සැරියුත්
මහරහතන් වහන්සේ
සැරියුත්
මහරහතන් වහන්සේ” යන නාමය ඇසුණු සැණින් අප මනස
දිව යන්නේ විහාරගෙයි බුදුපිළිම වහන්සේගේ දකුණුපසින් වැඩ සිටින මහා ශ්‍රාවක පිළිම
වහන්සේ වෙත ය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනම වන්නේ සැරියුත් මහරහතන්
වහන්සේත් මුගලන් මහරහතන්වහන්සේත් වම්පසින් මුගලන් මහරහතන් වහන්සේත් වැඩ සිටිති.
සැරියුත් මහ තෙරුන් උතුරු ඉන්දියාවේ රජගහ නුවරට නුදුරින් පිහිටි නාලක බමුණු ගමේ වංගන්ත බමුණාට දාව රූපසාරී බැමිණිය ගේ කුසෙන් ඉපිද “උපතිස්ස” යන නම ලැබුවේය. සාරී බැමිණිය ගේ පුත්‍රයා නිසා “සාරිපුත්ත” යන නමින් ද ප්‍රකට විය.
උපතිස්ස තෙමේ පසු කලෙක රජගහ නුවර ධර්ම ප්‍රචාරයේ යෙදුණු අස්සජි මහ තෙරුන් වහන්සේ දැක පැහැදී අවසානයේ දහම් ඇස පහළ කර ගත්තේය. අස්සජි තෙරුන් වහන්සේ දේශනා කළ සතර පෑ ගාථාවෙන් පළමු පද දෙක අසා අවසන් වනවාත් සමඟ ම සෝවාන් ඵලයෙහි පිහිටියේය. පසුව තම මිතුරා වූ කෝලිතට ද තොරතුරු දන්වා බුදුරදුන් වෙත ගොස් “ඒහි භික්ඛු” භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුවේය. ඉන් සති දෙකක් ඇවෑමෙන් පසු බුදුරදුන් රජගහ නුවර ”සූකරඛත” ලෙනේ දී සැරියුත් මහ තෙරුන් වහන්සේගේ බෑණනුවන් වූ “දීඝනඛ” පරිබ්‍රාජකයාට දේශනා කළ ධර්මය අසා සියලු කෙලෙසුන් නසා මහරහත් භාවයට පත් විය. ඒ බව උන්වහන්සේ ථෙර ගාථා පාලියේ දී මෙසේ දක්වා තිබේ.
”භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනිකෙකු හට ධර්මය දේශනා කළ සේක. ඒ ධර්ම දේශනාව යොමු කළ කන් ඇති ව ඉතා හොඳින් ශ්‍රවණය කළෙමි. එය හිස් එකක් නොවීය. ඒ දහම් ශ්‍රවණය කළ මම සියලු කෙලෙසුන් නසා මහරහත් බව ලැබුවෙමි.”
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහා ප්‍රඥාසම්පන්න භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත්තේ සැරියුත් මහරහතන් වහන්සේ ය. එසේ ම බුදුරදුන් ගේ දකුණත් සර්ව තනතුර දැරුවේ ද ගෞතම බුදු සසුනේ ධර්ම සේනාධිපති තනතුර දැරුවේ ද සැරියුත් මහරහතන් වහන්සේ ය. සැරියුත් මහරහතන් වහන්සේ ගේ චරිතය තුළින් යහ දිවියකට කැමති ඕනෑ ම පුද්ගලයෙකුට ගත හැකි ආදර්ශයන් බොහෝ ය. ඒ බව උන්වහන්සේ ගේ චරිතය විමසීමෙන් මනාව ප්‍රකට කෙරේ.
දිනක් සැරියුත් මහ තෙරුන් වහන්සේ බුදුරදුන්ට නුදුරින් භාවනානුයෝගීව වැඩ සිටි සේක. මෙය දුටු බුදුරදුන් මෙසේ වදාළහ. “මහා දැවැන්ත විශාල පර්වතයක් නිශ්චලව මහ පොළොවේ පිහිටා තිබෙන්නේ යම් සේ ද එපරිද්දෙන් මෝහය යළි ඇති නොවන ලෙස විනාශ කළ භික්ෂුව විශාල පර්වතයක් මෙන් කිසිම සෙලවීමකට පත් නොවී සිටින්නේ ය.” තවත් වරක බුදුරදුන් වදාළේ “මාගේ ධර්ම රාජ්‍යයෙහි සේනාධිපති සැරියුත් මහ තෙරුන් වහන්සේ” බවයි. මෙසේ සැරියුත් මහ රහතන් වහන්සේට ගෞතම බුද්ධ ශාසනය තුළ ලොව්තුරා බුදුරදුන්ගේ අග්‍ර ශ්‍රාවක වීම, මහා ප්‍රඥාසම්පන්න භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය ලැබීම, ධර්ම සේනාධිපති වීම යන මෙකී ප්‍රධාන ස්ථානාන්තර තුනක් ලැබී තිබුණි.
දිනක් රජගහ නුවර වාසය කරන එක්තරා දුගී මිනිසෙක් අන් සතු අඹ උයනක් රැකබලා ගනිමින් සිටියේය. සැරියුත් තෙරුන් වහන්සේ දහවල් වේලෙහි මෙම උයන සමීපයෙන් වැඩම කළහ. තෙරුන් වහන්සේ දුටු එම මිනිසා මහ තෙරුන් උයනට වැඩම කරවා තේරුන් ගේ කැමැත්ත අනුව පොකුණෙන් දිය ගෙන නහවා පොකුණෙන් පැන් ගෙන පෙරා පානයට සුදුසු ලෙස සකස් කර පිළිගැන්වීය. අනතුරුව තෙරුන් වහන්සේ පැන් පූජාවේ අනුසස් ප්‍රකට කර දහම් දෙසීය. පසු කලෙක එම සැදහැති පින්වත් පුරුෂයා මිය පරලොව ගොස් කළ පින්කමට අනුව තව්තිසා දෙව්ලොව දෙවියන් අතර බබලමින් අප්‍රමාණ දිව්‍ය සම්පත් ඇති ව උපත ලැබුවේය.
තවත් දිනක සැරියුත් තෙරුන් වහන්සේ විහාර මළුවේ සක්මන් කරමින් වැඩ සිටියහ. උන්වහන්සේට නොදැනුවත්ව ම අඳනයේ කෙළවරක් බිම ගෑවෙමින් තිබුණි. මේ බව දුටු සත් හැවිරිදි සාමණේර නමක් ඒ බව දැක තෙරුන් වහන්සේ වෙත පැමිණ එය පෙන්වා දුන්නේය.
එය ඉතා ගෞරවයෙන් පිළිගත් සැරියුත් තෙරුන් වහන්සේ අඳනය සකසා හැඳ සාමණේරයන් වහන්සේ වෙත පැමිණ “ආචාරිනී, අඳනය සකසා ගත්තෙමි. දැන් හොඳදැ”? යි ඇසූ සේක. “ස්වාමීනි, දැන් නම් හොඳය” යි සාමණේර නම කීවේය. එවිට සැරියුත් මහ තෙරුන් වහන්සේ “එදින ම පැවිදි බව ලබා ගත් සත් හැවිරිදි සාමණේර නමක් වුවත් මා හට අනුශාසනා කළේ නම් ඒ සත් හැවිරිදි කුඩා සාමණේර නමගේ අනුශාසනය පවා මම හිස් මුදුනින් පිළිගන්නෙමි” යි පවසා ඒ සාමණේර නමට ස්තූති ප්‍රශංසා කළ සේක. මෙය සැරියුත් මහ තෙරුන්ගේ නිහතමානී ගුණය මැනවින් ප්‍රකට කරවන කතා පුවතකි.

සම්බුද්ධ
ශාසනයේ චිරස්ථිතිය පිණිස විනය ශික්‍ෂා පණවන ලෙස පළමුව ඉල්ලා සිටියේ ද සැරියුත්
තෙරුන් වහන්සේ ය. මෙසේ සම්බුද්ධ ශාසනයට ඉතා ලැදිව කටයුතු කළ මුන්වහන්සේට “උපසේන, චුන්ද, රේවත” යනුවෙන්
සොහොයුරෝ තිදෙනෙක් වූහ. මේ තිදෙනාම බුදු සසුනේ පැවිදි බව ලැබ රහත් වූහ. “චාලා, උපචාලා, සිසූපචාලා” යනුවෙන්
සොහොයුරියෝ තිදෙනෙක් ද වූහ. මේ සැමත් බුදු සසුනේ පැවිදි බව ලැබ රහත් වූහ. හැම
අතින් ම පැහැදීම් ඇති භික්ෂූන් අතුරින් උපසේන තෙරුන් අග්‍ර වූ අතර ආරණ්‍යවාසී
භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය ලැබුවේ රේවත තෙරුන් වහන්සේ ය. මෙසේ සැරියුත් මහ
තෙරුන් වහන්සේ ගේ සහෝදර, සහෝදරියන් සියල්ල ම මග ඵල නිවන්
අවබෝධ කර ගෙන සිටියත් මව වූ රූපසාරි බැමිණිය මිසදිටු ගෙන සිටියාය.
සැරියුත් තෙරුන් වහන්සේට කලින් කල හට ගන්නා උදරාබාධයක් විය. මෙය අවස්ථා කිහිපයකදී ම හට ගත් අතර අවසානයේ එය ඉතා දරුණු ලෙස හට ගත්තේ ය. මෙයට හේතු විමසා බැලූ තෙරුන් වහන්සේ දුටුවේ තමන් වහන්සේ ගේ අවසාන සමය ළඟා වී ඇති බව යි. අගසව්වන් බුදුරදුන්ට පළමුව පිරිනිවන් පාන බව දුටු උන්වහන්සේ බුදුරදුන්ගෙන් පිරිනිවන් පෑමට අවසර ගෙන තමන් වහන්සේගේ උපන් ගම වූ නාලක ගමට වැඩම කළහ. ඒ වෙන හේතුවක් නිසා නොව පිරිනිවන් පෑමට පෙර තමන් වහන්සේ ගේ මව වූ රූපසාරී බැමිණිය සම්මාදිට්ඨියට ගැනීමේ අරමුණ ඇතිව ය.
කෙසේ හෝ වේවා අවසානයේ නාලක ගමේ දී දෙව් බඹුන්ගෙන් වන්දනාමාන මහා සත්කාර ලබන සිය පුත් සැරියුත් මහ තෙරුන් වහන්සේ ගැන පැහැදීම ඇති වූ කල්හි තෙරුන් වහන්සේ නව අරහාදී බුදු ගුණ ප්‍රකට කරමින් ධර්මය දේශනා කළ සේක. දේශනාව කෙළවර රූපසාරී බැමිණිය උතුම් වූ සෝවාන් ඵලයට පත් වූවාය. අනතුරුව රැස්ව සිටි භික්ෂූන් ප්‍රධාන සියලු දෙනාට ධර්මය දේශනා කර දකුණු ඇලයෙන් සැතපී පිළිවෙළින් ධ්‍යානයන්ට සම වැදී අනතුරුව අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක.
පසුව උන්වහන්සේ ගේ ශ්‍රී ශරීරය ආදාහනය කළහ. ආදාහනයෙන් පසුව ශේෂ වූ අස්ථි ධාතු චුන්ද තෙරුන් වහන්සේ බුදුරදුන්ට භාර කළේය. බුදුරදුන් එම ශාරීරික ධාතු පිළිගෙන සැරියුත් තෙරුන් වහන්සේ ගේ ගුණ නොයෙක් ලෙසින් ප්‍රකට කර එම ධාතු නිදන් කර සෑයක් ද කරවූහ.
ධර්මාශෝක මහාධිරාජයා සමයේ දී මොග්ගලීපුත්තතිස්ස තෙරුන් ගේ උපදෙස් මත සැරියුත් තෙරුන් ගේ එම ධාතු ස්තූපය විවෘත කරවා ධාතු ගෙන දඹදිව ස්ථාන කිහිපයක ස්තූප කරවීය. ඒ සෑම තැනක ම මුගලන් මහ රහතන් වහන්සේගේ ද ධාතු තැන්පත් කෙරිණි. මහා ප්‍රඥා සම්පන්න භික්ෂූන් අතුරින් අගතැන්පත් දම්සෙනෙවි සැරියුත් මහ රහතන් වහන්සේ මෙසේ වදාරති.
”මේ මුළු සම්බුද්ධ ශාසනයේ ම බුදුරජාණන් වහන්සේට පසුව ප්‍රඥාවෙන් අග්‍රස්ථානයේ සිටින්නේ මම යි. මට සමානයෙක් මේ බුද්ධ ශාසනයේ පෙනෙන්නට නැත.”

සාරිපුත්ත
මහරහතුන් වහන්සේගේ ඉවසීමේ ගුණය
අග්‍රශ්‍රාවක
සාරිපුත්ත මහරහතුන් වහන්සේගේ කීර්තිය භාරතයේ ජනතාව අතර පැතිර යෑමට උන්වහන්සේගේ
ඉවසීමේ ගුණය මහත් සේ බලපෑ බව අප කවුරුත් දන්නා කරුණක්. බුදුරජාණන් වහන්සේ නොයෙක්
වර සැරියුත් තෙරුණුවන්ගේ ඉවසීමේ ගුණය ප්‍රශංසාවට බඳුන් කළා. බුද්ධ ශ්‍රාවකයන් සමඟ
නොයෙකුත් වාද විවාදවලට එළැඹී අයටත් ගැටුමට පැමිණි පිරිසටත් සැරියුත් මහ රහතන්
වහන්සේගේ ඉවසීමේ ගුණය මහත් හිරිහැරයක් වුණා. එය නැති ගුණයක් මවාපෑමක් යැයි ඔවුන්
අතර මතයක්ද පැවැතුණා.
මේ නිසා එක්තරා බමුණකු සැරියුත් හිමියන්ගේ ඉවසීමේ ගුණයක් නැති බවටත් තමාට එය ඔප්පු කර පෙන්විය හැකි බවටත් කටමැත දොඩන්නට පටන් ගත්තා. බමුණා දිනක් සැරියුත් මහරහතන් වහන්සේ පිඬු සිඟා වඩිද්දී පසු පසින් ගොස් උන්වහන්සේගේ පිටට තදින් පහරක් දුන්නා. ඒ ගැන කිසිදු තැකීමක් නොකළ තෙරුණුවෝ නිහඬවම පිණ්ඩපාතයේ වැඩියා. මෙයින් බමුණාට දැඩි කම්පනයක් හට ගත්තා.
‘මේ තරමට ඉවසන පුද්ගලයකු මා දැක නැහැ’ කම්පනයෙන්ම සැරියුත් හිමියන්ගේ දෙපා මුල වැඳ වැටුණු බමුණා තමා කළ වරදට සමාව අයැද සිටියා. බමුණාට සමාව දුන් සැරියුත් මහ රහතන් වහන්සේ ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ යළි උන් වහන්සේ අභියස බැගෑපත් වූ බමුණා කියා සිටියේ තමාගේ නිවෙසට වැඩම කර දානය වැළැදුවහොත් සමාව දුන් බවට තමාට පිළිගැනීමක් ඇතිවන බවයි. සැරියුත් මහ රහතන් වහන්සේ බමුණාගේ නිවෙසට වැඩම කර බමුණා පිළිගැන්වූ දානය වළදා පාත්‍රය බමුණා අතට දුන්නා. බමුණා පාත්‍රය අතින් ගෙන සැරියුත් මහ රහතන් වහන්සේ පසු පසින් ගමන් කළා.
සැරියුත් තෙරුණුවන්ට බමුණා පහර දුන් සිද්ධිය සැලවී දඬු මුගුරු රැගත් පිරිස් බමුණාට පහර දීමට මේ අතර පැමිණෙමින් සිටියා. හිමියන් බමුණාගේ ගෙදරින් දන් වළඳා බමුණා සමඟ පැමිණෙනු මේ අය දුටුවා.
“ඔබ වහන්සේගේ පාත්‍රය අතට ගනු මැනැවි. බමුණා කළ වරදට අපි දඬුවම් කරන්නෙමු’ ‘බමුණා පහර දුන්නේ මටද නැත්නම් ඔබ සැමටද?”
“ඔබ වහන්සේටයි”
“මා ඔහුට සමාව දී අවසානයි” සැරියුත් මහරහතන් වහන්සේ එසේ පිළිතුර දුන්නා.
පැමිණී පිරිස සැරියුත් මහ රහතන් වහන්සේගේ පිළිතුරෙන් සෑහීමට පත් නොවුණත් උන්වහන්සේ අභිබවා යෑමට නොහැකි හෙයින් බුදුරජාණන් වහන්සේට සිද්ධිය සැල කළා. සැරියුත් මහරහතන් වහන්සේගේ ඉවසීමේ ගුණය වර්ණනා කළ බුදුරජාණන් වහන්සේ සියල්ලන් විසින්ම ඉවසීමේ ගුණාංගය ප්‍රගුණ කරනු ලැබීම මහත්සේ වටිනා බව දේශනා කළා.

සංසාරමෝචක
පේ‍්‍රත වස්තුව
මගධ
රටේ ඉට්ඨකාවතී හා දියරාජි ගම් දෙකක් තිබුණා. එහි මිත්‍යාදෘෂ්ඨිකයෝ බොහෝ දෙනෙක්
වාසය කළා. අතීතයේ අවුරුදු පන්සියයකට පෙර එක්තරා ස්ත්‍රියක් ඒ ඉට්ඨකාවතියෙහි වනයක
සංසාරමෝචක පවුලක උපන්නා. ඇය මිත්‍යාදෘෂ්ඨික නිසා බොහෝ කුඩා සතුන් පළගැටියන් මරා ඒ
පවින් පේ‍්‍රත ලෝකයේ උපන්නා.
ඇය අවුරුදු පන්සියයක්ම කුසගින්නේ හා පිපාසයෙන් දුක් විඳිමින් ගෞතම තථාගතයන් වහන්සේ ලොව පහල වූ කාලයේ අර පේ‍්‍රතිය නැවතත් සංසාරමෝචක කුලයෙහිම දුප්පත් පවුලක දැරියකව උපන්නා. ඇය අන් දැරියන් සමග වීථියේ සෙල්ලම් කිරීමට පුරුදු වුණා. සැරියුත් තෙරුන්ද ඒ නගරයේ පිණ්ඩපාතයේ වැඩියා. අන් දැරියන්ද මාපියෝද සැරියුත් තෙරුන් වහන්සේ දැක වැඳ නමස්කාර කර දානය පූජා කළා. නමුත් මේ දැරිය බොහෝ කාලයක් කුසල් කර නොමැති නිසා ඒ පිළිබඳව තැකීමක් නොකර සිටියා.
සැරියුත් තෙරුන් ඇයගේ අතීතයද වර්තමානයද දුටුවා. ඒ වගේම ඇය අනාගතයේ නිරයේ ඉපදෙන බවද දැන ඈ නිරයේ ඉපදීම මුදවා ගැනීමට හෝ සිතා අන් දැරියන්ට මෙසේ වදාළා.
”ඔබලා භික්ෂූන් වහන්සේලාට වැඳ නමස්කාර කළද මැය වන්දනා නොකරන්නේ ඇයි දැයි?” විචාලා.
එවිට අනෙක් දැරියෝ ඇගේ අතින් ඇදගෙන විත් සැරියුත් තෙරුන්ට වැන්දවූවා. අර දැරිවිද සිත පහදවාගෙන උන්වහන්සේට වැඳ එතැනින් ඉවත්ව ගියා. කාලයක දී ඇය විවාහ වී දරුවෙකු ලැබෙන්නට ගොස් මිය ගියා. ඇය පේ‍්‍රත ලෝකයේ නිර්වස්ත්‍රව දුර්වර්ණව ඉපදී නිතරම සා පිපාසයෙන් සිටියා. දිනක් ඇය සැරියුත් රහතන් වහන්සේට තමාව පෙනෙන්නට සැලැස්සුවා. එවිට උන්වහන්සේ ඇසුවා.
ඔබේ ඇෙග් නූල් පොටක් නැහැ. හරිම විරූපියි. කෙට්ටුයි. නහරවැල් පෑදිලා තිබෙනවා. ඉලඇට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතැන ඉන්න ඔබ කවුද?
අනේ ස්වාමීන් වහන්ස. මං දුකේ වැටිලා ඉන්නේ. මම යම ලෝකේ උපන් පෙරේතියක්. මගේ් අතින් පව්කම් කෙරිලා තමයි මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකෙට ගියේ.
ඔබ සිතින් කයින් වචනයෙන් මොනවගේ පවක්ද කර ගත්තේ. මොනවගේ කර්මයක විපාකයක් නිසා ද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකයට ආවේ.
අනේ ස්වාමින් වහන්සේ මට අනුකම්පා කරන්න කවුරුත් හිටියේ නැහැ. තාත්තාත් අම්මත් වෙන නෑදෑයෙක් හිටියේ නැහැ. හිත පහදවා ගෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දානයක් දෙන්න කියලා ඔය කවුරුත් මා පෙළඹුවේ නැහැ.
පිපාසයෙන් කුසගින්නෙන් මට මේ විදිහට නිරන්තරයෙන් තව අවුරුදු පන්සියයක් කල් ජීවත්වෙන්ට වෙනවා. මං කරගත් පාප කර්මවල විපාක තමයි මේ.
පින්වත් ආර්යන් වහන්ස, මං නුඹ වහන්සේට වන්දනා කරනව. මහා අනුකම්පා ඇති ප්‍රාඥයන්වහන්ස, මට අනුකම්පා කරන සේක්වා. යම්කිසි දෙයක් මට දන් දීලා පින් දෙන සේක්වා. ස්වාමිනි මාව මේ අපා දුකෙන් මුදවා ගනු සේක්වා.
පේ‍්‍රතිය කෙරෙහි අනුකම්පාවෙන් සාරිපුත්ත මහරහතන් වහන්ස හොඳයි කියල භික්ෂූන් වහන්සේට බත් පිඬකුත් රියනක රෙදි කැබැල්ලකුත් පැන් භාජනයකුත් පූජා කළා. ඊට පස්සේ ඇයට පින් අනුමෝදන් කළා.
බත් පිඬ දීපූ සැනින් පුන්‍ය විපාකය පහළ වුණා. භෝජන වස්ත්‍ර පැන් ආදී සැප සම්පත් පහළ වුණා. මේක තමයි දානයෙහි ඵලය.
එතකොට ඇගේ සිරුර පිරිසුදු වුණා. පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුනා. ඒ වස්ත්‍ර කසීසළුවලටත් වඩා විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුනු ඒ තැනැත්තිය සැරියුත් මහරතන් වහන්සේ වෙත එළඹුණා.
පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිසාවක්ම බබුළුවාගෙන ඕෂධි තරුවක් වගේ.
ඇත්තටම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිතට පි‍්‍රය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද?
මහානුභාව ඇති පින්වත් දෙව්දුව. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද කළේ. ආනුභාව සම්පන්න ඔබ බැබලී බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළිය හැම දිසාවම බබලනවා.
ලෝකයේ කාරුණික මුනිද්‍රයන් වහන්ස ඔබ වහන්සේව මාව දැක්කා. ඒ මං පඬු පාටවෙලා කෙට්ටු වෙලා මහ බඩගින්නෙකින් නිර්වස්තරයෙන් කැඩුණු බිදුණු අතපය ඇතිව සිටියේ.
භික්ෂුන් වහන්සේලාට බත් පිඬකුත්, රියනක රෙදිත්, පැන් භාජනයකුත් පූජා කළා. මට පින අනුමෝදන් කළා.
බත් පිඬක පුණ්‍ය විපාකය දැක වදාල මැන. මට දැන් අවුරුදු දාහකට ඇති වෙන්න තියෙනවා. ප්‍රනීත රසකෑම ඇතිව කැමැති විදිහට බත් කනවා.
රියනක පමණ රෙදි කැබැල්ලේ පුණ්‍ය විපාකය දැක වදාළ මැනව. නන්ද රජ්ජුරුවන්ගේ රාජධානියේ යම් තාක් රෙදිපිළි ඇත්නම් ස්වාමිනි ඊටත් වඩා බොහෝ වස්ත්‍ර මට තිබෙනවා. මට කසීසළු කැබලි තිබෙනවා. පට රෙදි, කපුරෙදි තිබෙනවා. විශාල වස්ත්‍ර රෙදිපිළි ආකාස ගැබෙහි එල්ලී තිබෙනවා. මම කැමැති වෙන්නේ යම් යම් රෙදිවලටද ඒවා තමයි මං අඳින්නේ.
පැන් බඳුනක පුණ්‍ය විපාකය දැක වදාල මැනව. හරිම ලස්සන පොකුණක් මැවිලා තිබෙනවා. ඒකේ වතුර හරි සීතලයි. නෙළුම් මහනෙල් පිපිලා තියෙනවා. මල් රේණු වතුරේ ඉහිරිලා තිබෙනවා.
මම දැන් කිසිදෙයකට බය නැහැ. ඉතින් ස්වාමිනි ලෝකයෙහි කාරුණික මුනිවරයන් වහන්සේ නමක්වන ඔබවහන්සේ වන්දනා කරන්නටයි මම ආවේ.

No comments:
Post a Comment