ඉන්දියාව පළමු වරට
අඟහරු වෙත සාර්ථකව චන්ද්‍රිකාවක් යැවූ හැටි
අඟහරු ග්‍රහයා අධ්‍යයනය
කිරීම සඳහා ඉන්දියාව පළමු වරට මුදා හළ මංගල්යාන් (Mangalyaan) චන්ද්‍රිකාව අද කක්ෂගත කෙරිණි.
ඒ අනුව, අඟහරු ග්‍රහයා වෙත චන්ද්‍රිකාවක් කක්ෂගත කළ සිව් වන රට බවට ඉන්දියාව පත් විය.
මීට පෙර අමෙරිකාව, රුසියාව සහ යුරෝපා සංගමය අඟහරු ග්‍රහයා වෙත සාර්ථකව චන්ද්‍රිකා යැවීමට සමත්
වුව ද පළමු උත්සහය ම සාර්ථක කරගත් පළමු රට ඉන්දියාව යි.
මෙම චන්ද්‍රිකාව මගින්
අඟහරු ග්‍රහයාගේ ගුරුත්වාකර්ෂණය, වායුගෝලය ඇතුළු ලක්ෂණ
පිළිබඳව දත්ත ලබා ගැනීමට නියමිත ය.
චන්ද්‍රිකාව කක්ෂගත
කිරීමෙන් පසුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සඳහන් කළේ, ඉන්දියාව කළ නොහැකි දෙයක් කළ බව ය.
SOURCE: BBC
No comments:
Post a Comment