Recent

Sunday, January 4, 2015

කළු කුහර තුල පිටසක්වලයින්

කළු කුහර තුල පිටසක්වලයින්
















කළු කුහර කියන්නේ අපි ජීවත් වන විශ්වයේ ස්වාභාවිකව නිර්මාණය වුනු අති විනාශකාරී නිර්මාණයක්.මේවායේ ගුරුත්වාකර්ෂණ බලය කොපමණදැයි කියනවා නම් ආලෝකයට පවා එයින් ගැලවී යා නොහැකියි.නමුත් රුසියානු විද්‍යාඥයෙකු තමන්ගේ පර්යේෂණ පත්‍රිකාවකින් පෙන්වා දෙන ආකාරයට සුපිරි තත්වයේ දියුණු පිටසක්වලයින් කල් කුහර තුල දිවි ගෙවනවා විය හැකියි.

ව්‍යස්චේලාව් I ඩොකුචෙව් (Vyacheslav I. Dokuchaev) කියන්නේ මොස්කව් න්‍යෂ්ටික පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෙක්.ඔහු විසින් 2013 වසරේදී ප්‍රසිද්ධ කල පර්යේෂණ පත්‍රිකාවකින් පෙන්වා දෙන අන්දමට අධික ගුරුත්වයක් පවතින කළු කුහර තුල පවා ජීවය පැවතිය හැකියි.

ඔහු පවසන අන්දමට මෙම පිටසක්වලයින් කඩාෂේව් (Kardashev) පරිමානයේ තුන් වන මට්ටමේ ජීවින් විය යුතු අතර කළු කුහර වල පවත්නා අධික ගුරුත්වය හේතු කොට ගෙන ඔවුන් කළු කුහරයෙන් පිටත සිටින්නන් හට අනාවරණය කර ගැනීම ඉතා අපහසු වනු ඇත.

කඩාෂේව්  පරිමානයේ තුන් වන මට්ටම යනු තාක්ෂණිකව ඉතාමත් දියුණු ජීවින් වේ.එයට අනුව මිනිස් ශිෂ්ටාචාරයන් තවමත් එහි පළමු මට්ටමට හෝ ලඟා වී නොමැත.මේ අනුව තුන්වන මට්ටමේ ජීවින් ලැබිය හැකි දියුණුව පිළිබඳව ඔබට අනුමාන කල හැකි වනු ඇත.

ඩොකුචෙව් පර්යේෂණ පත්‍රිකාවට අනුව කළු කුහර තුල පවතින ප්‍රෝටෝනයන්ට ස්ථාවර කක්ෂයන්හි චලනය වීමේ හැකියාව ඇත.මේ අනුව මේ අනුව ප්‍රමාණයෙන් විශාල ග්‍රහලෝකයක් වැනි වස්තුවක් වුවද කළු කුහරයේ මාධ්‍ය වටා පරිභ්‍රමණය වීමට ඉඩ ඇත.මේ අනුව වැඩි දුරටත් මෙයින් පෙන්වා දෙන්නේ කළු කුහරයක් තුල එක ග්‍රහ පද්ධතියක් හෝ කිහිපයක් වුව පැවතිය හැකි බවයි.

කළු කුහරයක් තුලදී ප්‍රෝටොනයකට ස්ථාවර කක්ෂයක් ලැබුනත් එය ක්‍රමවත් එකක්  නොවේ.


මේ කළු කුහර තුල ජීවත් වන්නා වූ ජීවින් අප දන්නා ජීව විද්‍යාවට අනුව කිසිසේත්ම පැහැදිලි කල නොහැකි වනු ඇත.ඔවුන් ප්‍රති පදාර්ථ වලින් සෑදුනු හෝ ප්ලාස්මීය ජීවින් වීමට වුවද ඉඩ තිබේ.මේ හැරුණු කොට භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව පිළිබඳව වුවද අප සම්පූර්ණයෙන්ම දන්නේ නැත.කළු කුහරයක් තුලදී මෙම විද්‍යාවන් ද්විත්වයේ අප දන්නා සිද්ධාන්තයන් සම්පූණයෙන්ම වෙනස් විය හැකිය.

කෙසේ වුවද විද්‍යාඥයන් තවමත් උත්සාහ කරනුයේ පෘතුවි ජීවයට සමාන පිටසක්වල ජීවයක් සොයා ගැනීමටය.නමුදු මේ අසිරිමත් විශ්වය තුල අපට අනුමාන කර ගැනීමටත් අපහසු ජීවී ආකාර සිටිනවා විය හැකියි.Top of Form
Bottom of Form


No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews