Recent

Tuesday, October 25, 2016

හදවත සුවෙන් තබාගන්න ට්රවයිග්ලිසරයිඩ් අඩු කරන අයුරු

සරලව කිවහොත්, ට්‍රයිග්ලිසරයිඩ් රුධීරයේ පවතින ප්රධාන මේදයක් වන අතර එය ශරීරයට අවශ්‍ය ශක්තිය නිෂ්පාදනය කිරීමට යොදාගනී. රුධීරයේ වැඩිපුර ට්‍රයිග්ලිසරයිඩ් මේදය ඇතිනම්, එය පසු අවශ්‍යතාවයක් ඇතිවුනහොත් භාවිතා කිරීම සඳාහා ශරීරයේ විවිධ ස්ථාන වල ගබඩා කර තබයි. අධික ලෙස ට්‍රයිග්ලිසරයිඩ් තිබීම හෘද රෝග ඇතිවීමට වැඩි සම්භාවිතාවක් ඇති කරයි.
ට්‍රයිග්ලිසරයිඩ් යනු මොනවද?
ට්‍රයිග්ලිසරයිඩ් පුද්ගලයෙකුගේ ජීවිතයට අත්‍යවශ්‍ය වන අතර ශරීරයේ මේදය පවතින ප්‍රධාන අන්දමකි. ඔබේ ඉණේ සහ බඩේ ගබඩා වී ඇති මේදය පිලිබඳව සිතීම යනු ඔබ ට්‍රයිග්ලිසරයිඩ් පිලිබඳව සිතීමයි. මේ දේවල් පිලිබඳව සිතා බලන්න:
§  ආහාර දිරවීමේදී; මේදය බිඳවැටීමේ ක්‍රියාවලියෙන් පසු ඇතිවන අවසාන නිෂ්පාදනය ට්‍රයිග්ලිසරයිඩ් ලෙස හැඳින්වේ. එමෙන්ම සමහර ට්‍රයිග්ලිසරයිඩ්, කාබෝහයිඩ්‍රේට් වැනි අනිකුත් ශක්ති ප්‍රභවයකින් ශරීරය තුල නිෂ්පාදනය වේ.
§  ශරීරය තුල ඇති ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම පරීක්ෂා කිරීමේදී එක රැයක් නිරාහාරව සිට පරීක්ෂා කිරීම සිදු කල යුතුය. ඔබ ඒ අතර කිසියම් ආහාරපානයක් ගතහොත් ඔබේ ශරීරයේ ඇති ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම කෘතිමලෙස වැඩිවී පරීක්ෂණ ප්‍රථිපල සාවද්‍ය විය හැකිය.
සාමාන්‍ය සහ අධික ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම් යනු මොනවද?
§  සාමාන්‍ය ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම යනු ඩෙසිලීටරයට මිලිග්‍රෑම් (mg/dL) 150ට වඩා අඩුවීමයි
§  ඉහළ ට්‍රයිග්ලිසරයිඩ් සීමාව = 150 සිට 199 mg/dL දක්වා
§  අධික ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම = 200 සිට 499 mg/dL දක්වා
§  ඉතා අධික ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම = 500 mg/dL දක්වා
අධික ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම හෘද රෝග ඇතිවීමට බලපායි. විශේෂයෙන්ම හොඳකොලෙස්ට්‍රෝල්අඩුවෙන් ඇති අයට සහ නරකකොලෙස්ට්‍රෝල් වැඩියෙන් ඇති අයටද එසේම දෙවන වර්ගයේ දියවැඩියා රෝගය (වැඩි විස්තර) ඇති අයටද මෙම තත්වය බලපායි.
බොහෝ විශේෂඥයින් විශ්වාස කරන ආකාරයට අධික ලෙස ට්‍රයිග්ලිසරයිඩ් තිබීම, හෘද රෝග සඳහා බලපාන වෙනත් අවදානම් සාධක තිබෙන බවටද සංඥාවකි. අධික කොලෙස්ට්‍රෝල්, අධි රුධීර පීඩනය සහ දියවැඩියාව යන රෝගවල අයහපත් ප්‍රතිඵල වැඩිවීමට අධික ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම බලපායි. අධික ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණයක් පැවතීම; ස්ත්‍රීන් සම්බන්ධයෙන් පුරුෂයන්ට වඩා අවදානම් බව සමහර සමීක්ෂණවලින් පෙන්වා දුන්නද එය මතභේදයට තුඩුදුන් කරුණකි.
කෙසේ නමුත් මෙහි එක් දෙයක් පැහැදිලිවී ඇත. එනම්,සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ ව්‍යායාම සැලැස්මක් අනුගමනය කිරීමෙන් ට්‍රයිග්ලිසරයිඩ්, කොලෙස්ට්‍රෝල් සහ හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරගත හැක.
අධි ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම සඳහා ඇති ප්‍රතිකාර මොනවද?
අධික වූ ට්‍රයිග්ලිසරයිඩ් අඩුකර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් කල යුත්තේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම සහ වැඩි වශයෙන් ව්‍යායාම කිරීමයි. ඔබේ ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය කළමනාකරණය කිරීම සඳහා පහත සඳහන් උපදෙස් ඔබට අත්වැලක් වෙයි.
§  සතියකට දවස් පහක් හෝ ඊට වැඩි මධ්‍යස්ථ ව්‍යායාමයක යෙදීමෙන් ඔබේ ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය අවම කිරීමට උදව් වේ
§  ඔබේ බර 5%-10% අතර අඩු කිරීමෙන් ශරීරයේ ඇති ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය අඩුකල හැක. සෞඛ්‍ය සම්පන්න බරක් ඇති පුදගලයන්ගේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම බොහෝවිට සාමාන්‍ය අගයක පවතී. බඩේ මේදය ඇතිවීම නිසා බඩ නෙරා ඒමක් ඇතිවන්නේ ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය අධික වූ විටය
§  සංතෘප්ත මේදය, ට්‍රාන්ස් ෆැට් සහ කොලෙස්ට්‍රෝල් අඩුකරන ලද ආහාර ගැනීමෙන් ඔබේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම අඩු කිරීමට සහ කොලෙස්ට්‍රෝල් පාලනය කිරීමට උදව් වේ
§  කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ගැනීම අවම කිරීමෙන්ද ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය අඩුකිරීමට උදව් වනු ඇත
§  මත්පැන් පානය කිරීමෙන් ශරීරයේ ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය වැඩිවේ. අධික ට්‍රයිග්ලිසරයිඩ් මට්ටමක් ඇති පුද්ගලයන් අනිවාර්යයෙන් මත්පැන් පානයෙන් වැලකීම අත්‍යවශ්‍ය වේ
§  ඔමේගා 3 වැඩි වශයෙන් අඩංගු මත්ස්‍ය ආහාර ගැනීමෙන් ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම අඩුකල හැක. මැකරල්, මිරිදිය මාළු, හුරුල්ලා, සාඩින්, ඇල්බකොර් ටූන සහ සැමන් වල ඔමේගා 3 බහුලව ඇත. සමහරවිට ඔබට ඔමේගා 3 අඩංගු ආහාර ලබාගැනීමට අසීරු විය හැක. එවිට ඔබේ වෛද්‍යවරයාට ඔමේගා 3 අඩංගු බෙහෙත් වට්ටෝරුවක් ඔබට නිර්දේශ කල හැක.
අධික ලෙස ට්‍රයිග්ලිසරයිඩ් මට්ටමක් ඇති පුද්ගලයන්ට බොහෝවිට බෙහෙත් මගින් පාලනය කිරීම අවශ්‍ය වේ. නමුත් අධික ට්‍රයිග්ලිසරයිඩ් තත්වය සඳහා ඖෂධ ලබාදීමට තීරණය කිරීම ඔබගේ වෛද්‍යවරයාට දුෂ්කර විය හැක්කේ අනිකුත් සෞඛ්‍ය තත්වයන් ඊට සම්බන්ධ වීම හේතුවෙනි. එවැනි අවස්තාවලදී අතුරු ප්‍රතිවිපාක අඩු ඖෂධ වර්ග වර්ග පාවිච්චි කෙරේ.
මේ අයුරින් ට්‍රයිග්ලිසරයිඩ් ගැන දැනුවත්ව තමන්ගේ ආහාර සහ ව්‍යායාම රටාව නිසි ලෙස පවත්වා ගෙන යාමෙන් ඔබ හදවත් රෝග වලට ලක් වීමේ අවදානම අඩු කර ගත හැක.
Reviewed by: Dr. (Mrs). J. Wijayarathne, MBBS.

ඔබේ හිත මිතුරන්ටත් මෙම වටිනා දැනුම ලබා ගැනීමට මෙය SHARE කරන්න...
Courtesy 

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews