ධ කොට තනි ඒකකයක් ලෙස පුද්ගලික අංශයේ අරමුදල් කළමනාකරුවන් Private Fund Managers හරහා පාලනය කිරීමට රජය තීරණය කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය මලික් සමරවික්‍රම හා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහත්වරුන් තහවුරු කර ඇත. මෙම අරමුදල පුද්ගලික අංශයට පැවරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනුත් පසුගියදා සීමා ශ්‍රීලංකා ආයතනයේ සංවත්සරික උත්සවයක් අමතමින් ප්‍රකාශ කෙරින.
මේ සඳහා අවශ්‍ය නීති සම්පාදනය බොහෝ දුරට මෙම වසර තුල සිදුවනු ඇතැයි විශ්වාස කෙරේ.
සේවක අර්ථසාධක අරමුදල මෙතෙක් පරිපාලනය වුයේ මහ බැංකුව හරහා වන අතර සමස්ත අරමුදලෙන් සියයට 94ක්ම ආයෝජනය කර තිබුනේ රජයේ සුරැකුම් වලය. එමෙන්ම මෙම අරමුදල පරිපාලනයට මහ බැංකුව වෙත ගෙවන මෙහෙයුම් ගාස්තුවත් මුදලත් නැවතත් ප්‍රතිචක්‍රීකරණය වුයේ රජයේ ආධායම් ලෙස මහජනයාට හිමි මුදල් පද්ධතිය තුල හෙයින්  එහි ප්‍රතිලාභ මහජනයා හටම හිමි විය. පරිපාලනය පුද්ගලික අංශයට පැවරීමෙන් ප්‍රකෝටි ගණනක් වන අරමුදල මෙහෙයවීමේ ගාස්තු රජයේ අආධායමෙන් ඉවත් වී දුෂිත මුල්‍ය වෙළඳපොලේ ධනපති ජාවාරම් කරුවන් කිහිපයක මඩි තර කිරීමට දායක වන අතර රජය මෙතෙක් භුක්ති විඳි ලාභය සම්පුර්ණයෙන් අහෝසි වී යනු ඇත.
සේවකයින් සතු මෙම අරමුදල් දෙකේ සමස්ත වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ඉක්මවයි. මෙය කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත වෙළඳපොල ප්‍රාග්ධනීකරණය මෙන් අඩක් පමණ වේ. මේසා විශාල ධනස්කන්ධයක් කිසිදු පුද්ගලික අංශ ව්‍යාපාරික ආයතනයකට හැසිරවීමේ අත්දැකීම හෝ එයට අවශ්‍ය වෙළඳපොල මුල්‍ය විශ්වසනීයත්වයක් නොමැත. මෙරට මුල්‍ය වෙළඳපොල අභ්‍යන්තරික ගනුදෙනු (Insider Trading) වැනි සාපරාධි පරිචයන්ගෙන් ගහන, ශක්තිමත් හා අපක්ෂපාති නෛතික නියාමන  ක්‍රියාවලියන් ගෙන් තොර හා දේශපාලන හස්තයට යටත් එකක් වන අතර මෙමගින් සේවකයින් වසර ගණනාවක් මුළුල්ලේ කල ඉපයීම් එක රැයකින් අහිමි වීමේ අවධානමක් පවතී. මෙරට මුදල් වෙළඳපොලේ ප්‍රධාන ක්‍රියාකරුවන් රැසක්ම නමගිය දුෂිතයින් වන අතර මහ බැංකු බැඳුම්කර දුෂණ සිද්ධියත් කිසිදු වග වීමකින් තොරව යට ගැසීමට හැකි නෛතික වාතාවරණයක් පැවතීම සේවක මුදල් වල අවධානමෙ බිහිසුණු අන්තරායකාරී බව මොනවට කියා පායි.
සේවක අර්ථසාධක අරමුදල හා භාරකාර අරමුදල එකිනකට වෙනස් නිශ්චිත කාර්යයන් දෙකක් සපුරයි. සේවක අර්ථසාධක අරමුදල කිසිදු අර්බුදයකට ලක්ව නොමැති අතර ඉතා කාර්යක්ෂමව මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර රජයේ සුරැකුම යටතේ ඉතා ඉහල පොලි අනුපාතිකයක් ලබා දෙනු ලබයි. මහ බැංකුව අරමුදල කළමනාකරණය කිරීම ගැන කිසිදු ගැටලුවක් හෝ අගතියක් සේවකයින්ට සිදුව නැත.
මෙම අරමුදල් සමස්තයම සේවකයින්ගේ වන අතර ඒවා ඒකාබද්ධ කිරීම හෝ පුද්ගලික අංශයට පැවරීම පිළිබඳව කිසිදු ඉල්ලීමක් ඔවුන් ගෙන් පැන නැගී නොමැති අතර ඔවුන් ගෙන් අවම තරමේ කිසිදු කරුණු විමසීමක් වත් රජය විසින් මෙතෙක් සිදු කර නොමැත. සේවකන්ගේ අරමුදල් මෙලෙස ඔවුන්ගේ කැමැත්තට පටහැනිව ජාවාරම් කරුවන් අතට පත්වීම කිසිදු පිළිගත හැකි සදාචාරාත්මක දෘෂ්ඨියකින් සාධාරණිකරණය කල නොහැක.
මෙම රමුදල් සම්බන්දයෙන් කල යුතුව ඇත්තේ පසුගිය රජය සමයේ සිදුවූ කොටස් වෙළඳපොල ආයෝජනයන් හරහා සිදු වී දැවැන්ත අවභාවිතයින් පිළිබද පරීක්ෂණ පවත්වා වැරදි කරුවන්ට දඬුවම් පැමිණවීමයි. මෙවැනි ක්‍රියාමාර්ගයක් රජයේ දෘෂ්ඨි පථයේ නොමැති අතර පසු ගිය රජය විසින් මෙම අරමුදල් අවභාවිතා කිරීම දඩමීමා කරගෙන සමස්ත අරමුදලම පුද්ගලික ජාවාරම් කරුවන් වෙත පවරාදීම අතිශය භයානකය.
EPF-ETF අරමුදලේ මතුව ඇති තත්වය පිළිබඳව වැඩබිමට කරුණු දැක්වූ නම ප්‍රසිද්ධ කිරීමට අකමැති රජයේ ඇමති වරයකු පැවසුයේ මේ පිළිබදව කිසිදු නිල තීන්දුවක් ඇමති මණ්ඩලය ගෙන නොමැති බවත් තමුනුත් කරුණු දැනගන්නේ ජනමාධ්‍යයෙන් බවත්, නැවතත් තෝරාගත් කිහිපදෙනෙකුගෙන් සමන්විත කුස්සි කැබිනට්ටු හරහා ජාවාරම් කරුවන්ට අවශ්‍ය ආකාරයට රට හැසිරවීමක් සිදුවෙම්න් පවතින බවත් මේ පිලිබදව මෙරට ප්‍රධාන වෘත්තීය සමිති හා ජනතා විමුක්ති පෙරමුණ නිද්‍රාශීලි උදාසීන බවකින් කටයතු කිරීම මෙම අවාසනාවන්ත තත්වයට දැඩි ලෙස බල පෑ ඇති බවයි. කැබිනට් මණ්ඩලයේදී මෙය මතු වුවහොත් තමුන් මෙයට විරෝධය පලකරන බව හෙතෙම පැවසිය.

Courtesy වැඩබිම.

Saturday, October 3, 2015

Rasa Mohotha

Srilanka Rupawahini Rasa Mohotha


විදෙස් සේවකයින් වෙනුවෙන් කටාර් රාජ්යන හඳුන්වාදෙන ඉලෙක්ට්රොවනික් ගිවිසුම් ක්රයමය


කටාර් රාජ්‍ය  සිය රටේ සේවයේ නියුතු විදෙස් සේවකයින් වෙනුවෙන් නව ඉලෙක්ට්‍රොනික ගිවිසුම් ක්‍රමයක් හඳුන්වාදීමට සැරසේ. මෙම නව ක්‍රමය යටතේ සේවක ගිවිසුම්, අදාළ සේවකන්ගේ මව් භාෂා වලින්ම අන්තර්ජාලයේ පළකිරීමට නියමිතය.
මෙය ලබන වසරේ සිට ක්‍රියාත්මක වනු ඇති බවට කටාර්හි ඉහළපෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම නව ඊ-ගිවිසුම් ක්‍රමය (ඉලෙක්ට්‍රොනික් ගිවිසුම් ක්‍රමය) යටතේ, සේවකයාට සිය නම, වීසා අංකය  වැනි තොරතුරු ඇතුළත් කිරීම හරහා රජයේ වෙබ් අඩවියට පිවිස, තමන්ගේ රැකියාවට අදාළ ගිවිසුමේ තොරතුරු වෙත පිවිසිය හැකිය.
මෙහිදී සේවකයාට තමන්ගේ රැකියා ගිවිසුම ට අදාළ කරුණු සිය මව් භාෂාවෙන්ම ලබා ගත හැකිවීම ඉතා වාසිදායක වන්නේ, අතරමැදි පුද්ගලයන්ගේ මැදිහත්වීම්, වංචා, මුදල් ගරාගැනීම් වලින් විදෙස් සේවකයන් ආරක්ෂා වන බැවිනි. දැනට පවතින රැකියා ගිවිසුම් බහුතරය අරාබි භාෂාවෙන් පමණක් සකස් වී තිබීම හේතුවෙන් කටාර්හි සේවය සඳහා පැමිණෙන විදෙස් සේවකයින් බොහොමයක් විවිධ දුෂ්කරතාවයන්ට හා වංචාවන්ට හසුවී තිබේ.
APF පුවත් සේවයට අදහස් දැක්වූ හසෙන් නමැති පුද්ගලයෙකු මෙසේ පවසා තිබේ. මං කටාර් වලට එනකොට හිතුවේ මගේ පඩිය ඩොලර් 900ක් කියලා. එත් ආවට පස්සේ දැනගත්තේ එක ඩොලර 900ක් නෙවේ කටාර් රියාල් 900ක් කියල. ඒ කියන්නේ ඩොලර් 250ක් වගේ”.
කටාර් රජය පවසන්නේ, රැකියා ගිවිසුම් හරිහැටි වටහා ගැනීමට නොහැකිවීමෙන් සේවකයින් මුහුණ දෙන එවන් ගැටළු, මෙම නව ක්‍රමය හරහා තුරන්ව යනු ඇති බවයි.
මෙම නව පද්ධතිය සඳහා පෞද්ගලික සමාගම් වල ලියාපදිංචි විය යුතු අතර, එය අනිවාර්ය නොවුනත්, පෞද්ගලික සමාගම් බහුතරය මෙම නව ක්‍රමය සමඟ එක් වනු ඇති බවට රජය විශ්වාසය පළකරයි.
අනෙක් ගල්ෆ් රටවල් සේම කටාර් රාජ්‍යයද බහුලව රැඳී පවත්තින්නේ, ආසියානු ශ්‍රමිකයන් මතයි. ඉදිකිරීම්, තෙල් හා ප්‍රවාහන අංශ වල ආසියාතික සංක්‍රමණික සේවකයන් බහුතරයක් සේවය කරයි.මෙවැනි බහුතර විදෙස් සේවක සංඛ්‍යාවක් සිටියදී පවා, ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන්, මූලික කම්කරු අයිතිවාසිකම්, පිළිබඳව කටාර් රජය දක්වන මඳ අවධානය පිළිබඳව ගෝලීය මානව හිමිකම් සංවිධාන විසින් කටාර් රාජ්‍යය දැඩිව විවේචනය කරනු ලැබිය.
එයට කටාර් රාජ්‍ය විදෙස් ශ්‍රමිකයන්ට අදාළ කම්කරු නීති වල නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙනු ලැබුවද, ඒවා ක්‍රියාත්මක වීම සිදුවන්නේ ඉතා මන්දගාමී ස්වරූපයෙන් බවට දැන් ගෝලීය සංවිධාන වලින් චෝදනා එල්ලවෙමින් පවතී.
කෙසේවෙතත් කටාර්හි කම්කරු හා සමාජ කටයුතු පිලිබඳ අමාත්‍ය අලි අල් මීර් පවසන්නේ මෙම නව ක්‍රමය 2016 වර්ෂයේ මුල් කාර්තුවේ සිට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවයි.

Sours වැඩබිම.

ගමන් කාලයත් වැඩ කල කාලය සේ සැලකේ



ස්ථාවර කාර්යාලයකින් තොරව, සේවකයින් විසින් ගමනාගමනයට හා පළමු හා අවසාන පත්වීම් වලට වැය කරන කාලයද, වැඩ කරන කාලය ලෙස සැළකිය යුතු බව බවට යුරෝපීය යුක්ති අධිකරණය විසින් නියමකොට ඇත.
මීට ඉහතදී බොහෝ සේවායෝජකයින් විසින් කාලයයනු වැඩකිරීමලෙස සැළකුවේ නැත. මේ අනුව, සාත්තු සේවකයින්, ගෑස් වෑද්දුම්කරුවන්, සහ අළෙවි නියෝජිතයින් වැනි සේවකයින් සේවයේ යොදවන  බහුතරය යුරෝපා සංගමයේ වැඩ කාලයට අදාළ රෙගුලාසි උල්ලංඝනය කිරීම් තුළ සිටිය හැකිය.
බීබීසියේ වාර්තාකරුවකු වන ක්ලයිව් කෝල්මන් පවසන්නේ මේ හරහා විශාල බලපෑමක්ඇති විය හැකි බවයි. සේවකයින්ගේ පළමු හා අවසාන පත්වීම් ඔවුන්ගේ නිවාස ආසන්නයට වන පරිදි රැකියා සැලසුම් සකස් කරන්නට සේවායෝජකයින්ට සිදුවේවික්ලයිව් වැඩි දුරටත් කියාසිටී.
යුරෝපා අධිකරණය කියා සිටියේ, යුරෝපා සංගමයේ වැඩ කාල විධිවිධානයන්ට අනුව, සේවකයින්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව යන කරුණු පදනම් කරගෙන මෙම තීන්දුව ගත් බවයි. මෙම විධිවිධාන සකසා ඇත්තේ, සේවායෝජකයින් විසින් සේවකයින් සුරාකෑමට ලක් කිරීම අවම කිරීමේ අභිලාෂයෙනි. සේවකයෙකු වැඩකරන පැය ගණන, ඔවුන්ට හිමි විවේක ප්‍රමාණය හා නිවාඩු ගණනට අදාළ රෙගුලාසිද එම විධිවිධානවල ඇතුළත් වේ.
මෙහි තවත් එක් ප්‍රධාන අරමුණක් වන්නේ යුරෝපා සංගමය තුල සිටින කිසිදු සේවකයෙක් සතියකට පැය 48ක සාමානයයකට වඩා වැඩ නොකරන බව තහවුරු කිරීමයි.
ස්පාඤ්ඤයේ ටයිකෝ නම් සමාගමට අදාළව පවතින නඩුවක් හේතුවෙන් මෙම නීතිය කරළියට පැමිණියේය. 2011දී මෙම සමාගම, සිය ප්‍රාදේශීය කාර්යාලයන් වසා දැමු අතර මේ හේතුවෙන් සේවකයින්ට සිය පළමු පත්වීමට එළඹීමට පෙර විවිධ දුර ප්‍රමානයන්හි ගමනාගමනය කිරීමට සිදුවිය. අධිකරණ තීන්දුව ප්‍රකාශ කළේ, “සේවකයින් සිය ගමන නිවසේ සිට පටන් ගැනීම හා අවසන් කිරීම වැළකී ඇත්තේ, සමාගමේ ඍජු තීරණ හරහා මිස ප්‍රාදේශීය කාර්යාල වසා දැමීමට සේවකයන් තුළ වූ උවමනාවක් නිසා නොවන බවයි”.

සේවකයින්ට සිය හාම්පුතාගේ රුචි අරුචිකම් වලට අනුව සේවය කරන්නට සිදුවීම නිසා, විධිවිධාන මගින් ප්‍රකාශිත, සේවකන්ගේ  සෞඛ්‍ය හා ආරක්ෂාවට අදාළ රෙගුලාසී උල්ලංඝනය වීමට ඉඩ තිබේ. සේවකයින්ට සහතික කොට ඇති අවම විවේක වෙලාවද එයට ඇතුළත් වේ.  මේ අතර වෘත්තීය නීතිය සම්බන්ධ අධි නීතිඥවරයෙකු වන කැස්පර් ගයිල් මෙම තීරණය ලක්ෂ සංඛ්‍යාත සේවකයින්ට බලපානු ඇති බවයි
Sours  වැඩබිම

Friday, October 2, 2015

සිලිකන් ජෙල් පැකට් වලින් ගතහැකි අපූරු ප්රියෝජන

ඔබ  සපත්තු බෑග් වැනිදේ මිලදී ගත් විටදී තිබුන ජෙලිබෝල සහිත පැකට්ටු මතකද? ඔබ ඒවා මෙතෙක් කල් විසි කලාද? ඒවායින් තවත් ගතහැකිව තිබුන වාසි පිලිබද ඔබ නොදන්නවාද? මෙම ලිපිය කියවීමෙන් පසුව ඔබ විසිකිරීමට පෙර දෙවරක් හිතා බලනු ඇති. ඇත්තටම මේ ජෙලි බෝල පැකට් හරිම ප්‍රයෝජනවත්. මේ ලිපියෙන් ප්‍රයෝජනවත්වන අවස්ථා 10 ක් පිලිබද සදහන් කරනවා.


1.
තෙමුනු ජංගම දුරකථන වියලා ගැනීමට

ජංගම දුරකථනය ජලයෙන් තෙමුනා නම් එහි බැටරිය, මෙමරි කාඩය ඉවත්කර සිලිකා ජෙල් පැකට් කීපයක් ඇති භාජනයක රැයක් තබන්න. උදෑසන වන විට සියළුම ජලවාෂ්ප උරාගෙන ජංගම දුරකථනය වියලිව තිබේවි.

2 . රැවුල කපන රේසර් තල ජීව කාලය දිගු කිරීම

රේසර් කියන්නේ භාවිතා කිරීමේදී නිතරම ජලයෙන් සෝදනු ලබන්නක්. මේ නිසාවෙන් තලය ඉක්මනට මල කන්න පුළුවන්. නමුත් මේ සිලිකා ජෙල් සහිත පැකට් කීපයක් ඔබේ රේසර් දැමූ පෙට්ටියට ජෙලි පැකට් කීපයක් දැමීම මගින් ජල වාෂ්ප උරාගෙන තලය මල කෑමෙන් වලක්වා ගෙන කැපුම් හැකියාව කල් පවත්වා ගන්න පුළුවන්.

3. මීදුම බැදුනු වාහන විදුරු

වාහනයේ ඩෑෂ් බෝඩ් එක මත සිලිකා පැකට් කීපයක් තැබීමෙන් විදුරුවෙහි මීදුම් බැදීම අවම කර ගන්න පුළුවන්.

4. ඔබේ ඇදුම් බෑග වියලිව තබන්න.

ඔබේ ඇදුම් බෑගය වියලිව තබන්නට එයට ජෙල් පැකට් කීපයක් දමන්න

5. කැමරාවේ විදුරු වල මීදුම බැදීම වලක්වන්නට

කැමරාවක විදුරුවෙහි ජල වාශ්ප බැදීම නිසාවෙන් පැහැදිලි පින්තූර ගැනීමට නොහැකි කරනවා. කැමරා බෑගයට පැකට් කීපයක් දැමීමෙන් මෙය නැතිකර ගන්න පුළුවන්.

6. පින්තූර ආරක්ෂා කිරීමට

බොහොමයක් පින්තූර කල්යන විටදී විනාශ වනවා. ජල වාශ්ප නිසාවෙන් බොහොමයක් ඡායාරූප විනාශ වේ. සිලිකා ජෙල් පැකට් කීපයක් දැමීම මගින් ජලවාෂ්ප නැතිකර ඡායාරූප කල් පැවතීම වැඩිකර ගන්න පුළුවන්.

7. ඖෂධ, කුලුබඩු සත්ව ආහාර වියලිව තැබීමට

පෙලි පැකට් කීපයක් රෙදි කඩක ඔතා ස්පර්ෂ නොවන විදියට තියන්න.
                                         
8. පැරණි පොත්වන පුස් ගද නැති කිරීමට

පුස්ගද එන පොත් බෑගයකට දමා එයට සිලිකා පැකට් කීපයක් දමා පැය විසි හතරක් තැබීමෙන් පුස් ගද පැරණි ගද නැතිකර ගන්න පුළුවන්.

9. ඉක්මනින් මල බැදෙන දේ ආරක්ෂා කිරීමට

ඉක්මනින් මල බැදෙන පිහි වැනි දේ ආරක්ෂා කිරීමට පෙට්ටියකට දමා සිලිකා පෑකට් කීපයක් තබන්න. මල කෑමෙන් ආරක්ෂා වන අතර දිගුකල් පවතී.


10. රිදි ආභරණ අවපැහැ ගැන්වීම වැල්ක්වීමට

රිදී ආභරණ කාලයක් යන විට ඉක්මනින් අවපැහැ ගැන්නෙවා. නමුත් ඔබේ රිදි ආභරණ තබන පෙට්ටියට සිලිකා පැකට් කීපයක් දැමීමෙන් මෙය සම්පූර්ණයෙන් මෙන් නැතිකර ගත හැකියි.

Wednesday, September 30, 2015

Upcoming Sri Lanka Vs West Indies Cricket Match Schedule

Upcoming Sri Lanka Vs West Indies Cricket Match Schedule. West Indies tour of Sri Lanka match time table.


කම්කරු නීති වෙනස් කරයි


සේව්‍ය සේවක සම්බන්ධතාවයට අදාළ කම්කරු නීති රැසක් සංශෝධනය සඳහා රජය සැරසෙමින් සිටි. මේපිළිබඳව කටයුතතු කිරිම සඳහා සේව්‍ය නියෝජිතයින් හා තෝරාගත් වෘත්තීය සමිති කිහිපයක  නායකයින් කිහිප දෙනෙකු වැඩකරන පන්තිය වෙනුවෙනුත්, මෙම ක්‍රියාවලියට සහය සැලසීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිසුරු වරයෙක් හා වරියක් පත්කෙරේ.
මෙම කම්කරු නීති සංශෝධන ක්‍රියාවලියේදී කාර්මික ආරවුල් පනත ඇතුළු පනත් කිහිපයකට බරපතල වෙනස්කම් සිදුවනු ඇති බව සමිති  නියෝජිතයෝ ප්‍රකාශ කරති. හාම්පුතුන් විසින් සේවකයින් දඩමීමා කල නොහැකි පරිදි අපගේ නීති පද්ධතිය තුල ලෙස ඉතා ශක්තිමත්ව ස්ථාපිත කොට ඇති සියලු ප්‍රගතිශීලි ප්‍රතිපාදනයන් ප්‍රාග්ධනයේ අවශ්‍යතාවයට අනුරූපව විසන්දී කිරීමට නියමිත බව වැඩබිම හා අදහස් දැක්වූ සමිති ක්‍රියාකාරිකයෝ කිහිප දෙනෙකු පැවසුහ. කාලයක පටන් සේවා යෝජකයින් විසින් මෙම ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කල අතර  මේවා සඳහා ප්‍රමුඛත්වය හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම සියලු කම්කරු නීති ප්‍රතිසංස්කරණයන් මේ සඳහා පත් කර ඇති කමිටුවතුල රහසක් ලෙස පවතින අතර ඒ පිළිබද කිසිදු විනිවිද පෙනෙන කතිකාවතක්, කෙටුම්පත් හෝ යෝජනා පිලිබඳ සාකච්චාවක් වෘත්තීය සමිති තුල හෝ පොදු වැඩ කරන පන්ති සමාජය තුල සිදු කිරීමේ අවකාශය හිමි වී නැත.
මෙම කම්කරු නීති සංශෝධනයේ කම්කරු විරෝධී ප්‍රතිපාදනයන්ට එරහිව මහජන විරෝධයකට ඉඩ අහුරනු වස් මෙම කම්කරු නීති සංශෝධනයත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මෙන් රහසිගත හා අභිරහස් ස්වරුපයක් ගනු ඇතැයි කම්කරු ක්‍රියාකාරිකයෝ පවසති.

Source වැඩබිම

Tuesday, September 29, 2015

අවම වැටුප් සැකසෙන්නේ කෙසේද?



ඔබ හෝටලය තුළ කරනු ලබන කාර්යය අනුව ඔබට හිමි ශ්‍රේණිය ලැබී තිබේද යන්න සොයා බලන්න.
මෙම පඩි පාලක සභා පනත යටතේම ඔබ හෝටලයක සේවය කිරීමේදී ඔබට හිමි විය යුතු අවම වැටුප් ප‍්‍රමණය කවරේද යන්න ගැනද සඳහන් වේ. මෙම අවම වැටුප් ප‍්‍රමාණය රටේ පවතින ජීවන වියදම් වැඩි කරන අවස්ථාවන්හිදී සාකච්ඡුා කර වැඩි කරනු ලබනවා ඇත. එසේ වැඩි කිරීමේදී රජය විසින් හෝටල් ශ්‍රේණියේ වැඩ කරන සේවකයින් හට ලැබිය යුතු අවම වැටුප් ප‍්‍රමාණය ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කරනු ලැබේ.
මේ අනුව දැනට හෝටල් සේවයෙහි සේවය කරනු ල මේ අනුව දැනට හෝටල් සේවයෙහි සේවය කරනු ලබන්නා වූ සේවකයින් හට අවම වශයෙන් රු. 9600/- වැටුපක් හා ඊට අමතර වශයෙන් රු. 1000/- අයවැය සහන දීමනාවක් ලැබිය යුතුය. ඒ අනුව පහලම ශ්‍රේණියේ සිටින සේවකයෙකු හට දැනට ලැබිය යුතු අවම වැටුප වනුයේ රු.10,600/- කි. මෙම අවම වැටුපට සේවා ගාස්තු මුදල අදාල නොවන බැව් තරයේ මතක තබා ගන්න. ඔබට අඩු වැටුපක් ලබා දී එයට සේවා ගාස්තුව වශයෙන් මුදලක් එකතු කර අවම වැටුපට වඩා මුදලක් ඔබට ලැබෙන බව පෙන්වා දීමට පාලක පක්ෂය උත්සාහ ගන්නා අවස්ථාවන් තිබෙන්නට පුළුවන. එය වැරදි බැව් පෙන්වා දීය යුතුය. ඔබට වැටුප වශයෙන් පමණක් රු. 10,600/- කට වඩා මේ වන විට ලැබිය යුතුය. එක් එක් ශ්‍රේණියට අනුව මෙම අවම වැටුප රජය විසින් වැඩි කර ඇති අයුරු පහත සඳහන් වගුවෙන් පෙන්වා දී ඇත. ඒ අනුව ඔබට හිමි කාර්යය අනුව ඔබට හිමි ශ්‍රේණිය කවරේද යන්නත් එම ශ්‍රේණියට අනුව ඔබට හිමි අවම වැටුප කවරේද යන්නත් ගැන දැන ගැනීමට හැකි වේ. පහත සඳහන් වගුවේ සඳහන් වන අවම වැටුපට අමතර වශයෙන් රු. 1000/- අයවැය සහන දීමනාව හිම විය යුතුය.

හෝටල් සහ භෝජන සැපයීමේ කර්මාන්තයෙහි නියුක්ත පහත දැක්වෙන පන්ති වලට අදාළ සේවකයින්ට කාල මිම්මේ වැඩ වෙනුවෙන් අදාළ වන අවම මාසික වේතන ප‍්‍රමාණය පහත වගුවේ දැක්වෙන පරිදි විය යුතුය.


වැඩ කරන මාසයක් සඳහා වූ අවම වේතන ප‍්‍රමාණය

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews