Recent

Wednesday, April 8, 2015

අපේ රටේ තරුණ පිරිස අතර ලිංගාශ‍්‍රිත රෝග ව්‍යාප්තිය වැඩි ඇයි?



අපේ රටේ ඇස්තමේන්තුගත ලිංගාශ‍්‍රිත රෝගීන් සංඛ්‍යාව හැටදහසත් ලක්ෂ දෙකත් අතර ප‍්‍රමාණයක්
වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි විසිනි
මා ලිංගාශ‍්‍රිත රෝග සහ එ්ඞ්ස් මර්දන එ්කකයෙහි රාජකාරි කටයුතු කරන කාලයේදී එහි ප‍්‍රතිකාර පතා පැමිණි විවිධ තරාතිරම්වල කාන්තාවන් සහ පිරිමින් මට මුණගැසී තිබෙනවා. මේ සමහරුන් ලිංගාශ‍්‍රිත රෝග වැළඳී තිබූ අය තවත් අය තමන්ට එවැන්නක් ඇතැයි යන සැකය නිසා පරීක්ෂා කරවා ගැනීමට පැමිණි අයයි. මේ හැම තරාතිරමකම අය සමග මා බොහෝ විට දීර්ඝ වශයෙන් සාකච්ඡුා කර තිබෙනවා.
ලිංගික සේවා සපයන්නියගේ අනාවරණය
වයස අවුරුදු තිස් පහක පමණ එක් කාන්තාවක් මෙහිදී මා සමග පැවසූ දෙයක් සිහිපත් වෙනවා. මේ කාන්තාව ගණිකාවක් නමින් පොදු සමාජය විසින් හඳුන්වනු ලබන ලිංගික සේවා සපයන්නියක්.
මගේ ළඟට විවිධ තරාතිරම්වල අය එනවා. එ් අතර උසස් පෙළ පන්තිවල ඉගෙන ගන්න කොළඹ ඉස්කෝලවල ළමයිනුත් ඉන්නවා. ඇත්තම කිව්වොත් මට එ් ළමයි ගැන ලොකු කම්පාවක් ඇති වෙනවා. එ්ත් මේක මගෙ රස්සාවනේ. මේ ළමයින් කීප දෙනෙකුගෙන්ම මං 
ඇහුවා ඇයි මේ විදිහට ඉස්කෝලෙ යන කාලෙ මේ වගේ දේවල්වලට එන්නේ කියලා. එ් හැම දෙනෙක්ම කියන්නෙ අත්දැකීම් ලබා ගන්න කියලා. මේ වගේ දේවල් කරපු වෙන යාළුවො කියන දේවල් අහලා මේ ළමයින් වැඩි දෙනෙක් එන්නෙ එයාලගෙ හිතේ තියෙන කුතුහලය හින්දා.’’
ඔබ විශේෂයෙන් මතක තබා ගත යුතු දෙයක් වන්නේ මේ ආකාරයට මා සමග පැවසූ කාන්තාව ඇය පමණක් නොවේය යන්නයි. මෙවැනි කතා
ලිංගික සේවා සපයන කාන්තාවන් විශාල ප‍්‍රමාණයක් මා සමග කියා තිබෙනවා.
මග වරදවා ගත් අවුරුදු විස්සක තරුණයා
අවුරුදු විස්සක තරුණයෙකු දිනක් මා හමුවීම සඳහා පැමිණ තිබිණි. ඔහුට ලිංගාශ‍්‍රිත රෝගයක් තිබුණෙ නෑ. නමුත් ඔහු තමාට එවැනි රෝගයක් ඇතැයි යන සැකය නිසා අධික බියකින් පසුවුණා. ඔහු ලිංගික සේවා සපයන්නියක සමග එක් අවස්ථාවකදී කායික සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තිබුණේ එම අත්දැකීම ලබා තිබූ යහළුවෙකුගේ මග පෙන්වීමට අනුවයි. එ් මොහොතේ ඔහු තුළ පැවැති අධික මානසික පෙළඹවීම අනුව ඊට යොමු වුණත් එම ආවේගය සිඳී ගිය මොහොතේ සිට ඔහු තුළ අධික බියක් ඇති වුණේ තමාට එ්ඞ්ස් රෝගය වැළඳේවි යන සිතුවිල්ලත් සමගය.
පසුව එ් සම්බන්ධයෙන් කළ සියලූ පරීක්ෂණවලින් අනාවරණය වුණේ ඔහුට එවැනි රෝගයක් නැති බව වුණත් ඔහුගේ බිය සම්පූර්ණයෙන් නැති කරන්නට බැරි වුණා. මේ සම්බන්ධයෙන් ඔහු කොයිතරම් මානසිකව කඩාවැටී සිටියාදැයි කිවහොත් මාසයකට වතාවක් බැගින් කිහිප වරක්ම පැමිණ පරීක්ෂා කරවා ගත්තේ එම රෝග ලක්ෂණ පසු කාලීනව හෝ මතුවී ඇතිදැයි දැන ගන්නටයි. එවිටත් එ්ඞ්ස් නැති බව තහවුරු වුණත් ඔහු තුළ තිබූ බිය, චකිතය, කම්පාව සහ කලකිරීම දුරුවී නොතිබූ අතර මේ ගැටලූව නිසා ඔහු එ් වන විට විශාද රෝගයටද (Depression)  ලක්වී සිටියා. අනතුරුව ඔහු මනෝ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු කිරීමට අපට සිදුවුණා.
ශරීරය වෙනස් වන කාළේ බුද්ධිය හසුරුවාගන්න
නව යොවුන් වයසට එළඹීමත් සමගම ගැහැනු සහ පිරිමි දරුවන් තුළ ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වීම නිසා කායික හා මානසික වෙනස්කම් ඇතිවීම
නිරෝගීකමේ ලක්ෂණයකි. මේක කාටවත් නතර කරන්න පුළුවන් දෙයක්වත්, නතර කළ යුතු දෙයක්වත් නොවෙයි. නමුත් මේ කාලයේදී දෙමාපිය වැඩිහිටියන්ගේ සහ ගුරුවරුන්ගේ නිසි මගපෙන්වීමක් නොලැබුණොත් නොමගට යොමු වීමට විශාල අවකාශයක් තිබෙනවා.
දැන් කාලේ වෙනස්අතිශයින් වෙනස්
අනෙක් බොහෝ දේවල්වල මෙන්
ලිංගික සේවාවලත් විශාල ව්‍යාප්තියක් දැන් අපේ රටේ තිබෙනවා. මීට දශක හතරකට පහකට ඉහත තරුණ ළමයින් කායික එක්වීම සම්බන්ධ පින්තූර දැක්කේ සඟරාවලිනි. එ්වා ගුරුවරුන්ට, වැඩිහිටියන්ට හොර රහසේ ළමයින් අතර හුවමාරු වුණා. නමුත් දැන් අන්තර්ජාල, දුරකථන ඇතුළු විවිධ ක‍්‍රම මගින් මේ ක‍්‍රියාවන් සජීවී අන්දමින් ළමයින් දකිනවා. එ් අනුව ඔවුන් තුළ මෙවැනි අත්දැකීම් ලබා ගන්නට විශාල පෙළඹවීමක් ඇති වෙනවා. එ් හැරුණු විට යහළුවන්ගේ මගපෙන්වීම මතත් මේවාට තරුණ ළමයින් යොමු වෙනවා.
ඉස්සර ගණිකා නිවාසවලට ගිහින් කාන්තාවන් හමුවීමට සිදු වුණු නිසා තරුණයන් තුළ එවැනි තැන්වලට යාමට ලැජ්ජාවක්, චකිතයක්, බයක් තිබුණා. නමුත් දැන් ජංගම දුරකථන හරහා පවා මේ සේවාවන් ලබා ගැනීමේ මාර්ග සකසා ගැනීමට හැකියාව තිබෙන නිසා තරුණ ළමයින් තුළ මීට ඇති නැඹුරුවත් වැඩියි.
ආයුර්වේද නාමයත් විකුණන් කන්නෝ ඉන්නවා
අනෙක් අතට ආයුර්වේද යන වචනය අපචාරයේ යොදවමින් විවිධාකාර වූ සම්බාහන සේවාවන් නගරාශ‍්‍රිතව නොයෙකුත් පුද්ගලයන් විසින් පවත්වාගෙන යනවා. එවැනි තැන්වලටත් තරුණ පිරිස බොහෝ සෙයින් ඇදෙනවා. මුළු සමාජය පුරාම නිර්මාණය වී තිබෙන්නේ සහ නිර්මාණය වෙමින් පවතින්නේ තරුණ පිරිස නොමගට යොමු කරන දේවල්මයි. අත්දැකීම් නැති තරුණ දරුවන් පහසුවෙන් මේවාට නතුවෙනවා.
මීට දශක හතර පහකට ඉහතදී වගේ නොවෙයි, දැන් තරුණ ළමයින්ට අධ්‍යාපන කටයුතු සඳහා විවිධ මාර්ග විවර වී තිබෙන නිසා එ් ඔස්සේ වැඩි නිදහසකුත් හිමි වී තිබෙනවා. මේ තරුණ ළමයින්ගේ ආහාර රටාවත් අතීතයේ සිටි අයගේ රටාවන්ට වඩා වෙනස්. ළමයින් ස්වභාවික ආහාරවලින් වේගයෙන් ඈත්වෙමින් කඩ කෑමවලට සහ කෙටි ආහාරවලට යොමු වී ඇති නිසා උදේට පාසලටත් හවසට ටියුෂන් පන්තියටත් යන දරුවන් (විශේෂයෙන් පිරිමි දරුවන්) කෑම ගන්නේ කඩෙන්. එ් නිසා කොයිතරම් අගහිඟකම් තිබෙන මව්පියන්ට වුණත් මගතොටටත්, කෑම බීම සඳහාත් දරුවන්ට අඩුම තරමින් රුපියල් දෙතුන් සීයක්වත් එක දවසකට දෙන්න වෙනවා. මේ නිසා ළමයින් අත මුදල් ගැවසීමත් වැඩියි. එ් අනුව වැරදි මාර්ගවලට යොමු වීමට තිබෙන අවකාශයත් වැඩි බව කිව යුතුයි.
වෛරස මගින් පැතිරෙන රති රෝග
මේ නොමගට යොමු වීමේ අවසන් ප‍්‍රතිඵලය කුමක්ද? අද වන විට අපේ රටේ
ලිංගික හර්පීස් සහ ලිංගික ඉන්නන් යන ලිංගාශ‍්‍රිත රෝගවල විශාල ව්‍යාප්තියක් දක්නට ලැබෙනවා. මෙයින් අදහස් කරන්නේ අනිකුත් ලිංගාශ‍්‍රිත රෝග අඩු බව නොවෙයි. එ්ඞ්ස් සහ ඉහත කී රෝග දෙකම බෝ වෙන්නේ වෛරස මගිනි. එ් නිසා මේ රෝග හැදුණොත් නිට්ටාවට සුව කරන්න බැහැ. එ් අනුව මුළු ජීවිත කාලය තුළම මේ රෝග වරින් වර මතුවෙනවා.
අනෙකුත් ලිංගාශ‍්‍රිත රෝග බෝ වුණත් ප‍්‍රතිකාර මගින් සුව කළ හැකි නිසා ව්‍යාප්තිය අඩුයි. නමුත් මේ රෝග සුව නොවන නිසා එවැනි රෝගයක් ඇති කාන්තාවක් සමග සම්බන්ධ වූ නිරෝගී හැම පිරිමියෙකුටමත්, එවැනි නිරෝගී හැම කාන්තාවකටමත් , එම රෝග බෝ වෙනවා. නොමනා ලිංගික සම්බන්ධතා සමාජයේ විශාල වශයෙන් ඉහළ ගොස් ඇති නිසා තමයි මේ රෝගවලත් බහුල ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ.
ප‍්‍රතිකාර කළත් නිට්ටාවට සුව නොවන නිසා විටින් විට මතු වන මෙම රෝග ඇති අය විවාහයට එළඹි පසු ඔවුන්ට බරපතළ ගැටලූවලට මුහුණ දෙන්නට සිදුවෙනවා. එවැනි පිරිමියෙකුගෙන් නිරෝගී බිරිඳට රෝගය වැළඳුණු පසු ඇය ලබන දරුවන්ටත් මෙයින් බලපෑම් ඇති වන්නට පුළුවන්. එ් හැරුණු විට පවුල් ජීවිතය කඩා වැටීමට විශාල හැකියාවක් තිබෙනවා. එ් වගේම මේ නිසා ඔවුන් තුළ ඇතිවන මානසික කම්පනය හා පීඩනය විශාදය වැනි බරපතල මානසික රෝගවලට ලක්වීම දක්වාම දුරදිග යනවා.
මේ රෝග බෝ වන්නේ බොහෝ විටම
ලිංගික ශ‍්‍රමිකයන් හෙවත් සරලව කිව්වොත් ගණිකා වෘත්තියේ යෙදෙන කතුන් හරහාය. හේතුව එවැනි කාන්තාවන් බොහෝ පිරිසක් සමග ලිංගික ගනුදෙනු කරන අය වැඩිවීම නිසයි. එබැවින් ඔවුන් හට
ලිංගාශ‍්‍රිත රෝග අනතුර වැඩියි.
මතක තබා ගන්න. අපේ රටේ ඇස්තමේන්තුගත ලිංගාශ‍්‍රිත රෝගීන් සංඛ්‍යාව හැටදහසත් ලක්ෂ දෙකත් අතර ප‍්‍රමාණයකි. මෙයින් වැඩි කොටස අවුරුදු 25-34 අතර තරුණ කාණ්ඩයයි. අවුරුදු 15-19 අතර නව යොවුන් දරුවන්ව හයවෙනි තැනට පත්ව සිටිනවා. කොහොමද අපේ රටේ සදාචාර දියුණුව? මේක ලොකුම ඛේදවාචකයක්
නොවෙයිද?
· 
· 
· 
· 

මෙම වෙබ් අඩවියෙහි වන සියළුම තොරතුරු දැණුම ප‍්‍රවර්ධනය පිණිසය. කිසිම ආකාරයකින් මෙහි සඳහන් අදහස් මත පිහිටා රෝග නිර්ණය කිරීම හෝ රෝග වලට ප‍්‍රතිකාර කිරීමට උත්සාහ නොදැරිය යුතුය. ඔබට තිබෙන කවර හෝ රෝග තත්ත්වයක් වේ නම් වෛද්‍යවරයෙකුගෙන් ඒ සම්බන්ධයෙන් උපදෙස් හා ප‍්‍රතිකාර ගත යුතු වන බව අවධාරනය කරමු.

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews