Recent

Tuesday, September 20, 2016

ලෝකයේ රසම කූල් මයිලෝ එක පියවර 4කින් හදාගන්නෙ මෙහෙමයි

තිබහ වෙලාවකට කූල් මයිලෝ එකක් කියන්නෙ දිව පිනා යන පානයක්. හැබැයි කඩෙන් ගන්න මයිලෝ පැකට් එක උගුරු දෙකටත් මදි නේද? හදාගමුද තිබහට රසවත් අයිස් මයිලො එකක්? දවසක් හැදුවොත් ආයෙ ආයෙ හදල බොන්න හිතෙන රසක් තියෙන මේ අයිස් මයිලෝ එක හරියටම හදාගන්නෙ මෙහෙමයි.
අවශ්‍ය ද්‍රව්‍ය (මිලිලීටර් 300ක වීදුරුවක් සඳහා)
§  මයිලෝ තේ හැඳි 3-5 (චොක්ලට් රසට ගොඩක් කැමති අය 5ක් දාන්න)
§  කිරි පිටි මේස හැඳි 3
§  සීනි තේ හැන්දක්
§  අයිස් කැට
§  උණු වතුර 100 ml
§  කූල් වතුර 100 ml
§  අයිස් කැට
§  උඩින් ඉසීමට වෙනම මයිලෝ මේස හැඳි 2ක්


1.     මයිලෝ, කිරිපිටි සහ සීනි වීදුරුවකට දාල හොඳින් එකට මිශ්‍ර කරගන්න.
2.     ඒකට උණුවතුර එක් කර කැටි නොහිටින ලෙස හොඳින් දිය කරගන්න.
3.     කූල් වතුර එක් කර මිශ්‍ර කර වීදුරුව පිරෙන තුරු අයිස් කැට පුරවන්න.
4.     එයට උඩින් මයිලෝ කුඩු එක් කර රස බලන්න.

එච්චරයි! රස නහර පිනා යන රසයක් සහතිකයි.
 මෙහෙම හදාගන්න කූල් මයිලෝ එකේ රසය තවත් වැඩි කරන්න වගේම වෙනස් රසයකට කැමති අයට මෙන්න මේ පුංචි පුංචි දේවල් කරල බලන්නත් පුළුවන්.
1.     චොකලට් පව්ඩර් තේ හැන්දක් හෝ චොකලට් සිරප් මේස හැන්දක් එක් කරල බලන්න. වඩා වැඩි චොකලට් රසයක් ගෙනදේවි.
මේ මයිලෝ ප්‍රමාණයටම කිරි පිටි සහ සීනි නොදා ඒ වෙනුවට උණු වතුර පොඩ්ඩකින් මයිලෝ ටික දියකරන් මිල්ක්මේඩ් මේස හැඳි 1 1/2ක් එකතු කරන්න. ඒකට ෆුල් ක්‍රීම් ෆ්‍රෙශ් මිල්ක් දාන්න වීදුරුව පිරෙනකම්. හදලම බලන්නකො රස.

න්‍යුටෙලා වලට කවුද අකමැති. මේ රෙසපියටම න්‍යුටෙලා මේස හැන්දක් එකතු කරල බලන්න. හැබැයි න්‍යුටෙලා එකතු කරනවනම් දාන සීනි ප්‍රමාණෙ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙයි.

කූල් මයිලෝ එකට වැනිලා අයිස් ක්‍රීම් ස්කූප් දෙකක් දාගෙන ඒකට උඩින් තව මයිලෝ කුඩු ටිකක් දා ගත්ත නම් රස්නෙ දවසක කූල් වෙන්න කියාපු බීමක්.


වෙනස්ම රසයකට නෙස්කැෆේ වගේ ක්ශ්ණික කෝපි කුඩු තේ හැන්දක් එකතු කරල බලන්නත් පුළුවන්. චොකලට් සහ කෝපි කියන්නෙ කොහොමත් එකට ගැලපෙන දේවල්නෙ.

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews