පසුගිය
වසරේ ගුගල් ආයතනය මගින් ඇන්ඩ්රොයිඩ් මෘදුකාංග ක්‍රෝම් බ්‍රව්සර් එකෙන් ක්‍රියාත්මක
වන පරිදි බීටා සංස්කරණයක් ඉදිරිපත් කරන ලදී. අද වන විට එය සම්පුර්ණ බ්‍රව්සරයක්
ලෙසට කල එළි බැස තිබේ. දැන් ඔබට ඔබේම පරිඝනකයෙන් මොබයිල් ඇන්ඩ්රොයිඩ් මෘදුකාංග ක්‍රෝම්
බ්‍රව්සරය හරහා ක්‍රියාත්මක කළ හැක. මෙමගින් මිලියන ගණනක ඇන්ඩ්රොයිඩ් මෘදුකාංග
ධාවනය කිරීමට හැකියාව ලැබී ඇත.
ලිනක්ස්,
වින්ඩෝස්,
සහ OAX
මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන් හට මෙම පහසුකම ලබාගත හැකි අතර App Runtime for Chrome
(ARC) Welder හඳුන්වන මෘදුකාංගය ක්‍රෝම් බ්‍රව්සරය මත ධාවනය වීමට ඉඩ ලබා දෙයි. පුරව
පර්යේෂණාත්මක මෙවලමක් නොහොත් beta version ඒකකව පැවතී මෙය දැන් ඕනෑම
අයෙක්ට බා ගත කර ගත හැක.
දැන් අපි බලමු මෙය කෙසේද ස්ථාපිත කරන්නේ කියා
ARC Welder App එක Chrome Store එකෙන් බා ගත කරන්න. මෙතන ක්ලික් කර අදාළ පිටුවට පිවිසෙන්න පහත රුපයේ පෙනෙන පරිදි Add to
Chrome Click කර එය install වන
තෙක් මඳ වෙලාවක් සිටින්න.
Google Chrome හි ස්ථාපිත වුවාට පසු මෙසේ දිස් වනු ඇත. Lauch App click කර
App එක
විවෘත කරගන්න
අදාළ Android Application එක
එනම් .apk file එක ‘Add your APK’ click කර load කරගන්න
දැන් පහත
පරිදි App එක
ධාවනය කල යුත්තේ Mobile Phone හෝ Tablet ස්ටයිල් එකටද යන්න තෝරා ‘Launch
App’ Click කරන්න.
දැන් ඔබට ඔබගේ Android App එක ක්‍රියාත්මක වනු ඇත.
මෙය ක්‍රියාත්මක
කිරීමේදී යම් සිමා මායිම් වලට යටත්ය. එනම්, එකවරකට එක application එකක් පමණක් ලෝඩ් කිරීමට ඉඩ දීමයි.
No comments:
Post a Comment