Recent

Wednesday, February 19, 2014

Water Rocket වතුර බෝතල් වලින් උඩ යන rocket එකක් හදමු

වතුර බෝතල් වලින් උඩ යන rocket එකක් හදමු



මේක හරිම ලේසි වැඩක්.හරියට හදා ගත්තොත් පොල් ගහක් විතර උඩ යනවා.එකට ලන්ච් ශීට් වලින් පැරෂුට් එකකුත් හදල දැම්මනම් උඩ ගිහින් හිමිට ලස්සනට වැටෙනවා.දැන් බලමුකෝ මේක හදන හැටි.

අවශ් ද්රව්:-
01. ලීටර් 1.5 විතර හිස් සෝඩා බෝතල් දෙක තුනක්
02. හොදට බෝතලේ කටට හිරවෙන ඇබයක්
03. හුලං පොම්පයක් (Air compresser එකක් තියනවනම් මරු)
04. වතුර (නැති කෙනෙක් ඉන්නවනම් කියන්ඩ)




    මුලින්ම එක බෝතලයක උඩ මුඩිය තියන පැත්තෙන් පුනිලයක් වගේ වෙනද කපලා අරන් අනිත් බෝතලේ පිටිපස්සට හයි කරලා rocket එකක පෙනුම ගන්ඩ.

ඊළගට අර ඇබයේ හිලක් හදලා එකට හුලං පොම්පේ බටේ හයි කරන්ඩ.
කැමතිනම් බෝතලේ තුන් පැත්තක card board වලින් හදපු කෑලි 3ක් හයි කරලා rocket එකක් වගේ කරගන්ඩ.

දැන් බෝතලේ ඇතුලට බාගයක් විතර වතුර පුරවලා අර ඇබේ හයි කරන්ඩ (හුළං පොම්පේ එක්කම). ඒක තරමක් තදට තියෙන්ඩ ඕනේ.ඊළගට rocket ඒක උඩ අතට හරවල හුළං ගහන්ඩ.එතකොට ඒකේ ඇතුලේ පීඩනය වැඩි වෙලා ඇබේ ගැලවෙනවා.එතකොට වතුර හයියෙන් පිටට වෙන නිසා rocket ඒක උඩ යනවා.(ඇබේ ගැලවෙන්නේ නැතුව හුළං පොම්පේ බටේ ගැලවුනොත් වැඩේ අවුල්)

මේකට air compresure එකක් පාවිච්චි කරනවානම් පරිස්සම් වෙනඩඕනේ.මොකද බෝතලේ පිපිරෙන්ඩ ඉඩ තියනවා.









ඔයාල කැමතිනම් මගේ blog එකේ update ටික facebook ඒකෙන දැනගන්ඩ කැමතිනම් facebook එකට like එකක් දාගෙන යන්ඩ.

ඔයාලගේ අදහස් තියනවනම් comment කරන්ඩ.............Namal Media


No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews