Recent

Monday, October 24, 2016

වකුගඩු ආබාධ ගැන දැනුවත් වන්න

වකුගඩු වලට හානිවූවිට අධි රුධිර  පීඩනය, රක්තහීනතාවය සහ අස්ථි රෝග ඇතිවීමට අවදානමක් පවතී. වකුගඩු ක්‍රියාවිරහිත වූ විට ශරීරයේ අපද්‍රව්‍ය සහ තරල ගොඩනැඟෙන අතර; ශරීරය දුර්වල වීම, බර වැඩිවීම, හුස්මගැනීම අපහසු වීම සහ අත්පා ඉදිමීමට පටන් ගැනීම ආදිය දැකිය හැකියි.
වකුගඩු හානිය සඳහා බලපානේ කුමක්ද?
වකුගඩු ආශ්‍රිත විවිධ රෝගාබාධ නිසා වකුගඩුවේ ක්‍රියාකාරී ඒකකය වන නෙෆ්රෝනඅකර්මන්‍ය වේ. මෙනිසා වකුගඩුවල කාර්යක්ෂමතාව අඩුවී අකර්මන්යවිමට පටන්ගනී.. වකුගඩුවල  ඇතිවිය හැකි ප්‍රධාන ආබාධ වන්නේ:
§  වකුගඩු ආසාදන
§  වකුගඩු ගල්
§  වකුගඩු පිළිකා
§  වකුගඩු රෝගය (අකර්මනයතාව)
§  උග්‍ර වකුගඩු තුවාල
වකුගඩු ආසාදන
මෙම තත්වය ඇතිවීමට සුලභවම හේතු වන්නේ මුත්‍ර මාර්ගයේ හා මුත්‍රාශයේ ඇති බැක්ටීරියා වකුගඩු දක්වා ගමන් කිරීම හේතුවෙනි. මේ හේතුවෙන්, මුත්‍රා පහ කරන විට  දැවිල්ලක් ඇතිවීම, මුත්‍රා වල ලේ තිබීම, යටිබඩ කැක්කුම, බොර පැහැති මුත්‍රා සහ දුගඳින් යුතු  මුත්‍රා පහවීම සහ උණ යන රෝග ලක්ෂණ වලින් එකක් හෝ කිහිපයක් දැකිය හැක. මෙම තත්වය බොහෝවිට කාන්තාවන් අතර දක්නට ඇත. මෙම තත්වය වෛද්‍ය උපදෙස් අනුව ප්‍රථිකාර ගැනීමෙන් සුව කරගත හැක. නැවත නැවත මුත්‍රා අසදනයන්ට ගොදුරුවීම වකුගඩු හානි ඇතිකරවයි.
වකුගඩු ගල්/ මුත්‍ර නාල හෝ මුත්රාශයේ ගල්
වකුගඩු ගල්, ස්ඵටික කැටිති වන අතර ඒවා එක් වකුගඩුවක හෝ වකුගඩු දෙකේම ඇතිවිය හැක. මෙහි ප්‍රමාණය කුඩා ධාන්‍ය ඇටයක සිට ගොල්ෆ් පන්දුවක ප්‍රමාණය වනතෙක් වෙනස් විය හැක. කුඩා පරිමාණ ඒවා සාමාන්‍යයෙන් මුත්‍රා සමඟ පිටවී යයි. එසේ වූවත්, මෙම තත්වය කිසිදු බරපතල තත්වයක් ඇති නොවූවත්, විශේෂයෙන්ම පිරිමින්ට ඉතා වේදනාකාරී විය හැක. විශාල ගල් වකුගඩුවේ සිරවීම හෝ මුත්‍ර වාහිනිය අවහිර වීමක් (වකුගඩුවේ සිට මුත්‍රාශය දක්වා ඇති නාලය ) සිදුවිය හැක. මෙම වේදනාව පිට හෝ උදරයේ සිට ඉකිලි ප්‍රදේශයකරා ගමන්කරන ඉතා තියුණු වේදනාවක් ලෙස ඇතිවේ. මෙහිදීද මුත්‍ර සමග ලේ යාම අවහිරතා නිසා මුත්‍ර වාහිනී / වකුගඩු ඉදිමීම
වකුගඩු පිළිකා
වයස අවුරුදු 50ට වැඩි අය අතර බහුලව දක්නට ලැබෙන මෙම තත්ත්වය නිසා මුත්‍රා පිට කරන විට රුධිරය පිට වීම, කොන්දේ පහළ කොටසේ එක පැත්තක වේදනාව, අසාමාන්‍ය ලෙස බර අඩු වීම, කුසගිනි දැනීම අඩු වීම, රාත්‍රියේ අධික දහදිය දැමීම,  නීරක්තිය ආදී ලක්ෂණ පෙන්නුම් කරයි. වෛද්‍ය  උපදෙස් පැතීම අත්‍යවශ්‍ය වේ. දුම්පානය, සිරුරේ බර අධික ලෙස වැඩි වීම, වේදනා නාශක බොහෝ කාලයක් ගැනීම, පිළිකාකාරක රසායනික වලට නිරාවරණය වීම සහ ඇතැම් උරුම වූ රෝග නිසා මෙම අවදානම වැඩි වන බව පෙනී ගොස් තිබෙනවා.
නිදන්ගත වකුගඩු රෝගය
සම්පූර්ණයෙන් සුව කල නොහැකි තත්වයක් නිදන්ගතලෙස හැඳින්වේ. බොහෝ විට වයසට යාමත් සමග වකුගඩු වල ක්‍රියාකාරිත්වය ක්‍රමක්‍රමයෙන් දුර්වල වීම නිසාත්, ඇතැම් රෝග (අධික රුධිර පීඩනය, දියවැඩියාව, රුධිරයේ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණය, වකුගඩු ආසාදන, මුත්‍රා පිට නොවන සේ මුත්‍රා මාර්ගය අවහිර වීම, දිගු කාලයක් ඇතැම් ඖෂධ භාවිතය සහ තවත් හේතු) නිසාත් මේ තත්ත්වය ඇති වේ.
ඇතැම් පුද්ගලයින්ට වකුගඩු රෝගය, ජීවිත තර්ජනයක් ඇතිවන ආකාරයේ වකුගඩු ඇනහිටීමක් ඇතිකරවන අතර ඒ සඳහා වකුගඩු කාන්දු පෙරීමේ ප්‍රතිකාරය “Dialysis” හෝ වකුගඩු බද්ධ කිරීම වැනි ප්‍රතිකාර අවශ්‍ය වේ.
උග්‍ර වකුගඩු තුවාල
වකුගඩු වලට සිදුවන තුවාලයක් නිසා හෝ වෙනත් අසනීප තත්ත්වයක් හේතුවෙන් වකුගඩු හානි වීම නිසා වකුගඩු තුවාල ඇති විය හැක. ඒ හේතුවෙන් වකුගඩු වලට වන බලපෑම, සුළු අකර්මන්‍යතාවක සිට සම්පූර්ණයෙන් වකුගඩු ක්‍රියාකාරීත්වය අඩපණ වීමක් දක්වා විවිධ මට්ටම්වලින්  ඇතිවිය හැක.
සිරුරේ පටක වල තරල තැන්පත් වීම, ඔක්කාරය nausea, වමනය, උදරයේ/ පිට කොන්දේ වේදනාව, අධික රුධිර පීඩනය ආදී ලක්ෂණ මෙවැනි වකුගඩු තුවාල තත්ත්වයක් ගැන අනතුරු හඟවයි.
වැදගත්
මෙහි සඳහන් වූ දැනුම අනුව ඔබේත්, ඔබේ පවුලේ අයගෙත්, හිත මිතුරන්ගේත් වකුගඩු සෞඛ්‍ය ගැන අවධානයෙන් සිටින්න. යම් කිසි රෝග ලක්ෂණයක් දුටු වහාම කායික වෛද්‍ය උපදෙස් පැතීම කල යුතුයි. වකුගඩු යනු ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට අත්‍යවශ්‍ය ඉන්ද්‍රියක් බව අමතක නොකරන්න.
Courtesy 

Reviewed by Dr Mrs Devika Jayasekara, MBBS

ඔබේ හිත මිතුරන්ටත් මෙම වටිනා දැනුම ලබා ගැනීමට මෙය SHARE කරන්න...

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews