Recent

Tuesday, October 20, 2015

How to Bonsai


Bonsai යනු,කලාත්මකව කුඩා භාජනයක කුඩාවට වගා කරන ලද ශාකයකි.
Bonsai ගසක තිබිය යුතු ගුණාංග ,
*ශාකය නම්‍යශීලී වියයුතුය.
*ශාකයේ පත්‍ර කුඩා විය යුතුය.
*දැඩි පුහුණුකිරීම් වලට ඔරොත්තු දියයුතුය.
*කෙටි පර්ව පිහිටීම.
*කුරු වර්ධන විලාශය.
යොදාගතහැකි උදාහරණ ශාක:
*දිවුල්
*වීර
*නිතුල්ල
*නුග
*අන්දර
*කීන
*පලු
*දං
යොදාගන්නා මාධ්‍ය:
*වියලි ගොම
*ගංගා වැලි
*අඟුරු කැබලි
*ගඩොල්/උලු කැබලි
*මතුපිට පස්
සියලු ද්‍රව්‍ය සම ප්‍රමාණයෙන් මිශ්‍ර කරගන්න.
මැටි ,ගැඹුර අඩු භාජනයක් ගෙන පතුලේ ජලවහන සිදුරු සකස් කරන්න.
ඉහත සඳහන් කල ආකාරයේ පැලයක්(30cmඋස,8cmපමණ උසින් අතු බෙදුණු )ගෙන භාජනයේ සිටුවා සිහින් කම්බි යොදා අලංකාර හැඩයකට අතු පුහුණු කිරීමට හැඩගන්වන්න.
අනවශ්‍ය අතු කපා හොඳින් ජලය දමා පැලය භාජනයේ හොඳින් වැඩීමට සලස්වන්න.
පැලයේ වර්ධනය හොඳින් සිදුවූවිට නැවත අතු කප්පාදු කර පුහුණු කරන්න.මාධ්‍ය මතුපිට අලංකාරයට පාසි යොදන්න.
වසරක් පමණ ගතවූවිට, ශාකයේ වර්ධනයට භාජනයේ මාධ්‍ය ප්‍රමාණවත් නොවුණුවිට ශාකයේ පත්‍ර කහ පැහැවේ.එවිට ශාකයේ කුරු බවට ,වර්ධන වේගය අඩුකිරීමට කිරීමට නැවත නැවත අනවශ්‍ය මුල් කප්පාදුව, අතු පුහුණු කිරීම,අනවශ්‍ය අතු කපාදැමීම සිදු කරන්න.පසුව නැවත අලුත් මාධ්‍යක් සකස්කර නැවත පැලය බඳුන්ගත කරන්න.අවසානයේ භාජනයේ මාධ්‍ය මත පාසි වැනි දෙයක් යොදා අලංකාර කරගන්න.

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews