Devotec Fuel Charger.
Showing posts with label Tab And Phones. Show all posts
Showing posts with label Tab And Phones. Show all posts
Sunday, October 18, 2015
Saturday, October 17, 2015
Friday, October 16, 2015
Friday, August 14, 2015
Thursday, April 23, 2015
SAMSUNG ORIGINAL KOREAN දුරකතනයක් හඳුනාගන්නේ කෙසේද
ශ්‍රි ලංකාවේ ටික දෙනෙක් නම් මේ ගැන දන්නවා. එත් ගොඩක් අයට Samsung Korean version දුරකතන ගැන පැහැදිලි අවබෝධයක් නැහැ. ඒ අය හිතන්නේ කියන්නේ Korean version, International version එකේ copy (replica) එකක් කියල. සමහර අය Korean version එකට Anycall කියලත් කියනවා.
දැන් අපි බලමු මොනවද මේ Korean version කියලා.
මුලින්ම කියන්න ඕනේ Original Samsung වල version කීපයක් තියෙනවා. Model No. එකෙන් හඳුනා ගන්න පුලුවන්, දුරකතනය අයිති වෙන්නේ මොන version එකකටද කියලා.
International version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක්, GT-iXXXX
Korean version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක් SHW-MXXX/ SHV-EXXX
US/Canada version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක් SGH-iXXX
Japan version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක් SC-XXX
මේ හැම එකක්ම original Samsung . ඒත් අපේ රටේ ගොඩක් අය හිතන් ඉන්නේ international version විතරයි Original කියලා.
South Korean වල Network provider company 3 ක් තියෙනවා. (හරියට අපේ රටේ Dialog Telekom, Mobitel, Airtel, Hutch, Etisalat වගේ). ඒ company තුනෙන්ම තමයි ජංගම දුරකතන දෙන්නෙත්. මොනවද ඒ company?
SK Telecom
Korean Telecom
LG U+ Corporation
SK Telecom company එකෙන් තමයි Anycall (ශ්‍රි ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධයි) දුරකතන නිකුත් කරන්නේ
Korean Telecom compnay එකෙන් තමයි Olleh දුරකතන නිකුත් කරන්නේ
LG U+ company එකෙන් තමයි LG U+ දුරකතන නිකුත් කරන්නේ
බොහොමයක් Korean version දුරකතන boot වෙනකොට මේ කියන Anycall, Olleh, LG U+ logo එක display වෙනව.
Anycall
Olleh
LG U+
සමහර දුරකතන වල back cover එකෙත් මේ logo එක තියෙනවා (උදා: Samsung Galaxy S2)
එහෙම නැත්නම් Model No. එකෙනුත් දුරකතනය අයිති මොන වර්ගයටද කියලා හඳුනාගන්න පුලුවන්. Model no. අගට S තියෙන්නේ Anycall , K තියෙන්නේ Olleh , L තියෙන්නේ LG U+ .
Korean version දුරකතන වල model no. වෙන්නේ SHW, SHV කියලා එන ඒවා පමණයි. 3G තියෙන ඒවා SHW වලිනුත්, 4G Lte තියෙන ඒවා SHV වලිනුත් තමයි එන්නේ.
උදාහරණ
S >>> SHW-M110S
S2 >>> SHW-M250S, SHW-M250K
S2 Lte >>> SHV-E110S, SHV-E110K, SHV-E110L
S2 HD Lte >>> SHV-E120S, SHV-E120K, SHV-E120L
S3 >>> SHW-M440S, SHW-M440K
S3 Lte >>> SHV-E210S, SHV-E210K, SHV-E210L
S4 Lte >>> SHV-E300S, SHV-E300K, SHV-E300L
S4 Lte-A >>> SHV-E330S
Note Lte >>> SHV-E160S, SHV-E160K, SHV-E160L
Note2 Lte >>> SHV-E250S, SHV-E250K, SHV-E250L
ඉතාම වැදගත්:
SHW හෝ SHV වලින් Model no. පටන් ගන්නේ නැතිනම් එක original korean version එකක් නෙවෙයි.
Original Korean දුරකතනවල Ariel එකක් තියෙනවා. Ariel එක Original Korean එකක් හඳුනාගන්න තියෙන හොඳම ක්‍රමයක්.
Original Korean දුරකතනවල බැටරි එක අයින් කලාම housing එකේ අලවලා තියෙන sticker එක Korean භාෂාවෙන් තියෙන්නේ. අපිට කියවා ගන්න පුලුවන් ඉලක්කම් විතරයි.
Korean version එක හදන්නේ ඒ රටේ අයට පාවිච්චි කරන්න. අපේ රටේ තේ බොන විදියට නෙවෙයි කොරියානුවෝ phone හදන්නේ. ඒ කිව්වේ අපේ රටේ ලෝකෙන්ම හොඳම තේ (Ceylon Tea) නිෂ්පාදනය කලාට අපි බොන්නේ කසල තේ (Dust). එත් කොරියානුවෝ එහෙම නැහැ. ඒ අයගේ රටේ අයට පාවිච්චි කරන්න ඒ අය හොඳම තත්වයේ phones තමයි හදන්නේ.
අපේ රටේ තියෙන international version දුරකතන හදන්නේ China හෝ Vietnam වල. Chinese නිෂ්පාදන ගැන ඉතින් අපේ අයට අමුතුවෙන කියන්න ඔනේ නැහැනේ.
ප්‍රවේසම් වෙන්න
අද ලංකාවේ S4 එකයි, Note3 එකයි brand-new කියලා 15,000-20,000 විකුණන්න ඕන තරම් ads දාලා තියෙනවා ikman.lk එකෙයි, Facebook groups වලයි. අපේ අයත් ඕන තරම් දැකල ඇතිනේ. ඒවා විකුණන්නේ "Made by Samsung by Korea" හෝ "Made by Samsung by Vietnam" කියලා. ඒත් මේ එකක්වත් හදන්නේ Korean වලවත්, Vietnam වලවත් නෙවෙයි, China වල. මේවා Original දුරකතන නෙවෙයි බාල Copy (Replica). මේවා හඳුනාගන්න විදියYOUTUBE එකේ Video වල තියෙනවා ඕන තරම්. Searchකරලා බලන්න.
ඒ ads වල Korean version කියලා තිබුනට එකේ Model No. එක දිලා තියෙන්නේ international version එකේ model no. eka එක. උදාහරණයක් විදියට S4 එක ගනිමු. Korean version එකේ Model No. එක SHV-E300S/K/L මිසක් GT-i9500 නෙවෙයි.
වැදගත්ම කාරණාව තමයි Second hand Galaxy S එකකුත් 13,000 -15,000 වෙනවා නම්, Second hand Galaxy S2 එකකුත් 22,000 -24,000 වෙනවා නම් එම මිලටම Original Brand-New S4, Note3 දෙන්න පුලුවන්ද කියන එක? මම නම් හිතන්නේ 15,000- 20,000 වියදම් කරලා බාල copy එකක් ගන්නවට වඩා අතේ තියෙන මුදලට එකක් original phone ගන්න එක හොඳයි කියලා.
ඉස්සුවේ - Aruna Namal
Friday, January 2, 2015
ලෝකයටම නොමිලේ SMS යවමු. Free SMS system
ලෝකයටම නොමිලේ SMS
යවමු. [ Tested 100% work ]
අපේ කොල්ලෝ , කෙල්ලොන්ටනම් ඉතිං Free
SmS කියලා ඇහෙන පමාව විතරයිනේ. මැරෙන්ඩ වුනත් ලෑස්තිවෙයි. ඉතිං මමත් ඔය ඔය නෙට්
කියන එකේ කරක් ගහනකොට හම්බු වුන පට්ට සයිට් එකක් ගැන තමයි ඔයාලට මේ කියලා දෙන්ඩ
යන්නේ. මේක ගැනනම් ඉතිං අයි කාරණා 2කෝ් නෑ මැසේජ් එකයනවා මයි.
වැඩි දෙයක් කරන්ඩ නෑ.. ඔය මම පහළින් දීලා තියෙන බටන් එක ක්ලික් කරලා, අදාලා සයිට් එකට ගිහින් නම්බර් එකයි, මැසේජ් එකයි, Verification Code එකයි ගහලා Send ඔබන්ඩ තමා තියෙනවා....
http://www.afreesms.com/intl/sri-lanka
Supported Mobile Operator & Carrier to Sri Lanka
වැඩි දෙයක් කරන්ඩ නෑ.. ඔය මම පහළින් දීලා තියෙන බටන් එක ක්ලික් කරලා, අදාලා සයිට් එකට ගිහින් නම්බර් එකයි, මැසේජ් එකයි, Verification Code එකයි ගහලා Send ඔබන්ඩ තමා තියෙනවා....
http://www.afreesms.com/intl/sri-lanka
Supported Mobile Operator & Carrier to Sri Lanka
·
Free sms to Airtel
·
Free sms to Dialog (Axiata)
·
Free sms to Etisalat (Celtel Tigo)
·
Free sms to Hutch
·
Free sms to Mobitel (Sri Lanka Telecom)
Wednesday, October 8, 2014
ඔබගේ ජංගම දුරකතනයේ ආයු කාලය වැඩි කරගනිමු.
ඔබගේ
ජංගම දුරකතනයේ ආයු කාලය වැඩි කරගනිමු.
අද කාලේ ෆොන් එකක් නැත්තේ කාටද? නොකියා කියයි.සැම්සුන් කියයි.අයි ෆෝන් කියයි.සෝනි කියයි.නැත්තම් චයිනිස් එකක් කියයි.මොන ෆෝන් එක තිබුණත් අපි ඇස් දෙකවගේ බලා ගන්න මේ
ෆෝන් එකේ දිගු කාලීන පැවත්මට අප විසින් කලයුතු දෑ අද සාකච්චා කෙරේ.
පිළිවෙලින් මේ ගැන කතා කරමු.
01.
හැකි සෑමවිටම
ජංගම දුරකථනය ඝට්ටන වලින් ආරක්ෂා කරගන්න.
ජංගම දුරකථන වලට සිදුවන
හානි වලින් 85%ක් ම පමණ මෙම ඝට්ටන මගින්
සිදුවන ඒවාය.මෙම නිසා පෑස්සුම් බුරුල් වීම, ඩිස්ප්ලේ
ආදී සංවේදී උපකරණ වලට හානි සිදුවීම,පාස්සා
නොමැති එකට යාවීම මගින් සම්බන්ද වන උපකරණ ස්ථානගත වීම් වෙනස් වීම,ඇතැම් සියුම් පරිපථ කොටස් කැඩී යාම පවා සිදුවිය හැකිය.
02.හැකි සෑම
විටම ජංගම දුකථනය ජලයෙන් ආරක්ෂා කරගන්න.
මෙහි ජලය යන්නෙන් අදහස්
කරනුයේ ජංගම දුරකතනය වතුරට වැටීම නොව ජල වාෂ්ප, ජල
බිඳිති , ආදියයි.මේවා මගින් ඔබට
නොදැනෙන්න ජංගම දුරකතනයට හානි සිදුවේ.ඇතුලත සියුම් කොටස් මලකෑම, දියසෙවෙල් බැඳීම පවා සිදුවේ. මට හමුවී ඇති බොහෝ ජංගම
දුරකථන මේ ආකාරයේ දියසෙවෙල් බැඳීම් වලට ලක්වී තිබී ඇත.
කොහොම හරි වතුරට ෆෝන් එක වැටුනොත් එහෙම වහාම ෆෝන් එකේ බැට්‍රිය ගලවලා හාල් මුට්ටියක සතියක් පමන වියලෙන්න ඉඩ හරින්න.
කොහොම හරි වතුරට ෆෝන් එක වැටුනොත් එහෙම වහාම ෆෝන් එකේ බැට්‍රිය ගලවලා හාල් මුට්ටියක සතියක් පමන වියලෙන්න ඉඩ හරින්න.
03.
ජංගම දුරකථනය
සාක්කුවේ හෝ වෙනත් බෑගයක පොකට්ටුවක හෝ දමනවා නම්
එය කාසි , යතුරු , යතුරු කටු ආදී ලෝහ උපකරණ
සමග දැමීමෙන් වලකින්න.බොහෝවිට සිරීම් ඇතිවේ.
04. ප්ලාස්ටික් රබර් හෝ මේ ආදී ඕනෑම කවරයක්
භාවිතා කරනවානම්
මසකට වරක්වත් එය ගලවා පිරිසිදු කරන්න.මන්දයත් දුවිලි අංශු සහ සියුම් වැලි කැට මගින් එය සිරීම් වලට ලක්විය හැකිය.
මසකට වරක්වත් එය ගලවා පිරිසිදු කරන්න.මන්දයත් දුවිලි අංශු සහ සියුම් වැලි කැට මගින් එය සිරීම් වලට ලක්විය හැකිය.
05.
මාස 8 කට වරක් වත්
ජංගම දුරකථන අලුත් වැඩියා සැලකට දී ජංගම දුරකථනය සර්විස් කරගන්න.
මේ සමගම ඔබට අලුත් වැඩියා කරගත යුතු යමක් තිබේ නම් එයද ඔවුනට පවසන්න.මෙලෙස සර්විස් කලයුතු කාලසීමාව ඔබගේ පාවිච්චිය අනුව තීරණය වේ.තවද මෙමගින් ජංගම දුරකතනයේ ඔබට පිරිසිදු කල නොහැකි ස්ථාන පිරිසිදු කරගත හැකිය.
06. හැකි සෑම විටම ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර චාර්ජ් කරන්න.
ගොඩක් දෙනා මේකනම් කරන්නේ නැහැ.ඔන් කරගෙනම තමයි චාර්ජ් කරන්නේ මේක බැට්රි එකට හොඳ නැහැ.අනවශ්‍ය විදියට බැට්රි එක රත් වෙන්න බලනවා.අනිත් එක තමයි ඔන් කරලා චාර්ජ් කරනවට වැඩිය සැලකියයුතු වෙලාවක් බැට්රි එක ඕෆ් කරලා චාර්ජ් කරහම පාවිච්චි කරන්න පුළුවන්.ඔන් කරලා චාර්ජ් කරනකොට ඒ ආරෝපණය වෙන ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ෆෝන් එකේ වෙන වෙන වැඩ වලට වැය වෙනවා නමුත් ඕෆ් කරහම එහෙම නෑ.එක බැට්රි එකේ ආයුකාලයටත් හොඳයි.
07. Brightness,Contrast හැකි තරම් අඩුව ඔබට පැහැදිලිව තිරය පෙනෙන තරමට තබාගන්න.
මේ සමගම ඔබට අලුත් වැඩියා කරගත යුතු යමක් තිබේ නම් එයද ඔවුනට පවසන්න.මෙලෙස සර්විස් කලයුතු කාලසීමාව ඔබගේ පාවිච්චිය අනුව තීරණය වේ.තවද මෙමගින් ජංගම දුරකතනයේ ඔබට පිරිසිදු කල නොහැකි ස්ථාන පිරිසිදු කරගත හැකිය.
06. හැකි සෑම විටම ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර චාර්ජ් කරන්න.
ගොඩක් දෙනා මේකනම් කරන්නේ නැහැ.ඔන් කරගෙනම තමයි චාර්ජ් කරන්නේ මේක බැට්රි එකට හොඳ නැහැ.අනවශ්‍ය විදියට බැට්රි එක රත් වෙන්න බලනවා.අනිත් එක තමයි ඔන් කරලා චාර්ජ් කරනවට වැඩිය සැලකියයුතු වෙලාවක් බැට්රි එක ඕෆ් කරලා චාර්ජ් කරහම පාවිච්චි කරන්න පුළුවන්.ඔන් කරලා චාර්ජ් කරනකොට ඒ ආරෝපණය වෙන ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ෆෝන් එකේ වෙන වෙන වැඩ වලට වැය වෙනවා නමුත් ඕෆ් කරහම එහෙම නෑ.එක බැට්රි එකේ ආයුකාලයටත් හොඳයි.
07. Brightness,Contrast හැකි තරම් අඩුව ඔබට පැහැදිලිව තිරය පෙනෙන තරමට තබාගන්න.
මේක හින්දත් ඔයාලගේ ෆෝන් වල
බැට්රි බහිනවා ගොඩක් ඉක්මනට.ඒ හින්ද මේ දෙක පුළුවන් තරම් අඩු මට්ටමක තියාගන්න.නමුත් දවල් කාලයට
අව්ව තියෙන වෙලාවට වගේ තිරය පැහැදිලිව දකින්න නම් මේ දෙක ටිකක් වැඩි මට්ටමක
තියෙන්න ඕන.ඒ නිසා පුළුවන් වෙලාවට මේක ඇජස්ට් කරගන්න.මහා අමාරු වැඩක් නෙමේ නේ.රෑට
නම අඩුම කරලා තියාගත්තත් කමක් නැහැ.අවුලක් නැතුව පේනවා.
08. චාර්ජ් කිරීමට ජංගම දුරකථනය සම්පුර්නයෙන්ම ක්‍රියා විරහිත වන තුරු ඉන්න එපා.
ගොඩක් දෙනා කරන්නේ ෆෝන් එක බැට්රි ලෝ කියල වැටිලා වැටිලා අන්තිමට ෆෝන් එක ඕෆ් වෙනකන්ම පාවිච්චි කරන එක.මේකත් එච්චර හොඳ දෙයක් නෙමේ.පුළුවන් හැම වෙලාවකම දෙපාරක් විතරවත් බැට්රි ලෝ කියල වැටුනට පස්සේ ෆෝන් එක ඕෆ් කරලා චාර්ජ් කරන්න.
09.ඇතුලතින් ක්‍රියාත්මක වන වැඩසටහන් ප්‍රමාණය හැකි තරම් අඩු කලයුතුය.
ජාවා වලින් රන් වෙන ෆෝන් වලට නම මේ ගැටලුව ඒ තරම් බලපාන්නේ නැහැ. නමුත් Symbian ,Android , IOS වගේ ෆෝන් වලටනම් මේක බලපානවා. ගොඩක් දෙනා Android ෆෝන් වල බැට්රි බහිනවා කියල කෑගහන්නේ මේක නිසා තමයි.මේ ෆෝන් එකක Running ඇප් ලිස්ට් එකට ගියහම ගොඩක් වෙලාවට ඇප් 10 ක් 15 ක් රන් වෙනවා මේ ගොඩක් ඒවා සමහර වෙලාවට OS එකෙන්ම රන් කරන ඒවා. නමුත් මේ එකක් දෙකක් වත වැඩක් නැති ඒවා බලල ක්ලෝස් කරන්න පුළුවන් නම් බැට්රි ඉතුරු කරගන්න පුළුවන් වෙයිසැලකිය යුතු ප්‍රමාණයක්.
ඔන්න
එහෙනම් ඔයාලගේ වටින කියන අදහසුත් දාන්න
අමතක නොකරන්න.
අමතක නොකරන්න.
Subscribe to:
Posts (Atom)
Entertaiment News
All Posts
Body Building
(3)
Bollywood
(9)
Celebrity
(8)
Computer Science
(40)
E Money
(9)
Education
(72)
Electronics
(2)
Health
(72)
Hot Gossips
(42)
Hot News
(83)
Mahamegha
(20)
Making Android Apps Lesson - 1
(1)
News
(5)
Origami
(10)
Science
(9)
Sports
(9)
Tab And Phones
(17)
Technology
(28)
U.F.O
(6)
Video
(2)
Web Site Making
(8)
!!-->








