Recent

Wednesday, July 31, 2013

Free Energy නිවසට නොමිලේ විදුලිය ගනිමු..



නිවසට නොමිලේ විදුලිය ගනිමු..1

ලංකාවේ පමණක් නොව ලෝකයේ අද බලශක්ති අර්බුධයක් මතුව ඇත.ප්රධාන වශයෙන්ම ඉන්ධන හිග වෙත්ම මෙම අර්බුධය මතුවන බව විද්යාක්ඤයන් අනාවැකි පලකර තිබුනේ මෑතකදී නොවේ..අද ශ්රී ලංකාව මුහුණ පා ඇති විදුලි අර්බුදයට ඝෟජුවම බල පා ඇත්තේ
ඉන්දනවල මිල ඉහළ යාමයි.අන්තිමේදී එය අහින්සක ජනතාව මත පැටවෙන්නේ නිතැනිනි.විදුලි මිල ඉහළයාමෙන් බලවත් අපහසුතාවයට පත්ව සිටින ශ්රී ලාංකික ජනතාවට තමන්ටම නිවසේදී විදුලිය නොමිලේ නිපදවා ගත හැකි ක්රම රාශියක් ඇත.ඒවා එකින් එක ඔබට පහදා දෙමින් තමන්ට සරිලන විදුලිය නිපදවීමේ ක්රමය තෝරා ගන්න අයුරු මෙතැන සිට මම ඔබට නොමිලේ කියාදෙමි.පහත දැක්වෙන්නේ ලංකාව තුල නොමිලේ විදුලි බලය ලබා ගත හැකි ක්රමය.
1.
සුර්ය ශක්තිය.
2.
සුළං බලය.
3.
ජල විදුලිය.
4.
සමුද් විදුලි බලය.
5.
ජීව වායු මගින්.
        
එම ක්රම අතරින් වඩාත් ප්රචලිතව ඇත්තේ සුර්ය විදුලි බලයයි.එහෙත් මුලිකව දරන්නට වන වියදම වැඩිවීම නිසා බොහෝදෙනා එයට යොමුවීමට මැලි වෙති.එහෙත් දැන් ඔබට කිව යුත්තේ සුර්ය විදුලි බල සැපයුමක් ස්ථාපිත කර ගැනීමට විශාල මුදලක් වැය නොවන බවය.එය ඔබට දරන්නට හැකි මට්ටමකි.නිවසක ඝාවිතය සඳහා සුර්ය පැනලය සහිතව රුපියල් පහළොස් දහසකට පමණ  සවිකර ගත හැකිය.හෙටදින අඩවිය මෙම වියදම තවත් අඩුකරමින් නව ක්රමයකට සුර්ය බල ශක්තිය ලබා දීමට දැන් පරීක්ෂණ කරමින් සිටී.නුදුරු දිනයකදීම එහි ප්රතිඵල ඔබට ඉදිරිපත් කරමි.
සුර්ය බල කට්ටලයක් මගින් නිවසකට විදුලි බලය ලබා ගතහොත් දැනට මසකට වැයවන විදුලි ප්රමාණයෙන් හතරෙන් තුනකට වඩා අඩුකර ගත හැක.එනම් විදුලිබල ඉතිරිය 75% වඩා වැඩිය. කියන්නේ දැන් ඔබට මසකට විදුලි බිල රුපියල් 100 ක් එන්නේ නම් ඔබට සුර්ය ශක්තිය ඒකාබද්ධ කලවිට ලැබෙන්නේ රුපියල් 25 කටත් අඩු විදුලි බිලකි.
  • සුර්ය ශක්තිය මගින් විදුලිය ජනනයේදී ලැබෙන වාසි.
1.විදුලිය නොමිලේ ලැබේ.
2.
සුර්ය පැනලයක් වසර 20 කට වඩා භාවිතා කල හැක.
3.
විදුලිය ඇනහිටීමක් නැත.
4.
පරිසර දුෂණයක් නැත.
5.
විදුලිසැර වැදීම වැනි අනතුරුදායක නැත.
6.
නඩත්තුව පහසුය.
7.
වසර පුරාම ආලෝකය ලැබෙන බැවින් ආලෝකය පිළිබඳව ගැටලුවක් නැත.
8.
අතිමහත් දනස් කන්දයක් රටට ඉතිරි කරයි.
තමන් විසින්ම අඩු වියදමකින් සුර්ය වාහිනී පද්ධතියක් තම නිවසේ සවිකරගන්න අයුරු මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
  • සුර්ය පැනලයක් වැඩකරන හැටි.
    පහත රූපය බලන්න.
  එහි සුර්ය වාහිනියේ තට්ටු තුනක් දක්නට ලැබෙයි.එහි හිරු එලිය වැටෙන පැත්තේ ඇත්තේ n වර්ගයේ සිලිකන් අර්ධ සන්නායකයකි.මෙම සිලිකන් වල විශේෂත්වය වන්නේ ආලෝකය වැටුන විට එහි පරමාණු වටා ඇති ඉලෙක්ට්රෝන සකොබනය වී නිදසස් වීමයි.එනම් මෙහි n නමැති සිලිකන් තට්ටුවට ආලෝකය වැටුන විට එහි ඉලෙක්ට්රෝන මුක්තවේ.එවිට එම කොටසේ ඉලෙක්ට්රෝන පීඩනය වැඩිවන බැවින් එය භාහිර පරිපථය හරහා p වර්ගයේ යටින් ඇති සිලිකන් තට්ටුවට ගැලීමට පෙළබේ.එසේ වන්නේ p වර්ගයේ සිලිකන් තට්ටුවේ ඉලෙක්ට්රෝන කුහර ඇති වන නිසාය.මෙය ප්රකාශ විද්යුත් ආචරණය කියා හදුන් වනු ලැබේ

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews