Recent

Tuesday, October 13, 2015

විදේශයක සිට මෙරටට පැමිණෙන ඔබට රේගුවෙන් හිමි සහන


විදේශයේ සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයකුට, නේවාසික වීසා හිමියකුට හෝ ද්විත්ව පුරවැසිභාවය හිමි මගියෙකුට, ලැබෙන සහන
විදේශයේ සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයකුට, නේවාසික වීසා හිමියකුට හෝ ද්විත්ව පුරවැසිභාවය හිමි මගියෙකුට, පහත සඳහන් මුදලට සමාන ප්‍රමාණයක් වටිනාකමකින් යුත් කැටුව ගෙන ආ භාණ්ඩ සහ තීරු බදු නිදහස් සාප්පුවලින් ගන්නා භාණ්ඩවලට වාර්ෂික තීරු බදු සහනයක් ලබාගත හැකි වේ. විදේශයක එක දිගට ගතකළ කාලය අනුව මෙම තීරුබදු නිදහස් දීමනාවේ ප්‍රමාණයක් තීරණය කරනු ලැබේ.
විදේශයක එක දිගට රැඳී සිටි කාලය
පිටරටකදී මිලදී ගත් භාණ්ඩ හෝ තීරුබදු රහිත සාප්පු වලින් මිලදී ගත් භාණ්ඩ
බාලවයස්කරුවන්ට
වැඩිහිටියන්ට
දින 90 ට අඩු
·         ඇ.ඩො. 87.5
·         ඇ.ඩො. 125
·         ඇ.ඩො. 125
·         ඇ.ඩො. 187.5
·         දින 90-365 අතර
·         ඇ.ඩො. 187.5
·         ඇ.ඩො. 500
·         ඇ.ඩො. 187.5
·         ඇ.ඩො. 625
·         දින 365 ට වැඩි
·         ඇ.ඩො. 187.5
·         ඇ.ඩො. 1000
·         ඇ.ඩො. 187.5
·         ඇ.ඩො. 1750
·         වාණිජමය ස්වරූපයෙන් ගෙන එන ලද භාණ්ඩ සඳහා තීරු බදු රහිත දීමනාව වලංගු නොවේ.
·         ඔබ තීරු බදු රහිත වෙළඳසැල් වලින් භාණ්ඩ මිලදී ගැනීමට අදහස් කරන්නේ නම්, ඔබ සතු සියළුම විදේශ මුදල් රේගුව වෙත ප්‍රකාශ කළ යුතුය.
·         ඔබ විසින් මිලදීගත් භාණ්ඩ, ජාවාරම්කරුවන්ට හෝ තැරැව්කරුවන්ට විකිණීමෙන් වලකින්න.
·         ඔබගේ විදෙස් ගමන් බලපත්‍රය භාවිතා කර භාණ්ඩ මිලදී ගැනීමට ජාවාරම්කරුවන්ට හෝ තැරැව්කරුවන්ට ඉඩ නොදෙන්න. රජය විසින් ඔබට ලබාදෙන තීරුබදු සහනය වෙනත් අයෙකුට පැවරීම වරදකි.
·         ඔබට ලැබෙන බදු සහනය ඔබ ශ්‍රී ලංකාවට ආපසු පැමිණි දිනයේ සිට අවුරුද්දක් දක්වා වලංගු වේ. වසරක් තුල ඔබ කිහිප වරක් ආපසු පැමිණ තිබේ නම්, එම වසර තුල විදෙස්ගත වී සිටි වැඩිම කාල සීමාවට අදාලව තීරු බදු සහනය ලැබේ.

මත්පැන් සඳහා සීමාවන්

ශ්‍රී ලාංකිකයින් සඳහා -
මධ්‍යසාර ලීටර 2 1/2 නොඉක්මවන ප්‍රමාණයක්
වයින් ලීටර 2 නොඉක්මවන ප්‍රමාණයක්
සුවඳ විලවුන් මිලි ලීටර් 250 නොඉක්මවන ප්‍රමාණයක්
විදේශිකයින් සඳහා -
වයින් සාමාන්‍යය ප්‍රමාණයේ බෝතල් 2ක්
ස්ප්‍රීතු ලිටර් 1 1/2ක්
මුළු වටිනාකම ඇ.ඩො. 250 නොඉක්මවන සුවඳ විලවුන් මි.ලි. 250 නොඉක්මවන ප්‍රමාණයක් සහ සමරු සිහිවටන.

ආයතනයේ තොරතුරු

·         රේගු දෙපාර්තුමේන්තුව
නො 40,
කෙලින් වීදිය,
කොළඹ 11.
·         දුරකථන:+94-11-2470945 to +94-11-2470948
·         ෆැක්ස් අංක:+94-11-2446364
·         විද්‍යුත් තැපෑල:slcdgc@slt.lk
·         වෙබ් අඩවිය: http://www.customs.gov.lk/index.html
මුලාශ්‍රය: ශ්‍රී ලංකා රේගුව

මුලාශ්‍රය වැඩබිම

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews