Recent

Monday, August 5, 2013

ඇසළ පුර පසළොස්වක පොහොය






පසළොස්වක පුන් පොහොය දිනය අප තථාගත බුදුපියාණන් වහන්සේගේ චරිතයට අදාළ සුවිශේෂි සිද්ධි හා බැඳී පවතී. දුරුතු, නවම්, මැදින්, බක්, වෙසක්, පොසොන්, ඇසළ, නිකිණි, බිනර, වප්, ඉල්, උඳුවප් යන පොහොය දොළස ආශිරත කිසියම් වැදගත් සිද්ධි රාශියක් බුදුන්වහන්සේගේ ජීවන තොරතුරු සමඟ බැඳී ඇත. මෙම පොහොය දොළස අතුරින් දක්නට ලැබෙන්නේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය මුල්කොට ගෙන .
සකල ලෝ වැස්සන්ගේ හිතසුව පිණිස වසර හතළිස් පහක් පුරා පැවැති බුදුරදුන්ගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ ඇසළ පුර පසළොස්වක පෝය දිනයකදී . එදා ඉන්දීය සමාජය විවිධ ආගම් හා දර්ශන දෙසැටකින් යුක්ත විය. සිදුහත් කුමරුන් විමුක්තිය සොයා ගිය ගමනේ දී අත්තකිලමථානු යෝගය හා කාමසුඛල්ලිකානු යෝගය යන අන්ත දෙකෙහි ගැලී සිටීමට සිදුවිය. එහෙත් සසරෙන් එගොඩවීමේ ආර්ය මාර්ගය ඉන් පසක් කරගන්නට නොහැකි විය. ඉන් අනතුරුව බෝමුල දී අවබෝධ කරගත් ධර්මය සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි නමැති මැදුම් පිළිවෙත දේශනා කරන ලද්දේ අද වැනි දිනකය. මේ මඟින් හේතු ඵල වාදය මුල්කොට මධ්යම ප්රතිපදාව ඇතුළත් උතුම් බෞද්ධ දර්ශනය දම්සක් පැවතුම් සුතුර ලෙසින් දෙසා, වදාළ නිසා උතුම් බුදුදහම ලොව පහළ වන දිනය ලෙස මෙය හැඳින්වේ. එකී උත්තරීතර දම්සක් පැවතුම් සුතුර, දෙසා වදාළේ කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජී යන පස්වග මහනුන්ටය. ධම්මචක්ක පවත්න සූත්රයෙහි ඇතුළත් ගාථා දහ අට මගින් දුකත්, දුකට හේතුවත්, නිවනත්, එය ලබන පිළිවෙතත් යන සත් සතර ලොවට දේශනා කළ සේක.
බොසතාණන් වහන්සේ පස්මහ බැලුම් බලා දඹදිව කපිලවස්තුපුරයේ සුද්ධෝන රජුගේ බිසව් මහාමායා දේවියගේ කුසයේ පිළිසිඳ ගැන්ම සිදුවූයේ ඇසළ පුර පසළොස්වක පොහෝ දින දී .
එකුත් තිස්වියේ දී, සතර පෙර නිමිති, (ලෙඩක්, මහල්ලෙක්, මළමිනියක් හා ශ්රමණ රුවක්) දැකීමෙන් මෙලොවේ අස්ථිර භාවය ගැන අවබෝධ කරගත් සිදුහත් කුමරුන්, ගිහිගෙය අතහැර, යශෝදරා දේවිය , රාහුල පුතු මාලිගාවේ තනිකොට, සසරෙන් මිදීම සඳහා සත්යය ගවේෂණය කොට නිවන් මග හෙළි කරගන්නට රජගෙදරටආයුබෝවන්කියමින්මහා අභිනිෂ්ක්රමණයකරන ලද්දේ ඇසළ පුන් පෝය දිනයකදී . රාහුල කුමරුන්ගේ උපත සිදුවුනේ මේ දිනයේදීම .
ඇතැම් අයගේ දක්නට ලැබුණු පුහු මාන්නය බිඳ දැමීම උදෙසා ගෞතම බුදුන් වහන්සේ විස්මිත යමාමහ පෙළහර දැක්වූහ. ගණ්ඩම්බ රුක්ඛ මූලයේ දී තිර්ථකයන්ගේ මානය බිඳ දැමීම සඳහා, අහසට වැඩ තම සිරුරින් රැස්විහිදුවමින් හා ජලය විහිදුවමින් යමාමහ පෙළහර පෑම සිදුකරන ලද්දේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනයකදී .
සත්වන වස් සමය ගත කරන්නට තව්තිසා, දිව් ලෝකයට වැඩම කළ බුදුන්වහන්සේ, මාතෘ දිව් රාජයා ප්රධාන දෙවියන්ට විජම් බණ වදාළේත් ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී .
සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසුව, මහා කාශ්යප මහරහතන් වහන්සේ ප්රධාන පන්සියයක් මහ රහතුන් වහන්සේලා එක්ව, අජාසත් රජ සමයේ දී ප්රථම ධර්ම සංගායනාව පවත්වන ලද්දේ , ඇසළ පුන් පොහොය දිනයකදී .
බුද්ධ වර්ෂ 236 දී මිහිඳු මහ රහතන් වහන්සේ ප්රධාන සංඝරත්නය විසින් ප්රථමඛණ්ඩ සීමාවසම්මත කරන ලද්දේත්, අරිෂ්ඨ කුමරු ප්රධාන පිරිස මහණ උපසම්පදාව ලබාගන්නේත් ඇසළ පුර පසළොස්වක දිනයකදී .
මිස්සක පව්ව ඇසුරෙන් තවත් වැදගත් සිද්ධි දෙකක් ඇසළ පුර පසළොස්වක දිනවලදී සිදුවිය. මිහින්තලේ කණ්ඨක චෛත්යය වටාඅටසැට ලෙන රහතන් වහන්සේලාට පූජාකිරීමත්, ශ්රී ලංකාවේ දී භික්ෂූන් වහන්සේ ප්රථම වරට වස්වැසීමත්, ඇසළ පෝය දිනෙක සිදුවුණු බව සඳහන් .
සිරිලක එක්සේසත් කළ දුටුගැමුණු මහ රජතුමා විසින් තනවන ලද ස්වර්ණමාලි මහා චෛත්යයට මුල්ගල තබන ලද්දේ ඇසළ පුන් පොහෝ දිනයකදී . , බුද්ධ වර්ෂ 382 දී . තවද, උතුරු සළ නැකතින් රුවන්වැලි මහා සෑ රදුන්ගේ ධාතු නිධානය සිදුකරන ලද්දේ ඇසළ පුර පසළොස්වක පෝය දිනකදී .
ශ්රී ලංකාවේ 55 වන රජතුමා වූ කිත්සිරිමෙවන් රජු බුද්ධ වර්ෂ 845 දී නැතහොත් ක්රිස්තු වර්ෂ 361 දී අභිෂේක ලැබීය. මහා වංශය පවසන අන්දමට රජු දවස නව වන වස එක්තරා, බැමිණියක් තොමෝ බුදුරජහු දළදාව කළිගුරටින් මෙහි ගෙන්වා එළු දළදා වස කී පරිද්දෙන් රජතෙමේ ගෙන බහුමානයෙන් උදම් පුදකොට හුදු පිළිමිණින් කළ කරඬුවක බහා දෙවපෑතිස් රජු විසින් රාජාරාමයෙහි කරවන ලද දම්සක් නම් ගෙයි වැඩුයේයි. එතැන් පටන් ගෙය දාඨධාතුඝර නොහොත්, දළදා මැදුර නම් වී ඉක්බිති සම්පූර්ණ සිත් ඇති රජතෙමේ නව ලක්ෂයක් ධන විසඳා දළදා පෙළහර කළේ . අද සිරිලක පවත්වන මහා සංස්කෘතික සංදර්ශනය වන මහනුවර ඇසළ පෙරහරේ ආරම්භය සිදුවූයේ ඇසළ පුන් පොහෝ දිනයක දී .
කළිඟු රට සිට හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් දන්ත ධාතූන් වහන්සේ සිරිලකට ගෙන බව පැවසේ. දළදා පෙරහර, විශේෂයෙන්ම ශ්රී ලාංකිකයන්ගේ අභිමානය ලොවට කියා පාන්නකි. නාථ, ස්කන්ධ, කුමාර පත්තිනි ආදි දෙවියන් උදෙසා පුද පූජා පවත්වා, දේව වරප්රසාද ලබාගෙන, ශ්රී සමෘද්ධිය අයත් කරගන්නට අතීතයේ පටන් මහනුවරට අමතරව කෝට්ටේ ශ්රී ජයවර්ධනපුර, අලුත් නුවර, නවගමුව, රත්නපුරය, දෙවුන්දර හා කතරගම ආදී ස්ථානවල වාර්ෂික ඇසළ පෙරහර අදත් පැවැත්වේ.
ලක්දිවට උපසම්පදාව ගෙන ඒම, ශ්රී ලංකාවේ 186 වැනි රජු වූ කීර්ති ශ්රී රාජසිංහ රජ සමයේ දී සිදු විය. බුද්ධ වර්ෂ 2290 දී . සියම් රට, අයෝධ් පුරයේ ධාර්මික නම් රජතුමාගේ යුගයේ දී, මල්වත්තේ පුෂ්පාරාමයට සියමෙන් වැඩම කළ උපාලි, අරිය, මුනි යන මහතෙරුන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය වැඩමකොට, බුද්ධ වර්ෂ දෙදහස් දෙසිය අනුහය වැන්නෙහි ඇසළ පුර පසළොස්වක පෝය දිනයේ දී සිරිලක සාමණේර හිමිවරුහට උපසම්පදාව ලබා දුන්සේක.

ප්රේමසර ඈපාසිංහ
තොරතුරු සපයාගත්තේ බුත්සරණ අන්තර්ජාල කලාපයෙනි 



ලොව_පළමු_අකුණු_සන්නායකය_ශ්රී_ලංකාවෙන් -



ලෝකේ පළවෙනි අකුණු සන්නායකය නිපදවෙලා තියෙන්නේ ශ්රී ලංකාවෙන් කියලා ඇහුවෙත් අදමයි නේද?? සිංහල අපි නොදන්න සිද්දිය ගැන සුද්දෝ නම් දන්නවා. අය සඟරා වල " ලෝකේ පළවෙනි අකුණු සන්නායකය ශ්රී ලංකාවෙන්" කියලා දාද්දී අපේ අය " ඒක එහෙමද" කියලා විතරයි දන්නේ.ඉතින් ලංකාවේ අය තමන්ගේ ජාතිය ගැන දන්න තරම අපිට හිතාගන්න පුළුවන්.
හරි, ඔයාලා කවුරුත් දන්නවනේ අකුණු සන්නායක ගැන.සමහර පොත් වල තියෙන්නේ අකුණු සන්නායක වලින් සිද්ද වෙන්නේ ඒවාට අකුණු ඇද ගැනීම කියලා. ඒක සම්පූර්ණෙන්ම වැරදි කතාවක්.මොකද අකුණු සන්නායකින් වෙන්නේ ආරෝපිත වළාකුළු අනාරෝපිත කිරීමයි. උදාහරණයක් විදියට ධන ආරෝපිත වළාකුලක් අකුණු සන්නායකයක් ගාව තියෙනවා කියලා හිතමු, එතකොට වෙන්නේ රින ආරෝපිත ඉලෙක්ට්රෝන පොළොවේ සිට සන්නායකය දිගේ ඇවිත් එම වළාකුලට විද්යුත් සුලඟක් යවා අනාරෝපනය කිරීමයි.නැති නම් ධන ආරෝපනම එවා එම අකුණු වළාකුල විකර්ශනය කර දැමීමයි.
ඉතින් මේ දේ ඉස්සෙල්ලාම ප්රායෝගිකව යොදාගෙන තියෙන්නේ පැරණි ලාංකික රජවරු. දාගැබ් හදද්දී.
ඔයාලා දැකලා ඇති හැම දාගැබකම වගේ තියෙන්නේ තඹ වලින් හදපු කොතක්. මේ කොතේ ඉඳලා පහලට තඹ පටියක් පොලවට සම්බන්ධ වෙනවා.මම දළ සටහනක් ඇන්ඳා වඩාත් පැහැදිලි වෙන්න.
අකුණ දිහාවට ඇඳලා තියෙන තල අර විද්යුත් සුලඟ.ඉතින් මේ කොත තනිකරම අකුණු සන්නායකයක් බව ඔයාලට හිතා ගන්න පුලුවන් නේද? විස්මිත කරුණ වන්නේ වන්ඳනා කරුවන්ට වන්ඳනා කරන්න හදලා තියෙන කොටස සම්පූර්නයෙන්ම අකුණු වලින් ආරක්ෂිතයි. අර්ධ ගෝලය තුල කොටස පූර්ණ ආරක්ෂිතයි කියලා හොයාගත්තේ කොච්චර කාලෙකට පස්සේද?? වුනාට අපේ රජවරු තාක්ෂනේ කාලෙත් යොදන් තියෙනවා.අපිට ගැන ආඩම්බර වෙන්න පුලුවන්.

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews