Recent

Thursday, July 30, 2015

ඉන්දියාවේ මිසයිල මිනිසාගෙන් ඔබේ රැකියා ජීවිතයට ගත හැකි ආදර්ශ!


ඉන්දියානු මිසයිල මිනිසා ලෙස විරුදාවලිය ලැබූ ආචාර්ය අබ්දුල් කලාම් මහතා පසුගියදා දිවිසැරියෙන් සමුගත්තේය. ඉන්දියාව තුළ ඇතිවුණ විද්‍යාත්මක අංශයේ දියුණුවට විශාල දායකත්වයක් ලබාදුන් අබ්දුල් කලාම් මිය යන විට 84 වන වියේ පසුවිය. 

අබ්දුල් කලාම් රැකියාවල නියුතු වෘත්තිකයන් වෙනුවෙන් වටිනා පණිවිඩ රැසක් ලබා දී තිබෙනවා. සමාගම් ලාභ ලැබුවත් සමාගම් ඉහලට ගෙනයන්න මහන්සි වවන වෘතිකයන් සතුටින් නැත්නම් එම දියුණුවෙන් වැඩක් නොවන බව පෙන්වාදෙන අබ්දුල් කලාම් මහතා සමබර ජීවිතයක් ගත කිරීම සඳහා පහත උපදෙස් සමාජයට ලබාදී තිබේ.

    1. වැඩ කිරීම කියන්නේ නොනවතින ක්‍රියාවලියක්. ඒක නිසා එහි නැවතීමක් නැහැ. ඒක මතක තියාගන්න.

2. පාරිභෝගිකයාට දක්වන ඇල්ම වගේම පවුලට දක්වන ඇල්මත් ඉතාම වැදගත් බව හිතන්න.

3. ඔබ ජීවිතය තුළදී ඇද වැටුණොත් ඔබට නැඟිටින්න අත දෙන්නේ පවුලේ අය මිසක් බොස් හෝ පාරිභෝගිකයා නෙවෙයි.

4. ජීවිතය කියන්නේ පාරිභෝගිකයා සහ සමාගම නෙවෙයි. තවත් ගොඩක් දේවල් තියෙනවා. ජීවිතයේ අනෙක් සතුට උපදවන ඉසව් ගැනත් හිතන්න.

5. කාර්යාල වේලාවෙන් පසුවත් වැඩ කරන කෙනා මහන්සි වෙලා වැඩ කරනම පුද්ගලයා වශයෙන් නම් කරන්න බැහැ. මන්ද යත් ඔහුට කාලය සහ වැඩ නියමිත වෙලාව තුළ කළමනාකරණය කරගන්න බැරිවෙලා තිබෙනවා.

6. ඔයා මහන්සිවෙලා ඉගෙන ගත්තේ මැෂින් එකක් වෙන්න නෙවෙයි කියලා හොඳට මතක තියාගන්න.

7.රැකියාවට ආදරය කරන්න. නමුත් ඔබේ ආයතනයට ආදරය නොකරන්න. ඔබේ ආයතනය ඔබට ආදරය කිරීම නවත්වන දවස ඔබ නොදන්නවා විය හැක.

8. ඔයාගේ බොස් රාත්‍රි වෙනකල්ම ඔයාට වැඩ කරන්න බල කරනවා නම් ඔහු තේරුමක් නැති පිස්සු බොස් කෙනෙක්. එයාට දැන්ම ගිහින් පහත සමීකරණය පෙන්වන්න.

කාර්යාලයෙන් කලින් පිටවීම = කාර්යක්ෂමතාව+හොඳ සමාජ ජීවිතය+ හොඳ පවුල් ජීවිතය
කාර්යාලයෙන් පමාවෙලා පිටවීම=අකාර්යක්ෂමතාව+සමාජ ජීවිතයක් නැතිවීම+අයහපත් පවුල් ජීවිතය

අබ්දුල් කලාම් ඉහත උපදෙස් දුන්නේ වෘත්තිකයන් අසාර්ථක කරන්න නෙවෙයි. වෘතිමය ජීවිතය සහ පවුල් ජීවිතය සමබර කරන්න.

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews