Recent

Wednesday, November 27, 2013

Hormonal Influences on Human Behavior



Hormonal Influences on Human Behavior

තාක්ෂණය, විද්යාව ලොව දිනෙන් දිනම දියුණු වුවද මිනිස් සිරුරේ ක්රියාකාරීත්වය එක්තැන්කර නිපැයූ නිර්මාණයක් ලොව කිසිවෙකුටත් තවමත් සොයා ගැනීමට නොහැකි වූවා. මේ නිසාම එහි විස්මිත බව පිළිබඳ අමුතුවෙන් වර්ණනා කිරීමට අවශ් වන්නේ නැහැ. වගේම කායික වශයෙන් පමණක් නොව මානසික වශයෙන් එහි පවත්නා අන්යෝන් ක්රියාකාරිත්වය අදහා ගැනීමටවත් නොහැකියි. කෙසේ වෙතත් මානසික රෝග ලිපිය යටතේ එහි විවිධ මානයන් ඔස්සේ විමසා බැලූ අපට මෙවර ලිපිය තරමක් නැවුම් වූ ආකාරයට ගෙන ඒමට සිතුණා. මේ එම උත්සාහයට ව්යවහාරික මනෝ විද්යාඥ ආචාර්ය නිමල් ලියනගේ අපට සහය දැක්වූ ආකාරයයි. අනුව මෙවර අපි විමසා බලන්නේ විවිධ මානසික තත්ත්ව සඳහා හෝර්මෝනවලින් ඇතිවන බලපෑමත්, හෝර්මෝනවල බලපෑමෙන් ඇතිවන විවිධ මානසික තත්ත්ව මොනවාද යන්නත් පිළිබඳවය.
මිනිස් සිරුරක හෝර්මෝන ක්රියාකාරිත්වය
මිනිස් සිරුරක අන්තරාසර්ග පද්ධතිය හෙවත් නිර්නාල ග්රන්ථි පද්ධතිය මඟින් මෙම හෝර්මෝන (Hormones) නිපදවනු ලබයි.
එය ඉතාමත් වැදගත් රසායනික සංයෝගයක් වන අතර සිරුරේ විවිධ ග්රන්ථි මඟින් නිපදවන මේවා සිරුර පුරා විවිධාකාර අවශ්යතා සඳහා ගමන් කරන්නේ රුධිරය මඟිනි. මෙමඟින් අපගේ සිරුරේ ක්රියාකාරීත්වය වේගවත් කිරීමට මෙන්ම අඩපණ කර දැමීමට හැකි වේ.
මෙහි ක්රියාකාරීත්වය මනෝවිද්යාවට අදාළ වන්නේ කෙසේද?
මනෝ විද්යාව ස්වභාවික විද්යාත්මක විෂයක්. නිසා මානවයාගේ චර්යා මෙන්ම මානසික ක්රියාකාරිත්ව පිළිබඳව විද්යාත්මක අධ්යයනයක් කිරිම මනෝවිද්යාවේ විෂය පථයට අදාළ වන කරුණක්. මෙහිදී පුද්ගලයාගේ චර්යා හා මනෝ ක්රියාකාරීත්ව නිවැරදිව නිරෝගීව පවත්වා ගැනීම ඉතා වැදගත් කරුණක්. මේ සඳහා මිනිස් මොළය, ස්නායු පද්ධතිය, අන්තරාසර්ග ඉන්ද්රියයන් ලබාදෙන්නේ ඉතා වැදගත් සහයක්.
වගේම මෙම හෝර්මෝන මිනිස් චර්යාව කෙරෙහි බලපානු ලබන බව මේ වනවිට විද්යාත්මකව සනාථකර අවසන්. නිසා මානසික වෛද් විද්යවේදී හෝර්මෝනවල ක්රියාකාරීත්වය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරවීම වැදගත් වේ.
හෝර්මෝන බලපෑමෙන් ඇතිවන මානසික තත්ත්ව මොනවාද?
ප්රධාන වශයෙන් ඇතැම් හෝර්මෝනවල බලපෑම නිසා ඇතිවන එක් රෝග අවස්ථාවක් ලෙස මානසික ආතතිය පිළිබඳ හඳුන්වා දිය හැකියි. මීට අමතරව විෂාදය, ප්රසූතියට පසු ඇතිවන විෂාද තත්ත්ව සඳහා හෝර්මෝන මඟින් ඇති කරන බලපෑම විශේෂයෙන් විමසා බැලිය යුතුය.
වගේම මිනිස් සිරුරක පවත්නා සමස්ථිතිය රැක ගැනීමට හෝර්මෝන මඟින් ලැබෙන උපකාරය ඉතා ඉහළ වන අතර එය මානසික නිරෝගී තාවයට වැදගත් වේ. මෙමඟින් මිනිස් චර්යා, චිත්තවේග, මානසික ක්රියාකාරීත්වය කෙරෙහි දැඩිලෙසට බලපෑම් ඇති කරනු ලබයි.
පුද්ගලයෙකු ආතතියට මුහුණ දුන් විටෙක සිරුරේ ඇතිවන වෙනස්කම් මොනවාද?
ආතතියට පත් පුද්ලයෙකුගේ මුලින්ම උත්දීපනය වන්නේ මොළයේ හයිපොතැලමස නැමැති කොටසයි. මේ හේතුවෙන් අධිවෘක්ක ග්රන්ථියේ මජ්ජාව මඟින් (එයද නිර්නාල ග්රන්ථියකි) Adrenaline හා Noradrenaline   නැමැති හෝර්මෝන ස්රාවය කරයි.
ඒවා මඟින් ආතතියට පත් පුද්ලයෙකුගේ මුලින්ම උත්දීපනය වන්නේ මොළයේ හයිපොතැලමස නැමැති කොටසයි. ආතති තත්ත්වයට සූදානම් කරයි. මීට අමතරව පිටියුටරි ග්රන්ථිය මඟින් ACTH  නැමැති හෝර්මෝනයක් ස්රාවය කරන අතර තවත් හෝර්මෝන රාශියක් රුධිරයට මුදාහැර සිරුර ආතති තත්ත්වයට මුහුණ දීමට සූදානම් කරයි.
මෙම ක්රියාවලිය අවසානයේ අදාළ පුද්ගලයාගේ ශරීරයේ හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීමට චර්යාමය වෙනසක් ඇති කරයි.
චිත්තවේග ඇති වූ අවස්ථාවල හෝර්මෝනවල බලපෑම
කේන්තිය, දැඩි සතුට වැනි චිත්තවේග තත්ත්වයන් ඇති වූ විට සඳහා හෝර්මෝන මඟින් යම් බලපෑමක් ඇති කරයි. වගේම ලිංගික ක්රියාකාරීත්වයන් හා ලිංගික උත්තේජනයන් සඳහා මානසික වශයෙන් ඇතිවන බලපෑමට හෝර්මෝන සක්රීයවදායක වේ.
මෙහිදී ලිංගික උත්තේජන සඳහා බලපෑම් ඇති කරන හෝර්මෝන ලෙස ටෙස්ටස්ටෙරෝන්, ඊස්ට්රජන් මෙන්ම ඇන්ඩ්රිජන් හෝර්මෝන ප්රධාන තැනක් ගනියි. තවද ඔක්සිටෝසින් නැමැති හෝර්මෝනය මවක් සහ දරුවෙකු අතර සෙනෙහස නැමැති මානසික තත්ත්වය පවත්වා ගැනීමට විශාල බලපෑමක් ඇති කරවයි.
වගේම මනසට දැනෙන සන්සුන්භාවය මානසික සුවය මවකගේ මව්කිරි වර්ධනයට අත්යවශ් වේ. මෙමඟින් දරුවාට අවශ් කිරි නිෂ්පාදනය කිරීමට අවශ් හෝර්මෝන නිපදවීමට බලපෑම් ඇති කරවයි.

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews