Recent

Wednesday, April 20, 2016

ලඟදීම කරළියට එන ආකර්ෂා



හෙළ සිනමාවේ උන්නතිය උදෙසා උත්තේජනයක් වෙමින් වසර ගණනාවකට පසු ජාතික සංහිදියාව පිළිබද තිරසාර විසදුමක් රටට අවැසි මොහොතක ඒ වෙනුවෙන් සිතීමට යමක් සිනමාව තුළින් ඉදිරිපත් කිරීමට ගත් වෑයමක් ලෙස ආකර්ෂා චිත්‍රපටය හදුන්වා දිය හැක.

කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව සටන් බිමට බට වීර යුද හමුදා නිලධාරියෙක් සහ යුධ ගිනි මැද තල් අරණ සුන්දර පාරාදීසයක් කරමින් එය සුවදවත් කළ සොදුරු යෞවනයේ මානවිකාවක් වටා ගෙතුණු ආදර අන්දරයක් ලෙසින් කරලියට පැමිණෙන ආකර්ෂා දාරක ස්නේහයට මැදි වන මවකගේ යුධ ගිනි දැල් මගින් දෙකඩ කරනා ජිවිතයේ අතීත සුවය සොයනා පියකුගේද මෙන්ම මේ කිසිත් නොදන්නා සුරතල් දරුවෙකු ඔහු සොයනා මාපිය සෙනෙහස මතින් එක්ව පියමනිනා අයුරු ඉතා මැනවින් ප්‍රතිභාව කරනා විරල ඝනයේ සිනමා සිත්තමකි.

ප්‍රේක්ෂක සිත්සතන් මුසපත් කරනා ආකර්ෂණිය සිනමා සිතුවමක් ලෙස මෙය සුව හසක් සින්මලොලින් ඉතා ආදරයෙන්  වැළද ගනු නොඅනුමානය.


රූප භාවිතය මෙන්ම සහ සංගීත සංයෝජන රසයද මැනවින්  එකට කැටි කරමින් ප්‍රේක්ෂක රසඥතාව ඉතා අනගි ලෙස පිනවීමට සමත් මෑත සිනමාවේ බිහි වන අතිශය සුන්දරතම ආදර අන්දරයක්  ලෙස ආකර්ෂා ඔබ වෙත තිලිණ වන්නේ ආකර්ශනීය නළු නිලි කැලකගෙන්ද සමන්විතවය.


ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ඔස්සේ යශෝධරාවගේ චරිතයට පණ පොවමින් ඉතා ජනාදරයට පත් සුරූපී භාරතීය නිළි අංචල් සිං මෙවර ආකර්ෂා ලෙසින්ද වීර හමුදා නිලධාරියා ලෙසින් සිනමාවට හදුන්වා දෙන නවක නළු යසස් රත්නායකගේ රංගනයෙන්ද හැඩවන මෙය ශ්‍රියාණි අමරසේනඩග්ලස් රණසිංහල ඩබ්ලිව් ජයසිරි ජයලාල්, රෝහණමොරින් චාරුණි. රමණි සිරිවර්ධනශ්‍රීමාල් වෙඩිසිංහදර්ශන් ධර්මරාජ්. චරිත් අබේසිංහනලින් ප්‍රදීප් උඩුවෙලසරත් චන්ද්‍රසිරිඉෂාන් ගම්මුදලිකාවිංග පෙරේරාශලිනි තාරකානිමන්ති පෝරගේනිල්මිණි කොට්ටෙගොඩටෙඩි විද්‍යාලංකාරදුෂන්ත් වීරමන් වැනි ප්‍රවීණ නළු නිලි පිරිසක්ද තම රංගනයෙන් දායක වෙයි.

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews