කාම
මිත්‍යාචාරය
අහස, පොළොව… ඉරහඳ
දෙවියන් පල්ල
ඇති කළ දෙමව්පිය දරු දෙදෙනා පල්ල
සූරිය වංශ දළදා කරඩුව පල්ල
අන්හිමි බසක් නැත හිමියනි නුඹ පල්ල
ඇති කළ දෙමව්පිය දරු දෙදෙනා පල්ල
සූරිය වංශ දළදා කරඩුව පල්ල
අන්හිමි බසක් නැත හිමියනි නුඹ පල්ල
තම හිමි මැ මිස… තම පදචාරිකාවම මිස… අන් හිමියෙක්, අන් භාර්යාවක් නොපැතීම අපේ සංස්කෘතිය තුළ සාධණීය ලක්ෂණයක් වුණා. එය අවශේෂ
යහපත් ගතිගුණ වලද මුදුන් මුල වූවා කීවොත් නිවැරදියි.
පෙරදිග ශිෂ්ඨාචාර සෑම එකකම පාහේ පතිකුලය පාරිශුද්ධ ගෞරවනීය බවක් ඉසිලූවා. ‘‘අන්හිමි බසක් නැත හිමියනි නුඹ පල්ල..’’ කියල අපේ ඇත්තියන් දිව්රන්නෙ ඒ නිසයි.
ඇමෙරිකාවෙ හිටිය, ඇල්ෆ‍්‍රඞ් කිංසි කියන පරිණාම ජීව විද්‍යාඳයෙක් මීට
අවුරුදු 60 කට පමණ ඉස්සෙල්ල දෙබරයකට ගල් ගැහුව. පිරිමින්ගෙන් අඩක්
හා ගැහැනුන්ගෙන් හතරෙන් පංගුවක් තම ජීවිත කාලයෙන් කවර හෝ වකවානුවකදී විවාහයෙන්
බාහිර අනියම් සම්බන්ධතා පවත්වන බව ඇල්ෆ‍්‍රඞ් කිංසි ප‍්‍රකාශ කළා. ඔහු උදාහරණ
පෙන්වා දුන්නෙ තමන්ගෙ රට ඇමෙරිකාවෙන්මයි.
අපි කොයි තරම් බටහිරට දොස් කිව්වත් ඇමෙරිකානුවොත් මේ
බාහිර සබඳතා හොඳ නැති බව දන්නවා. ඇල්ෆ‍්‍රඞ් කිංසි ඉහත සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කළාම ‘‘වෙන්න බැරි දෙයක්’’ කියන කතාව තමයි, බොහෝ දෙනා කිව්වෙ. ඉලක්කම් කොහොම වුණත් ඇල්ෆ‍්‍රඞ් කිංසිගෙ හෙළිදරව්ව ලෝකය
පුරාම ප‍්‍රථම වරට මේ විෂය සම්බන්ධ කතිකාවතකට මුල පිරුවා.
අළුත්ම සමීක්ෂණයකට අනූව ඇමෙරිකානු පවුල් සංස්ථාව තුළ අනියම් සබඳතා ව්‍යාප්තිය මේ විදිහටයි.
අළුත්ම සමීක්ෂණයකට අනූව ඇමෙරිකානු පවුල් සංස්ථාව තුළ අනියම් සබඳතා ව්‍යාප්තිය මේ විදිහටයි.
·
පිරිමින්ගෙන් සියයට 23ක් අනියම් සබඳතා පවත්වා තිබෙනවා.
·
ගැහැනුන්ගෙන් සියයට 23ක් අනියම් සබඳතා පවත්වා තිබෙනවා.
දේශ සීමා අයින් කරල පුළුල් දෘෂ්ඨියකින් අපි මේ ප‍්‍රශ්නය දිහා බැලූවොත් ‘‘පතිකුලයට විශ්වාසවන්ත නොවීම’’ පරිණාමීය වශයෙන්ම මිනිසුන් පවත්වාගෙන ආ පුරුද්දක් බවට සාක්ෂි තිබෙනවා.
ලිංගිකත්වය බලගැන්වෙන්නෙ
ලිංගික ඉඳුරන්ට වඩා මොළයෙන්. සමස්ත සත්ත්ව ලෝකය විමසන විට මානවයන්ගේ ලිංගික ආශාවන් බොහොම වැඩියි. අපේ ඇත්තන් තමන්ගේ දියුණූ මොළයේ යම් ප‍්‍රතිශතයක් මේ නොතිත් ආශාවන් සංතර්පනය කර ගැනීමට වෙහෙසීම මේ නිසාවෙන්ම අරුමයක් නොවෙයි. ඇත්තෙන්ම මේ ප‍්‍රශ්නය සත්ත්ව ලෝකයෙත් බොහෝම ප‍්‍රබලව තිබෙන බවත් බහුතරයක් පිරිමි සතුන් තම සහකාරිය අන් පිරිමින්ගේ පරිහරනයට ලබා නොදීමට විශේෂ ජෛව විද්‍යාත්මක ප‍්‍රයෝග යොදා ගන්නා බවත් සත්ත්ව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා.

ඇතැම් කෘමීන් තම සහකාරියගේ සිරුරට ඇලී ම සිටිනවා. එක්තරා
කෘමීන් විශේෂයක පිරිමි සතුන්
ලිංගිකව එක් වූ සැනින් මිය යනවා. ඒත් තම පෞරුෂ අවයව ස්ත‍්‍රී රහසගවලම තබන බව නිරීක්ෂණයවී තිබෙනවා. ඇතැම් කෘන්තකයන් නුරා හමුවෙන් පසු ස්ත‍්‍රී රහසග යම් ද්‍රව්‍යයකින් මුද්‍රා තබනවා.
ලිංගිකව එක් වූ සැනින් මිය යනවා. ඒත් තම පෞරුෂ අවයව ස්ත‍්‍රී රහසගවලම තබන බව නිරීක්ෂණයවී තිබෙනවා. ඇතැම් කෘන්තකයන් නුරා හමුවෙන් පසු ස්ත‍්‍රී රහසග යම් ද්‍රව්‍යයකින් මුද්‍රා තබනවා.
පරිණාමීය වශයෙන් පැවතුනත්… අවශේෂ සත්ත්වයන් අතරේද දක්නට ලැබුණත් මේ පරිබාහිර සම්බන්ධතා මිනිසුන් වන
අපට නම් දුර්ගුණයක්. අපේ චර්යා රටාවන් අනූව අප පවුල් සංස්ථාවක් තුළ ගුණ ධර්ම
රැකීමට හැඩගැසුණූ සත්ත්ව විෂේශයක්. අවාසනාවට… අද මේ විවාහයෙන් පරිබාහිර සම්බන්ධතා වෙන කවරදාටත් වැඩි වේගයෙන් ව්‍යාප්ත වෙනවා. කුටුම්බය විනාශ කර දරුවන් අසරණ කරනවා.
රැකීමට හැඩගැසුණූ සත්ත්ව විෂේශයක්. අවාසනාවට… අද මේ විවාහයෙන් පරිබාහිර සම්බන්ධතා වෙන කවරදාටත් වැඩි වේගයෙන් ව්‍යාප්ත වෙනවා. කුටුම්බය විනාශ කර දරුවන් අසරණ කරනවා.
මෙයට හේතු මොනවාද? පසුගිය දශක කිහිපය තුළ ඇති වූ සංස්කෘතික අපගමනය මෙම
අනියම් සම්බන්ධතා වර්ධනය වීමට බලපා ඇති බව Journal
Psychological Science සගරාව ප‍්‍රකාශ කරනවා. මාධ්‍යයත් මෙයට වග කියන්න
ඕනි. ටෙලි නාට්‍ය මේකට සෑහෙන පමණ වග කියන්න ඕනි කියල අපේ නොවෙයි ඇමෙරිකානු විද්වතෙක් අදහස් දක්වා තිබෙනවා. මෙකල මාධ්‍ය
හැසිරෙන ආකාරය කාම මිත්‍යාචාරය පිටාර ගැලීමක් (Infidelity
overload) ලෙස හැඳින්වෙනවා. කාන්තාවන් කෙරෙහී බලපෑම් කරන අසීමිත ආර්ථික හා සාමාජීය නිදහසත් මේ තත්ත්වයට බලපානවා.
තවත් විශේෂ දෙයක් ගැනත් නොකියාම බැහැ. නෙදර්ලන්තයේ ටිල්බර්ග් සරසවියේ
පර්යේෂකයන් කණ්ඩායමක් සිදු කළ අධ්‍යයනයකදී විශේෂ කාරණක් අනාවරණය වුණා. තම
කුටුම්භයට විශ්වාසවන්ත වූ ඒ වෙනුවෙන්ම ජීවිතය කැප කළ කාන්තාවන් නියැදියකගෙන්
තමන්ගේ ජීවන රටාව ගැන තෘප්තිමත්දැයි විමසන විට ඔවුන්ගෙන් සියයට 77ක්ම පැවසුයේ තමන්ගේ පෞද්ගලික රුචි අරුචිකම් වලටත් තැනක් (personal
space) තිබිය යුතු බවයි.
එකිනෙකාට ගෞරවාන්විත වීමත්, විශ්වාසවන්ත වීමත් වගේම එකිනෙකාගේ පෞද්ගලික රුචි අරුචිකම් වලට ඉඩක් ලබා
දීමත් පතිකුලයේ ගෞරවයට කෙතරම් නම් වැදගත් වෙනවාද?
භාරත ගුණතිලක විසිනි
No comments:
Post a Comment