ශ්‍රී දේවි කොලිවුඩයෙන් නැවතත් කරළියට
බොලිවුඩ් සිනමාවේ නිළි රැජිණක් වන ශ්‍රී දේවි නැවත දෙමළ
සිනමාව හරහා සිනමා ක්ෂේත්රයට පිවිසීමට සූදානම් වන බවට වාර්තා වනවා. ඒ දෙමළ
සිනමාවේ සුපිරි නළු විජේගේ චිත්‍රපටයක් වන 'පුලි' ලෙස නම් කර ඇති චිත්‍රපටය හරහායි. වයස අවුරුදු 51ක්
වන ශ්‍රී දේවි අවසන් වරට රංගනයෙන් දායකත්වය ලබාදෙනු ලැබුවේ 'ඉන්ග්ලිෂ්
වින්ග්ලිෂ්'
චිත්‍රපටයයි. එම චිත්‍රපටය ද ඉතා සාර්ථකව තිරගත වුණා.
කෙසේ වෙතත් 'පුලි' චිත්‍රපටයට සම්බන්ධවීමට හැකිවීම පිළිබදව තමන් විශාල ලෙස
සතුටට පත්වන බවද ශ්‍රී දේවි පසුගිය දිනෙක ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබෙනවා. ශ්‍රී
දේවි මෙන්ම දෙමළ සිනමාවේ දැවැන්තයෙකු වන කමල් හසන්ගේ දියණිය වන ශ්රැතී හසන් ද 'පුලි' චිත්‍රපටයේ
රංගනයෙන් දායකත්වය ලබාදෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
No comments:
Post a Comment