Recent

Friday, April 3, 2015

ශ්‍රී ලංකා වාසීන්ට අර්ධ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාවක් හෙට උදාවෙයි


ශ්‍රී ලංකා වාසීන්ට අර්ධ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාවක් 2015 අප්‍රේල් මස 04 වන දින උදා වන බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
නිවේදනයක් නිකුත් කරන නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසන්නේ, මෙම චන්ද්‍රග්‍රහණයේ උපරිම අවස්ථාව හෙට සවස 5.00ට පමණ සිදු වන අතර එම අවස්ථාව නිරීක්ෂණය කිරීමට අපහසු බව ය.
නමුත් චන්ද්‍රග්‍රහණයේ අවසාන භාගය අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස රාත්‍රී 8.00 පමණ වන තෙක් දැක ගත හැකි වේ.
අප්‍රේල් 4 වන දින සවස 5.47ට චන්ද්‍රයා උදාවන අතර පැහැදිලි ක්ෂිතිජය පවතින විට එම මොහොතේ පටන් රාත්‍රී 8.00 වන තෙක් අර්ධ චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කළ හැකි ය.
මෙම චන්ද්‍රයා උතුරු අමෙරිකාව, පැසිෆික් සාගරය හරහා චීනය දක්වා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස් වේ.

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews