Recent

Friday, July 26, 2013

King Rawana



රාවණා යනු මීට වසර 4500කට පමණ පෙර එනම්, ක්රි.පු. 2554 සිට ක්රි.පු. 2517 දක්වා ශ්රී ලංකාව පාලනය කළඓතිහාසික අගරජවරයෙකි. පුරාණ හින්දු වීර කාව්යයක් වනරාමායනයහි ඔහු ප්රධාන දුෂ්ඨ චරිතය ලෙස අර්ථ දක්වා තිබේ. ශුද්ධ වූ පුරාණ ග්රන්ථයන්ට අනුව රාවණ චරිතය විස්තර කර ඇත්තේ සෘණාත්මක ආකාරයකිනි. රාවණ රජුගේ සොහොයුරිය වන සුපනඛාගේ නාසය කපා දැමීමට පළිගැනීමක් වශයෙන් රාවණා විසින් රාම රජුගේ බිරිඳ වන සීතා දේවිය ඉතාමත් දුෂ්ඨ ලෙස පැහැරගෙන ගියේය යන තර්කය මත පදනම් කරුණු දැක්වීමෙනි. මේ දුෂ්වර්ණනය කෙසේ වෙතත් මෙම ඓතිහාසික සංසිද්ධිය වෙනත් අර්ථ විවරණයන්ට මග පාදයි.


මේ ග්රන්ථයන්ට අනුව රාවණා විස්තර වන්නේ ශිවගේ භක්තිවන්ත ශ්රාවකයෙක්, මහා ප්රාඥයෙක්, දක්ෂ පාලකයෙක් හා සුප්රසිද්ධ වීණා වාදකයෙක් වශයෙනි. හිස් දහයක් ඇත්තෙක් (දසිස් , දශ ශීර්ෂ) ලෙස සමහර ස්ථාන වලදී රාවණා රජ වර්ණනා කර ඇත්තේ සිව් වේදය හා ෂඩ් උපනිෂද් ධර්මයන්ට අදාළ විශිෂ්ඨ දැනුමක් සහිතව මහා ප්රාඥයන් දස දෙනෙකු තරම් බලවත් ඥාන සම්භාරයක් අත් කරගෙන සිටි නිසා යැයි පැවසේ. -නමුත් සමහරක් පුරාණ කලා නිර්මාණ වල රාවණා සැබවින්ම හිස් දහයක් හා අත් විස්සක් සහිත අද්භූත ආකාරයකින් ඇඳ දක්වා තිබේ. - විකල්ප මතධාරීන්ගේ අදහස් දැක්වීමට අනුව රාවණා යනු පංචේන්ද්රියන්ට ඊට අදාළ හැඟීම් නැති, වෙනත් බලවේගයන් මගින් පාලනය වූ කෙනෙකි. ඔවුනට අනුව රාමා ඊට ප්රතිවිරුද්ධ ලෙස තම අඟපසඟ හා හැඟීම් තමා රිසිසේ හසුරුවා ගත හැකි අයෙකි. ‘අථර්ව වේදනම් පුරාණ හින්දු ග්රන්ථයේදශාග්ව’ (දස-හිස්) හානවාග්ව’ (නව-හිස්) ලෙස සඳහන් වී තිබෙනු දක්නට ලැබේ. මේ පූර්ව ග්රන්ථයන්ගේ ආභාෂයෙන් රාමායනයේ චරිත තුලට මේ දස-හිස් වර්ණනය පැමිණෙන්නට ඇතැයි සැලකේ.
රාවණා යනු විශිෂ්ඨ ග්රන්ථ සම්පාදකවරයෙකි. නක්ෂත්රය හා ජ්යෝතිෂයට අදාල බලගතු ග්රන්ථයක් වනරාවණ සංහිතානම් කෘතිය රාවණ රජු විසින් සම්පාදනය කරන ලද්දකි. එමෙන්ම ආයුර්වේදය හා රාජ් පාලනය සම්බන්ධව පරිපූර්ණ දැනුමක් ඔහු සතු විය. -ායුර්වේදයට අදාලව වෛද් ග්රන්ථයන් ඔහු විසින් සම්පාදනය කර ඇතැයි සැලකේ.- මහා බ්රහ්මයා විසින් ලබාදුන් දිව්යමය වරයකට අනුව අමරණීය බව ලබා ගත හැකි පානයක් ඔහු සතුව තිබුණු බව පැවසෙන අතර එය ඔහුගේ නාභියට යටින් රඳවා තබා ඇත.

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews