මාර්තු මස 26 සිට අප්‍රේල් මස 01 දක්‌වා පැවැත්වෙන ඩෙංගු මර්දන සතිය නිමිත්තෙනි.
වෛරසයක් මගින් ඇති කරනු ලබන රෝගයකි. ඩෙංගු වෛරසය ශරීරගත
වූ අයෙකු බොහෝ විට රෝග ලක්‌ෂණ
නොපෙන්වන අතර රෝග ලක්‌ෂණ මතුවුවහොත් එය
සාමාන්‍ය සුළු උණ තත්ත්වය
ඩෙංගු උණ (Dengue - Fever-DF)
ඩෙංගු රක්‌තපාත උණ (Dengue Haemorrhagic Fever-DHF)
අසාමාන්‍ය ඩෙංගු උණ තත්ත්වය (ඉතා කලාතුරකින්) විය හැකිය.
ඩෙංගු බෝවන්නේ කෙසේද?
ඩෙංගු රෝගය ඇති කරන වෛසරය ඊඩිස් වර්ගයේ ගැහැනු මදුරුවන්
මගින් පතුරවයි. මෙම මදුරුවන් තුළට වෛරසය ඇතුළුවන්නේ ඩෙංගු වෛරසය ශරීර ගතවූ
පුද්ගලයකුට දෂ්ට කිරීමෙනි.
ඩෙංගු රෝගය සෑදීමේ අවදානම ඇත්තේ කාහටද?
ආසාදිත ඩෙංගු මදුරුවකු දෂ්ට කරන ඕනෑම පුද්ගලයකුට ඩෙංගු
රෝගය සෑදීමේ අවදානමක් පවතී. තවද පුද්ගලයෙකුගේ වයස හා ප්‍රතිශක්‌තිකරණය මත රෝගයේ
ස්‌වභාවය වෙනස් විය හැකිය.
උණ රෝගය සෑදුණ විට එය ඩෙංගු විය හැකි බවට සැක කළ යුත්තේ
ඇයි?
ඩෙංගු රෝගය සාමාන්‍ය සුළු උණ මෙන්ම රක්‌තපාන උණ DHF වැනි අවදානම් අවස්‌ථාවලටද පත්විය හැකිය. මෙම අවදානම්
අවස්‌ථා මුල් අවධියේදී සාමාන්‍ය උණෙන් වෙන්කර හඳුනා ගැනීම අපහසුවේ. සාමාන්‍ය උණ
තත්ත්වය ඉක්‌මනින් සුවවන අතර අවදානම් අවස්‌ථාවලදී රෝහල් ගතව ප්‍රතිකාර ලැබිය
යුතුය. එබැවින් අවදානම් අවස්‌ථා ඉක්‌මනින් හඳුනා ගැනීමට ඩෙංගු උණෙහි රෝග ලක්‌ෂණ
පිළිබඳව අවධානයෙන් සිටිය යුතුවේ.
ඔබට වැළඳී ඇත්තේ ඩෙංගු උණද?
උණ සමග පහත රෝග ලක්‌ෂණ පවතී නම් ඔබට ඩෙංගු රෝගය තිබිය
හැකි බවට සැක කළ යුතුය.
හිසරදය හා ඇස් යට වේදනාව
මස් පිඬු හා සන්ධි වේදනාව
ඔක්‌කාරය හා වමනය
සමෙහි රතු පැහැ ලප හටගැනීම
රුධිර වහනය තත්ත්වයන්
ඉහත රෝග ලක්‌ෂණ ඇත්නම් වෛද්‍යවරයකු වෙත යොමුවීම අවශ්‍ය
වේ. ඔබ ඩෙංගු බහුල ප්‍රදේශයක වාසය කිරීම හා අවට ඩෙංගු රෝගීන් වාර්තාවීම මේ සැකය
වඩාත් තහවුරු කිරීමට හේතුවේ.
ඩෙංගු රෝගය නිශ්චය කරන්නේ කෙසේද?
ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වඩාත් වැදගත් වන්නේ
අවදානම් අවස්‌ථාවට පත්වන රෝගීන් ඉක්‌මණින් හඳුනා ගැනීමය. (උදා - ඩෙංගු රක්‌තපාත උණ, අසාමාන්‍ය ඩෙංගු උණ) ඒ සඳහා උණ සෑදී දින 2 කට පසුව කරනු ලබන සම්පූර්ණ රුධිර පරීක්‍ෂාව (FBC- Full Blood) Count) වඩාත් ප්‍රයෝජනවත් වේ.
ඩෙංගු වෛසරය ශරීර ගතව ඇති බව තහවුරු කිරීම සඳහා කරනු ලබන NS1 හා ඩෙංගු ප්‍රතිදේහ පරීක්‍ෂාවන් මගින් ඩෙංගු උණ (DF) හා ඩෙංගු රක්‌තපාත උණ (DHF) වෙන්කර හඳුනාගත නොහැකිය.
ඩෙංගු රෝගය කිහිපවරක් සෑදිය හැකිද?
ඩෙංගු වෛරසයට ප්‍රභේද 4 ක් ඇත. යම් පුද්ගලයකු ඩෙංගු රෝගයට වරක් ගොදුරු වූ විට
ප්‍රතිශක්‌තිය ඇති වන්නේ එක් ප්‍රභේදයකට පමණක් බැවින් ඔහුට නැවත අනිකුත් ප්‍රභේද
මගින් ආසාදනය විය හැකිය. තවද නැවත වරක් ඩෙංගු රෝගය සෑදීමේදී එම පුද්ගලයා ඩෙංගු
රක්‌තපාත තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවය (විශේෂයෙන් දෙවන අවස්‌ථාවේ) වැඩිවේ.
ඩෙංගු උණ වැළඳුණ විට නිවසේදී ප්‍රතිකාර කළ හැකිද?
ඩෙංගු වෛරසය ශරීරගත වන බොහෝ රෝගීන් සාමාන්‍ය උණ
තත්ත්වයක් පෙන්නුම් කරයි. එබැවින් හොඳින් විවේක ගැනීම හා වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ
අනුව කටයුතු කිරීම වැදගත් වේ. වෛද්‍යවරයා විසින් දින 2 කට පසු FBC පරීක්‍ෂාව කොට රෝගියා රෝහල් ගත කළ යුතු බව තීරණය කළහොත්
ඒ පිළිබඳ ඉතා සැලකිලිමත් විය යුතු වේ.
ඩෙංගු රක්‌තපාත උණ (DHF) යනු කුමක්‌ද?
ඩෙංගු රක්‌තපාත උණ ඩෙංගු රෝගී තත්ත්වයේ ඇතිවිය හැකි
අවදානම් අවස්‌ථාවකි. උණත් සමග ඇති වන අනිකුත් රෝග ලක්‌ෂණ බොහෝ දුරට සාමාන්‍ය ඩෙංගු
උණට සමාන වන බැවින් ඩෙංගු රක්‌තපාත රෝගීන් ඩෙංගු උණ රෝගීන් ගෙන් වෙන්කර හඳුනා
ගැනීම මුල් අවධියේ පහසු නොවේ. එහිදී උණ බැස යාමත් සමග ප්‍රධාන ලක්‌ෂණය වන රුධිර
වාහිනී වලින් පිටතට (විශේaෂයෙන් ප්ලුරා පටල අතර
හා උදර කුහරයට) ප්ලාස්‌මා තරලය කාන්දුවීම සිදුවේ. මෙය සාමාන්‍යයෙන් උණ සෑදී 3 වන දින හෝ ඊට පසුව සිදුවන අතර රුධිර පරීක්‍ෂා (FBC) වල වෙනස්‌කම් මගින් හඳුනා ගත හැකිය. මෙසේ නොදැනුවත්
කමින් දිගටම ප්ලාස්‌මාව කාන්දුවීම මගින් කම්පන අවස්‌ථාවට පත්විය හැකිය. ඇතැම්
රෝගීන් කම්පන අවස්‌ථාවට පත්වීමට පෙර අවදානම් ලක්‌ෂණ පෙන්නුම් කරයි. එබැවින් මෙම
අවදානම් ලක්‌ෂණ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වේ.
අවදානම් ලක්‌ෂණ මොනවාද?
උදරයේ ඇතිවන තද වේදනාව
නොනවත්වා වමනය පැවතීම
අධික නිදිමත බව/නොසන්සුන් බව/අප්‍රාණික බව
රුධිර වහනයවීම/ (විදුරුමසෙන්, නහයෙන්, දුඹුරු පැහැ වමනය හා
කළු පැහැ මලපහ පිටවීම)
පැය 6 කට වඩා වැඩි කාලයක්
මුත්‍රා පහ නොවීම හෝ පිටවන මුත්‍රා ප්‍රමාණය අඩුවීම.
අවදානම් ලක්‌ෂණ නොමැතිවද රෝහල් ගත විය යුතු පුද්ගලයන්
කවුරුන්ද?
ගර්භණී මව්වරුන්, අධි බර සහිත රෝගීන්
අවුරුදු 1 ට අඩු ළදරුවන් හා වැඩිහිටි පුද්ගලයන්
නිදන්ගත රෝග සහිත රෝගීන් (දියවැඩියාව, ඇදුම වකුගඩු අකර්මණ්‍යවීම, රුධිර සම්බන්ධ රෝගී තත්ත්වයන්)
උණ ඇති විට කුමක් කළ යුතුද?
වෙහෙසකර කටයුතුවලින් බැහැර වී හොඳින් විවේක ගන්න.
උණ පාලනය කිරීමට නියමිත මාත්‍රාවෙන් නියමිත කාල සීමාව
තුළ පැරසිටමෝල් ඖෂධය ලබා දෙන්න (උපරිම මාත්‍රාව 60 පටරැණටරැ24 ය වේ) තදින් උණ පවතී නම් පිරිසිදු රෙදි කඩක් උණුසුම්
ජලයෙන් පොවා රෝගියාගේ ශරීරය තැවීම සිදු කරන්න.
වේදනා නාශක ඖෂධ Non
Steroidal Anti Inflammatory Drugs
(NSAIDS) කාණ්‌ඩයේ ඖෂධ හා ස්‌ටීරොයිඩ් භාවිතයෙන් වළකින්න.
Steroidal Anti Inflammatory Drugs
(NSAIDS) කාණ්‌ඩයේ ඖෂධ හා ස්‌ටීරොයිඩ් භාවිතයෙන් වළකින්න.
සැහැල්ලු පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගන්න
උණ පවතින කාලය තුළ මදුරු දෂ්ට කිරීමෙන් හැකිතාක් ප්‍රවේශම්
වන්න.
උණ පවතින කාලය තුළ භාවිත කළ යුතු ආහාර මොනවාද?
උණ හා වමනය නිසා ඇතිවන විජලන තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය
ප්‍රමාණයට දියර වර්ග පානය කරන්න. තැඹිලි වතුර, කැඳ, කිරි, ජීවනී වැනි මුඛ සජලන පානය පළතුරු යුෂ වඩාත් සුදුසුය.
ළමුන්ට ග්ලූකෝස් වැනි සීනි සහිත දියර කුඩා ප්‍රමාණ
නිරතුරුව ලබාදෙන්න.
රෝගියා කැමැති ආකාරයෙන් වරකට කුඩා ප්‍රමාණ බැගින් අර්ධ
ඝන, සැහැල්ලු ආහාර වේල්
කිහිපයක් ලබා දෙන්න. තෙල් සහිත ආහාර ගැනීමෙන් වළකින්න.
අභ්‍යන්තර රුධිර වහන තත්ත්වයන් (රතු/දුඹුරු පැහැ වමනය හා
කළු පැහැ මල පහ) හඳුනා ගැනීම අපහසු වන බැවින් රතු/දුඹුරු පැහැ ආහාර හා දියර වර්ග
ගැනීමෙන් වළකින්න.
උණ පවතින අවස්‌ථාවේ NSAIDS භාවිත නොකළ යුත්තේ ඇයිද?
මෙෙµනෙමික් ඇසිඩ් ඉබියුප්‍රොෙµන් ෂඉමචරදෙeබ ඩයික්‌ලොෙµනැක් වැනි Non Steroidal Anti Inflammatory Drugs (NSAIDS) කාණ්‌ඩයේ ඖෂධ ස්‌ටිරොයිට්
භාවිතයෙන් ඩෙංගු නිසා ඇතිවන රුධිර වහනය වීමේ තත්ත්වයන් උග්‍ර විය හැකිය.
ඩෙංගු රෝගීන්ට ඇතිවිය හැකි සංකූලතා මොනවාද?
සාමාන්‍ය ඩෙංගු උණ රෝගීන්ට සංකූලතා ඇතිවීමේ අවදානම අවම
වේ. ඩෙංගු රක්‌තපාත උණ හා අසාමාන්‍ය ඩෙංගු වැනි අවදානම් අවස්‌ථාවලට පත්වන
රෝගීන්ගෙන් සුළුÊපිරිසකට වකුගඩු හා අක්‌මාව
අකර්මන්‍යවීම, මොළයට සිදුවන බලපෑම
වැනි සංකූලතා ඇතිවී කලාතුරකින් මරණය පවා සිදුවිය හැකිය. පමා නොවී නිසි ප්‍රතිකාරවලට
යොමුවීමෙන් මෙවැනි තත්ත්වයන් අවම කර ගත හැක.
ඩෙංගු රෝගය ඇති විට මදුරුවන් දෂ්ට කිරීමෙන් ආරක්‍ෂා විය
යුතු වන්නේ ඇයි?
ඩෙංගු මදුරුවා දෂ්ට කළ පසු වෛරසය රෝගියාගේ ශරීරය තුළ
වර්ධනය වන අතර එම කාලය තුළ කිසිදු රෝග ලක්‌ෂණයක් නොපෙන්වයි. මෙම බිජෞසන සමය දින 3-14 අතර කාලයක් පවතී.
ඉන් පසුව ඇතිවන්නේ උණ අවධිය වන අතර එය දින 2-10 අතර කාලයක් පවතී. මෙම කාලය තුළ ඩෙංගු වෛරසය රෝගියාගේ
රුධිරය තුළ පවතින බැවින් මදුරුවකු දෂ්ට කළ හොත් වෛරසය මදුරුවා තුළට ඇතුළුවන අතර
එමගින් වෙනත් පුද්ගලයන් තුළට වෛරසය ඇතුළු වී රෝගය පැතිරිය හැකිය.
ඩෙංගු මදුරුවන් දෂ්ට කරන්නේ කුමන වේලාවන්හිද?
සාමාන්‍යයෙන් ඊඩිස් මදුරුවන් දවසේ උදය කාලයේ හිරු පායා
පැය කිහිපයක් යන තුරුද සවස් කාලයේ හිරු බැසීමට පැය කිහිපයකට පෙරද වැඩිපුර දෂ්ට
කිරීම සිදු කරයි. එබැවින් මෙම කාලය තුළ මදුරු දෂ්ටනවලින් ආරක්‍ෂා විය යුතුය.
ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථාන මොනවාද?
ඉවතලන ප්ලාස්‌ටික්, මැටි හා ලෝහ බඳුන් විසිතුරු මල් බඳුන්, බැරල් කුරුළු නාන තටාක, වතුර ටැංකි, ශීතකරණ තැටි, ඉවතලන ටයර,¨ වියළි පොල් කෝම්බ හා වැහිපීලි වැනි මිනිසුන් විසින් ඇති
කරනු ලබන ජලය රැඳෙන ස්‌ථානවල මෙම මදුරුවන් බිත්තර දමයි. තවද බ්‍රොමිලියා, අන්නාසි පත්‍ර අතරද, ගස් බෙන වැනි ස්‌වභාවික ජලය රැඳෙන ස්‌ථානවලද ඩෙංගු
මදුරුවන් බෝවේ. වැඩිහිටි මදුරුවන් නිවසින් පිටත මෙන්ම නිවසේ ඇතුළත අඳුරු ස්‌ථානවල
රැඳී සිටිය හැකිය.
මදුරු දෂ්ට කිරීම්වලින් වැළකෙන්නේ කෙසේද?
අත්පා හොඳින් ආවරණය වන පරිදි ඇඳුම් අඳින්න.
මදුරු දැලක් යට විවේකීව සිටින්න
මදුරු විකර්ෂක භාවිත කරන්න
උදා- පැඟිරි තෙල් හෝ කෘත්‍රිම විකර්ෂක
ඩෙංගු මදුරුවන් බෝවීම වළක්‌වන්නේ කෙසේද?
භාවිතා කළ හැකි ඉවතලන ප්ලාස්‌ටික් වීදුරු බඳුන් බෝතල්, ටින් ආදිය ප්‍රතිචක්‍රීයකරණය සඳහා යොමු කරන්න. අනිකුත්
බඳුන් මදුරුවන් බෝනොවන ලෙස විනාශ කරන්න.
වැහිපීලිවල හිරවී ඇති කොළ රොඩු ඉවත් කර නිතර පිරිසිදු
කරන්න. වතුර ටැංකි, බැරල්, මල් බඳුන්, ශීතකරණ තැටි බුරුසුවකින් අතුල්ලා පිරිසිදු කරන්න.
වතුර එක්‌රැස් වන ස්‌ථාන ළිං, ටැංකි මදුරුවන්ට යානොහැකි ලෙස දැල් යොදා ආවරණය කරන්න.
නිරන්තරයෙන් සතියට වරක් ගෙවත්ත හා ගෙතුළ හොඳින් පරීක්‍ෂා
කර මදුරුවන් බෝවිය හැකි ස්‌ථාන ඉවත් කරන්න.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ
වෛද්‍ය හසිත තිසේරා
වෛද්‍ය හසිත තිසේරා
No comments:
Post a Comment