Recent

Wednesday, March 12, 2014

වයසට යෑම වැලැක්වීමට තාක්ෂණයෙන් මෙවලමක්

වයසට යෑම වැලැක්වීමට තාක්ෂණයෙන් මෙවලමක්



අපි හැමෝම, හැමදාම තරුණවෙලා ඉන්න කැමතියිනේ.. ඉතිං ඔන්න ඒකට ලොව මවිත කරවන අපූරු උපකරණයක් නිපදවීමට ජර්මනිය සමත්වී තිබෙනවාමෙම උපකරණය මිනිස් ප්‍රතිජනකය (Human Re generator) නමින් හඳුන්වනවා. System 4 Technologies Gmbh නම්  තාක්ෂණ ආයතනය විසින් මෙම උපකරණය නිපදවා ඇත. මෙහි ඇති වීශේෂත්වය වනුයේ මිනිස් සිරුර වයසට යාමේදී සිරුරේ දිරාපත්වීම වැළැක්වීමයි. සරල ලෙස කිවහොත් තරුණ භාවය දීර්ඝ කාලීනව පවත්වාගෙන යෑමට මෙම උපකරණය භාවිතා කිරීමට හැකිය.

මිනිස් ප්‍රතිජනකය තුලින් මිනිස් සිරුරේ ප්‍රධාන ස්වභාවික සංඛ්‍යාතය අනුගමනය කරමින් එම සංඛ්‍යාතයට සමාන වන ලෙස අන්වායාම තරංග ජනනය කිරීම සිදුකරයි. මෙම උපකරණය පිටුපස තිබෙන තාක්ෂණය එම සමාගම හඳුන්වන්නේ

"
ක්වන්ටම් සෙසල කේතයලෙසයි. මෙම තාක්ෂණික ක්‍රමයට අනුව සිලිකන් ඇලුමිනියම් තැන්පතු මගින් ප්‍රතිකාරය ඉතා උසස් ලෙස සිදුකරයි.

සිරුර වයසට යෑමේ ක්‍රියාවලිය නතර කර තරුණ භාවය දිගු කාලයක් රැකදීමට මෙම උපකරණයේ තිබෙන Spinning Protons නම් තාක්ෂණය යොදාගනී. මෙම මොඩියුලය 128 kg බරකින් යුතුවන අතර හොඳින් වැඩුනු මිනිසෙකු වුවද මෙම මොඩියුලය තුළට ඇතුළු කිරීමට හැකියාව පවතී.

ලෝකයේ කිහිපදෙනෙකුට පමණක් මිලදී ගානීමට හැකියාව තිබෙන මෙම උපකරණය අවුරුද්දකටම නිපද වන්නේ උපකරණ 50 ක් පමණි. අධික වටිනාකමකින් යුතු මෙම උපකරණය ඇමෙරිකානු ඩොලර් 557,000 ක් ලෙස මිල නියම කොට තිබේ.



No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews