Recent

Thursday, April 3, 2014

MH 370 Flight යානයට අත් වූ ඉරණම එළිදරව් කර ගත නොහැකි අබිරහසක්

යානයට අත් වූ ඉරණම එළිදරව් කර ගත නොහැකි අබිරහසක් - මැලේසියානු පොලිස්පති



MH 370 ගුවන් යානය අතුරුදහන් වීම සම්බන්ධයෙන් එම යානයේ ගමන් ගනිමින් සිටි සියලු ම මගීන් සැක කිරීමේ අදහස බැහැර කරන බව මැලේසියාවේ පොලිස්පතිවරයා පවසයි.
පොලිස්පති කාලිඩ් අබුබකර් කියා සිටින්නේ, අතුරුදහන් වූ යානයේ සිටි කිසිදු මගියකු එය ප්‍රාණ ඇපයට ගනිමින් පැහැර ගැනීමට කටයුතු කර නැති බවයි.

එසේම එම මගීන්ගෙන් කිසිවකු ගුවන් යානය විනාශ කිරීමට කටයුතු කර නැති අතරම ඔවුන් පෞද්ගලික හෝ මානසික ප්‍රශ්න වලින් නොපෙළුන බවත් පොලිස්පති කාලිඩ් අබුබකර් කියා සිටියි.

ක්වාලාලම්පුර් නගරයේ සිට චීනයේ බේජිං කරා පියාසර කරමින් තිබුණ MH 370 ගුවන් යානය ඊට නියමිත ගුවන් පථයෙන් ඉවත්ව දකුණු ඉන්දියානු සාගරය දෙසට ගමන් ගෙන තිබීම නිසා ඉහත කී ආකාරයේ කරුණු දෙසත් අවධානය යොමු වෙමිනුයි පවතින අතරයි පොලිස්පතිවරයා ඉහත කී අදහස් පළ කළේ.

තවදුරටත් අදහස් දක්වන මැලේසියානු පොලිස්පතිවරයා කියා සිටියේ,විශේෂයෙන්ම යානයේ නියමුවන් ද ඇතුළුව එහි කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබීම සඳහා යොමු වීමට හේතුවක් සොයා ගැනීමට තමන්ට තවමත් නොහැකිව ඇති බවයි.

කෙසේවුවද, යානයට අත් වූ ඉරණම පිළිබඳ අබිරහස කිසිදාක එළිදරව් කර ගත නොහැකි විය හැකි බවත් පොලිස්පති කාලිඩ් අබුබකර් පිළිගනියි.


No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews