Recent

Wednesday, August 14, 2013

ඩෙංගු උණ රෝගය



ඩෙංගු උණ රෝගය වසංගතයක් ලෙස අපට බැට දෙන්නට පටන් ගත්තේ ගෙවී ගිය දශකයේ පටන් . වතු සුද්ද කිරීමේ පටන් බී. ටීඅයි. බැක්ටීරියාව විදේශයන්ගෙන් ගෙන්වා ඩෙංගු මදුරුවන්ට එරෙහිව භාවිත කිරීම දක්වා පුළුල් පරාසයක් තුළ පැතිර ගිය ඩෙංගු මර්දන ව්යාපෘතීන් රියාත්මක වුව ඩෙංගු මරණ සංඛ්යාව එන්න එන්න වැඩිවූවා මිස අඩුවක් නම් වූයේ නැත. නිසා නිවැසියෙකු ඩෙංගු ආසාදිතයෙකු වූයේ නම් මළගමක් වූ තරමේ කම්පනයක් අනෙකුන් තුළ ඉබේ  ජනිත වියමේ විපතට වග කිව යුතු යැයි කියා රටවැසියන් පාලන තන්තරයටත්, පාලකයන් රටවැසියන්ටත් ඇඟිලි දිගු කරගනිමින් සිටිනා පසුබිමක, පසු ගිය දිනෙක වාර්තා වූයේ මාරාන්තික ඩෙංගු රෝගය සුව කළ හැකි හෙළ ඔසුවක් සොයා ගන්නට ශී ලාංකේය දියණියක් සමත් වූ බවයි. ඇය ආයුර්වේද වෛද්යාචාරිනී තරංගා කුමාරි විකරමසූරිය මෙනවියයිරටක් ගිලන් කළ රෝගයකින් පීඩා විඳින සුවහසක් ගිලනුන් සුවපත් කරවන්නට සාර්ථක රතිකාර රමවේදයක් සොයාගත් ජීවක පරපුරේ දිරිය දියණියට මහාමේඝ උත්තමාචාරය පුදකරමින් අපි ඇය සමඟ කළ සාකච්ඡාව මෙසේ ඔබ හමුවේ තබන්නෙමු.
වෛද්යතුමියනි, අපි පළමුවෙන් ඔබ ගැන විස්තර දැන ගන්න කැමතියි?
මගේ ගම අම්බලන්ගොඩ, අලූත්වෙල. පහ වසරට එනකල් අලූත්වෙල මහාවිද්යාලයේ ඉගෙන ගත්තා. පස්සේ ගාල්ල සංඝමිත්තා විද්යාලයට ඇතුළු වුණා. මේ වසරේ මම ශී ලංකා ආයුර්වේද වෛද් විද්යාලයේ මගේ
උපාධිය සම්පූර්ණ කළා.
වෛද්යතුමියනි, ඔබ මේ රෝගය ගැන  පර්යේෂණ සිදු කරන්නට හේතු වුණ කාරණා ගැන සඳහන් කළොත්?

මම සර්වාංග රෝග වෛද්යවරියක්මගේ අම්මගේ පැත්තෙන් පාරම්පරිකව සර්වාංග රෝගවලට රතිකාර කරනවා. වගේ තාත්තාගේ පැත්තෙන් පාරම්පරිකව සර්ප විෂට වෙදකම් කරනවා. දේශීය වෛද්යකරමයේ දී මදුරුවාගේ දෂ්ට කිරීම විෂක් ලෙස තමයි සලකන්නේ. මං පුංචි කාලේ ඉඳල විෂ වෙදකම සහ සර්වාංග වෙදකම ගැන අහලා, දැකලා අත්දැකීම් තිබුණා. දෙපැත්තෙන් තිබුණ දැනුම යොදා ගෙන තමයි මම ඩෙංගු රෝගයට මේ රතිකාරය අත්හදා බැලූවේමේ ඖෂධ නිෂ්පාදනය සඳහා සම්පූර්ණයෙන් යොදා ගන්නේ දේශීය ශාක වර්ගවල කොටස්. ඉතා සාර්ථකව මේ රතිකාරය ඩෙංගු සුව කිරීම පිණිස යොදා ගන්න පුළුවන් වුණා.
වෛද්යතුමියනි, මෙයින් ලද සාර්ථකත්වය ගැනත් අපි සටහනක් තැබුවොත්..?

මං මේ ඖෂධය භාවිත කර රතිකාර කරන්නට පටන් ගෙන දැනට අවුරුදු දෙකක් පමණ වෙනවා. ඉගෙන ගන්න කාලයේ නම් රෝගීන් සියයක්, දෙසීයක් වගේ රමාණයකට පමණයි රතිකාර කරන්නට ලැබුණේ. මගේ
උපාධිය සම්පූර්ණ කළාට පසුවයි මාධ් හරහා මේ පිළිබඳ දැනුවත් කිරීම් සිදු කළේදැනට රෝගීන් හාරසියපණහකට පමණ රතිකාරකර තිබෙනවා. ඔවුන් සුවපත් වෙලා අදටත් මට කථා කරනවා.
වෛද්යතුමියනි, ඔබතුමිය විසින් රතිකාර කරණු ලබන අනෙකුත් රෝග මොනවා ?

විශේෂයෙන් ස්නායු ආබාධවලට රතිකාර කරණු ලබනවා. වගේ දණහිස් තුළ ශ්ලේෂ්මල තරලය (Synovial Fluid)  අඩු වීම නිසා ඇති වන ආබාධයන්ට රතිකර්ම ලෙස තරලය යළි නිෂ්පාදනය කරවීමට දේශීය ඖෂධ භාවිතය සිදු කරනවා. උපතින්  ස්නායු ආබාධවලට ගොදුරු වූ (Cerebral palsy) දරුවන්ටත් රතිකාර සිදු කරනවා.
වෛද්යතුමියනි, මාරාන්තික ඩෙංගු රෝගය සුවපත් කරවීම උදෙසා ඔබ සොයා ගත් ඖෂධය භාවිතයට අවසර පතරය ලැබුණා. පිළිබඳ සහ රතිකාර සිදු කරන ආකාරය ගැන සඳහන් කළොත්?
ඔව්, සඳහා ආයුර්වේද සූත කමිටුවේ අනුමැතිය ලැබුණා. මේ ඖෂධයේ නිෂ්පාදනාගාර අයිතියත් සමඟ මට හිමි වුණා. දැනට නම් මගේ නිවසින් පමණයි මෙය ලබා ගන්න පුළුවන්කම තිබෙන්නේ. රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට නේවාසික පහසුකම් සලසා දෙන්න පුළුවන්කමක් තවම නැහැ. නිසා රතිකාර ලබා දී ඔවුන් පිටත් කරන්නට සිදු වෙනවා.
වෛද්යතුමියනි, මේ රතිකාර රමවේදයේ සාර්ථකත්වය උදෙසා සමාජීය පාර්ශ්වයෙන් ඉටු විය යුත්තේ කවර කාර්ය භාරයක් ?
ඇත්තට මේ රෝගයේ අවසන් අදියරට එළඹෙන්න පෙරාතුව, රෝගයේ පළමු අවස්ථාවන්වල දී රතිකාර කරන්නට පුළුවන් නම් එය රෝගියාගේ පැත්තෙන් ලොකු වාසියක්. එය ඔවුන්ට පහසුවක්. මේ රෝගයේ අවසන් අදියර ඖෂධ භාවිතයෙන් සුවපත් කරන්න පුළුවන්කමක් නෑ. නිසා රෝගය හඳුනාගත් වහා රතිකාර සඳහා රෝගියාව රැගෙන ඒම තමයි කළ යුත්තේ. එලෙස කටයුතු කරන්න කියා සමාජය දැනුවත් කිරීමක් වගේ අයුරට රියා කිරීමක් සමාජයෙන් සිදු වෙනවා නම් අපිට මේ සොයා ගැනීම අති සාර්ථක ආකාරයට භාවිත කරන්න පුළුවන්. එයයි සමාජයෙන් වෙන්න ඕන දේ.
ඔබතුමිය විසින් සිදු කරණු ලබන අනෙකුත් පර්යේෂණ ගැනත් අපි දැන ගන්න කැමතියි.
ඩෙංගු ඇති වන්නේ වෛරසයකින්වෛරස්වලට බෙහෙත් නෑ කියන එකයි සාමාන් පිළිගැනීම. මේ සොයා ගැනීම වෛරස්වලට හොඳ උත්තරයක්. නිසා ඉදිරියේදීත් වෛරස් නිසා ඇති වෙන රෝගවලට රතිකාර විධි සොයා ගැනීම සඳහා පර්යේෂණ සිදු කරන්න මං බලාපොරොත්තු වෙනවා. ලියුකේමියා වැනි රෝග පිළිබඳවත් පර්යේෂණ සිදු කෙරෙනවා.
වෛද් තරංගා කුමාරි විකරමසූරිය මෙනවිය විසින් සිදු කළ මේ මහානීය සොයා ගැනීම, හිස ඔසවන්නට නො දී පැතිර යන ඩෙංගු රෝගය ගැන බය සංකා උරුමකොට ගත් ශී ලාංකිකයන්ගේ නො මඳ සැනසීම පිණිස හේතු වන බව නිසැක . මෙවන් සුජාත  දූ පුතුන් ලබන්නට ලක්මව සැබැවින්  පින්බර දුර්ලභව ලද මනුසත් බව නිරෝගී කොට සුවපත් කරවන්නට ඇය තැබූ මේ පියවර හෙළ ඉතිහාසයේ මහා සන්ධිස්ථානයක් වනු ඇත. ගිලන් ලොවට පිළිසරණක් වෙමින් ඇය සිදු කළ මේ මෙහෙවර ඇයගේ ජීවිතය කරා ගලා එන පුණ් ගංගාවක් සකසා අවසාන සත්වගට දුකට වෙදාණන් වූ සම්බුදු සමිඳුන්ගේ සම්බුද්ධ රාජ්යය ජීවමාන මේ යුගයේ, ලොවක් සුවපත් කරමින් සිදු කරනා මේ උත්තම පුණ් මෙහෙවර, මේ වෙදැදුරුතුමියට මතු යම් දිනෙක සසර දුකින් මිදී සදහට සුවපත් වීම පිණිස  උපකාර වේවා!
වෛද්යතුමිය හා සම්බන්ධ විය හැකි දුරකථන අංක :
0917 914202
ගමන් මාර්ගය :
ගාල්ල, කුමාරකන්ද හරහා අලූත්වෙල හෝ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම අන්තර් හුවමාරුවෙන් පිට වීඅලූත් බටපොළ හරහා අලූත්වෙල
සංවාද සටහන
හර්ෂ හේවාවසම්

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews