Recent

Thursday, September 15, 2016

දුමින්ද ඇතුළු සිරකරුවන් එල්ලා මරණ තැන වෙනස්වේ

මෑත කාලයේ වඩාත් කතාබහට ලක්වූ අධිකරණ තීන්දුව වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පුද්ගලයින් 05කට මරණ දඬුවම නියම කිරීමය. ඔවුනට මරණ දඬුවම නියම කරමින් ලබා දුන් නඩු තීන්දුවේ සටහන් වන්නේ ජනාධිපතිවරයා විසින් නියම කරනු ලබන දිනයකදී, ප්‍රාණය නිරුද්ධ වනතෙක් වැලිකඩ බන්ධනාගාරය තුළ එල්ලා තබන ලෙසය.
ඒ නඩු තීන්දුව පමණක් නොව, මරණ දඬුවම නියම කරමින් ලබාදෙන නඩු තීන්දුවල සඳහන් කරන්නේ බෝගම්බර හෝ වැලිකඩ බන්ධනාගාර තුළ ප්‍රාණය නිරුද්ධ වනතෙක් එල්ලා තැබීමටය.
කෙසේ වෙතත් බෝගම්බර බන්ධනාගාරය මේ වනවිට පල්ලේකැලේ, දුම්බර වෙත රැගෙන ගොස් අවසන්ය. වැලිකඩ බන්ධනාගාරය තව නොබෝ කලකින් බොරැල්ලෙන් හොරණට ගෙනයනු ඇත. මෙසේ බන්ධනාගාර පිහිටි තැන් වෙනස් වුවද බන්ධනාගාරයේ නම් නොවෙනස්වන නිසා ඉන් නඩු තීන්දුවට ඉස්පිල්ලකින් පාපිල්ලකින් හෝ බලපෑමක් නොවේ. නමුත් නඩු තීන්දුව ලබාදෙන විට අදාල බන්ධනාගාර පිහිටි සැබෑ තැන වෙනස්වනු ඇත.
වැලිකඩ බන්ධනාගාරය හා බන්ධනාගාර රෝහල, කාන්තාවන්ගේ වාට්ටුව, බන්ධනාගාර නිල නිවාස ඇතුළු එහි අනෙකුත් ඒකක ස්ථාපිත කිරීම සඳහා දැනට නාගරික සංවර්ධන අධිකාරියට අයත්, හොරණ පිහිටි අක්කර 28ක විශාලත්වයෙන් යුතු සොරණවත්ත ඉඩම බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත පවරා දීමට මේ වනවිට කැබිනට් අනුමැතිය ලැබී ඇත. වැලිකඩ බන්ධනාගාරය පිහිටා ඇති අක්කර 38.5ක් විශාල බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් ඉඩම නාගරික සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙත භාර දීමටත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් පසුගියදා අනුමත කරන ඇත.

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews