Recent

Thursday, March 13, 2014

සියලු සත්වයෝ අප්‍රමාදී වෙත්වා...!

(අෂ්ට + දුෂ්ට + අක්ෂණ ) අක්ෂණ යනු යම් ආකාරයක උසස් කුසලයක් කරගැනීමට ඉඩ අවකාශ නොලැබීමයි. ඊට හේතුවන කරුණු අට අෂ්ට දුෂ්ටක්ෂණ වශයෙන් හදුන්වයි. සසර ගමනේ සත්වයන්ට බොහෝ විට මුණගැසෙන්නේ දුෂ්ටක්ෂණ කාලයන්ය. එබැවින් මෙම ලැබූ ක්ෂණ සම්පත්තියෙන් උපරිම ඵල නෙලාගැනීමට වීර්යය වඩවා මනුශ්ය ආත්ම භාවය අර්ථවත් කරගනිත්වා ...

01 .
නරකයට වැටී සිටින කාලය - 
නරකය නම් සතර අපායන්හි දුක් බහුල අපාය භූමියයි. එහි ප්රභේද බොහෝ ඇත්තේය . කෙසේවත් එහි උපන්නවුන් හා පින් කිරීමට පසුබිමක් හෝ නුවණක් නැත්තේය . නිරන්තරයෙන් දඬුවමට ලක්වෙමින් පාපයට අනුව මැරි මැරී එහිම උපදිති. එබැවින් පාපය විඳවා ගෙවා දැමීම හැර වෙනත් පින්කම් කිරීම, එම භවය සැපවත් කර ගැනීම එහි උපන්නවුන්ට කළ නොහැක. 

02 .
තිරිසන් අපායෙහි උපන් කාලය - 
තිරිසන්ව උපදින සත්වයන්ට විශේෂ අපාය භූමියක් නැත්තේය . උපන් අකුශල කර්මය අනුව තිරිසන් ආත්ම වල ඉපිද ඊට ගැලපෙන ස්ථානයක ජීවත් වෙති . බොහෝ සාපිපාසාවන්ද අව් - වැසි සුළගින්ද පීඩාවට පත්වෙති . බොහෝ සත්වයන් නැවත නැවත අකුශල කර්ම වල යෙදීමෙන් අපායන්හිම උපදින්නේය . එබැවින් තිරිසන්ව උපන් කල පින් දහම් කිරීමට නොහැකි වන්නේය . 

03 .
ප්රේත ලෝකයෙහි උපන් කාලය - 
ප්රේතයෝ ඕපපාතිකව පහළවන අපායික සත්ව කොටසකි . තිරිසන් සතුන් විඳිනා දුකට වඩා මහත් දුකට පත්ව සිටින කොට්ටාශයකි . කුඩා වූද , මහත් වූ , විවිධ ආකාර ශරීර ඇති ප්රේතයෝ සිටිති . උපන් පාපයන්ට අනුව නොයෙක් පිළිකුල් ආහාරයන්ගෙන් ජීවත් වෙති ( කෙල , සෙම් , සොටු , සැරව , මිනිස් අපද්රවය ආදිය ඇතුළුව ) . මෙවැනි භවයක කිසිම කුශල කර්මයක් සිදුකරගත නොහැකි වන්නේය .

04 .
අසඥ භාවය හා සතර අරූප බඹ ලෝකයන්හි උපන් කාලය - 
කෙනෙකු සිතේ ස්භාවයට කළකිරීම හේතුවෙන් පඤ්චම ධයානය සංඥා විරහිතව වඩවා එම ධයාන බලයෙන් අසඥ බඹ ලොවද , එසේම තව අයෙකු කයේ ස්භාවයට කළකිරීමෙන් අරූප ධයාන වඩවා අරූප බඹලෝ තලයන්හිද උපදිති . අසඥ භවයේ සිත ක්රියා විරහිතව පවතින බැවින් සංඥා ආදී කිසිවක් පහළ නොවන බැවින් හා අරූප බඹලොව පඤ්ච ඉන්ද්රීයන් නොමැති බැවින් එම ලෝකයන්හි කුශල කර්ම සිදුකළ නොහැකි වන්නේය . 

05 .
බුදුවරයන් බුද්ධ ශ්රාවකයන් නොපැමිනෙන ප්රදේශයන්හි උපන් කාලය - 
ලෝකයේ සත්ය අවබෝධ කිරීමට මඟපෙන්වීමක් නොමැතිව කටයුතු කිරීමට සමතෙක් නැත්තේය . සඳහා සම්මා සම්බුදුවරයෙකු හෝ බුද්ධ ශ්රාවක කල්යාන මිතුරු ඇසුරක් ලැබිය යුතුය . එවැනි උතුමන් නැති ප්රදේශයන්හි උපන් අයෙකුට එවැනි උසස් කුශල කර්ම සිදුකරගත නොහැක්කේය . 

06 .
අංගවිකලව උපන් කාලය ( ෂඩ් ඉන්ද්රීයන්ගෙන් එකක් හෝ දුබලව ඉපදීම ) –
කායිකව හෝ මානසිකව දුබල බවින් උපදින්නෝ බලවත් කුශල කර්මයකින් උපන්නෝ නොවෙති . ( අහේතුක / දිවිහේතුක ) එබැවින් ඉන්ද්රීයන්ගෙන් කකුදු හෝ දුබල බවින් යුක්ත නම් ධර්මය අවබෝධයට එය බාදාවකි . කිසියම් කුශල කර්මයක් බලවත්ව සිදු කිරීමට නොහැකි වන්නේය . 

07 .
මිතයා දෘෂ්ඨි ගෙන සිටින කාලය - 
දශ අකුසල කර්මයන්ගේ බලවත්ම අකුශල කර්මය වන්නේ මිතයා දෘශ්ටියයි . එහි බලවත්කම කෙසේද යත් ලෝක විනාශය සිදුවන කාලයෙහිදිත් වැරදි දෘශ්ටි ගත වූවන් වෙනත් සක්වලවල්වල අපාය භූමියන්හි උපදින බව දැක්වේ . දැඩිව මිත්යා දෘශ්ටි ගත වූවන්ට කිසිම කුශල කර්මයක් සිදුකල නොහෙක්කේය .

08 .
අබුද්ධෝත්පාද කාලය - බුදුවරයෙකු පහළවීම ධර්මය පහළ වීමයි . පසේ බුදුවරයන් වහන්සේ නමකට හැර අන් කිසිවෙකුට අබුද්ධෝත්පාද කාලයන්හි ධර්මය අවබෝධ කළ නොහැක . දානාදී පින්කම් වුවද උසස් ලෙස සිදුකළ නොහැක්කේය .

සියලු සත්වයෝ අප්රමාදී වෙත්වා...!

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews