Recent

Monday, July 13, 2015

කිසිවිටෙක ශීතකරණයෙහි නොතැබිය යුතු ආහාරයන් 7ක්

1. අර්තාපල් 

ශීතකරණයේ වූ සීතල උෂ්ණත්වය හේතුවෙන් අර්තාපල් වල පිෂ්ඨය ක්ෂකිකව සීනි බවට පත්වේ ...අර්තාපල්වල රසය වෙනස් නොවී නැවුම්ව වැඩිකාලයක් කල්තබා ගැනීමට නම් අඳුරු සහ වියලි ස්ථානයක අර්තාපල් ගබඩා කිරීමට හොඳින් මතක තබා ගන්න ...
2. තක්කාලි 
ශීතකරණය තුලදී තක්කාලි ගෙඩියේ ඇති සියලුම රසය අතුරුදහන් වන අතර ශීතකරණයේ ඇති සිසිල් වාතය හේතුවෙන් ඉදීමේ ක්‍රියාවලියද නතරවීම සිදුවේ ..හොඳින් මතක තබා ගන්න තක්කාලි වලට වැඩි රසයක් එකතු කරන ඉදීමේ ක්‍රියාවලිය තමයි මෙසේ නතර වීම සිදුවන්නේ ..ශීත උෂ්ණත්වය හේතුවෙන් පලතුරු බිත්තිවල අභ්‍යන්තරයේ ඇති තුනී පටලයන් වල බිඳ වැටීමක් සිදුවන නිසා ඒවා පිෂ්ඨතම ස්වාභාවයකට පත්වෙනවා ...අන්න ඒ හේතුන් නිසා තමයි තක්කාලි කිසිවිටෙක ශීතකරණය තුල තැබිය යුතු නොවන්නේ .
3. ළූණු 
ළූණු ශීතකරණය තුල තැබීමේදී එහි ඇති තෙතමනය හේතුවෙන් ළූණු ගෙඩිය වඩාත් මෘදු මොලොක් එකක් බවට පත්වන අතර ළූණු ගබඩා කල යුතු නිවැරදි ස්ථානය නම් වියලි සහ සීත උෂ්ණත්වයක් ඇති ස්ථානයකයි ...ලූනු සහ අර්තාපල් වෙන් වෙන්ව ගබඩා කිරීමට මතක තබා ගන්න ...මොකද ,ළූණු සහ අර්තාපල් එක ළඟ තිබෙන විටදී ඒවා ඉක්මනින් නරක් වෙනවා 
4. අලිගැටපේර 
අලිගැටපේර ඉදවා ගැනීමට අවශ්‍ය නම් කිසිවිටෙක ඒවා ශීතකරණය තුල තබන්න එපා ...ඔබ මිලදී ගනු ලැබුවේ හොඳින් ඉදී ඇති අලිගැටපේර ගෙඩියක් නම් ඒය ශීතකරණයේ තැබුවාට වරදක් නෑ ...
5. සුදුළූණු
සුදුළූණු ශීතකරණයේ තැබීමේදී අංකූර ලියලීමක් සිදුවන අතර එය මොලොක් සහ රබර් ස්වාභාවයකට පත්වෙනවා . එම නිසා සුදුළූණු ගබඩා කිරීමේදී වියලි සහ සිසිල් පරිසරයක ගබඩා කිරීමට මතක තබා ගන්න ...
6. මී පැණි 
ශීතකරණයක් තුල මීපැණි ගබඩා කිරීමට කිසිඳු අවශ්‍යතාවයක් ඇත්තේ නෑ ...මී පැණි අසුරන ලද බඳුන හොඳින් වසා තබනවා නම් කිසිඳු ගැටළුවක් නැතුව බොහෝ කාලයක් තබා ගැනීමට පුළුවන් ...ශීතකරණයක් තුල මීපැණි තැබීමේදී මීපැණි කැටිගසීමට ඉඩ තිබෙනවා ...
7. ඔලිව් තෙල් 
ඔලිව් තෙල් ගබඩා කලයුතු වන්නේ සිසිල් අඳුරු ස්ථානයක මිස ශීතකරණයක නොවෙයි ..ශීතකරණයක තැබීමේදී ඔලිව් තෙල් මිදීමට සහ ඝනවීමකට ලක්වෙනවා ...අවසානයේදී එය බටර් වැනි ස්වාභාවයකට පත්වෙනවා .


ඔබේ නොදැනුවත්කම් නිසා සිදුවන ආහාර නාස්තිය පිළිබද වටහා ගන්න. ඔබේ මිතුරන්වද දැනුවත් කරන්න.

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews