Recent

Wednesday, July 23, 2014

E-MAIL හරියට කරමු

E-MAIL හරියට කරමු


අන්තර්ජාලය හරහා අපි භාවිතා කරන සේවාවන්ගෙන් එකක් තමා විද්‍යුත් තැපෑල, එහෙම නැත්තම් ඊ මේල් කියන්නේ. ඊයක් වගේ ඉක්මනට ලෝකේ ඕනෑම තැනකට පණිවිඩයක් යවන්න කියාපු 
දේ. නම කියපු ගමන් ඊ මේල් කියන්නේ මොකක්ද කියලා හැමෝම දන්න නිසා කෙලින්ම මාතෘකාවට.

දැන් හැමෝම යන්න තමන් පාවිච්චි කරන ඊ මේල් සේවයට. අලුත් ඊ මේල් ලිපියක් ලියන්න පටන් ගන්න. වෙන විදියකට කියනවා නම් Compose New Mail වෙත යන්න. විවිධ ඊ මේල් සේවා වල මෙය විවිධාකාරයෙන් පෙන්නනවා. සමහර ඒවාගේ නිකන්ම Compose ලෙසත් සමහර ඒවාගේ compose email වගේ වචනත් තියෙන්න පුළුවන්. ඔය මොන වචනය තිබ්බත්, අලුත් ඊ මේලයක් ලියන්න පටන් ගන්නකොට අපිට පේනවා හිස් තැන් තුනක් ලිපිනය දාන්න පුළුවන්: To, CC, BCC TO ඉස්සරහින් ඔබට අවශ්‍යය ලිපිනය හෝ ලිපින ඇතුලත් කළොත් ඒ හැමෝටම බලාගන්න පුළුවන් අනිත් කෙනාගේ ඊ මේල් ලිපිනය.

CC (Carbon Copy)
තීරුවේ දාන්න පුළුවන් ලිපිය යවා ඇති බව දැනගන්න අවශ්‍ය පුද්ගලයින්. උදාහරණයක් විදියට අපි හිතමු අපේ පාරිභෝගිකයෙකුට ඊ මේලයක් යවනවා අහවල් දවසට ඇවිත් අපේ කළමනාකාරතුමා හම්බ වෙන්න කියලා. එතකොට අපිට පුළුවන් පාරිභෝගිකයාගේ ලිපිනය TO තීරුවටත් , කළමනාකාරතුමාගේ ලිපිනය CC තීරුවටත් දාන්න. පාරිභෝගිකයා එතකොට දන්නවා කළමනාකාරතුමාත් මේ රැස්වීම ගැන දන්නවා කියලා. මේ ක්‍රමයේදී කළමනාකාරතුමාට, පාරිභෝගිකයාට සහ ලිපිය යවන අපි කියන පාර්ශව තුනටම එකිනෙකාගේ ඊ මේල් ලිපින බලාගන්න පුළුවන්. ඒ නිසා පාරිභෝගිකයාට අපි දෙන වෙලාවට එන්න බැරි නම් ඔහුට හැකියාවක් තියනවා කෙලින්ම කළමනාකාරතුමා එක්ක කතා කරලා වෙලාව වෙනස් කරගන්න.

BCC (Blind Carbon Copy)
තීරුවට අපි කාගෙහරි ලිපින කිහිපයක් ඇතුලත් කළොත් ඒ ලිපිනයන් අනෙක් අයට පෙනෙන්නේ නැහැ. ඒ වගේම කවුරු හරි අපේ ඊ මේල් ලිපිනය BCC තීරුවට 
ඇතුලත් කිරීම නිසා අපිට ලිපියක් ලැබුනොත්, එම ලිපිය ලැබෙන අය විදියට පෙන්නන්නේ අපේ ඊ මේල් ලිපිනය විතරයි. අපි ඊ මේල් ලිපින සියයක් BCC කලත්, ඒ සිය දෙනාට අනෙක් ඊ මේල් 
ලිපින 99 පෙනෙන්නේ නැහැ.ගොඩ දෙනෙක්ට යවන්න ඕනේ ලිපි තියනවා නම් මේ ක්‍රමය භාවිතා කරන එක හොඳයි. එකෙන් අපි අනික් අයගේ ඊ මේල් ලිපිනයන් ආරක්ෂා කරලා දෙනවා විතරක් නෙවේ අනවශ්‍ය ඊ මේල් ලැබීමේ සම්භාවිතාවත් අඩු වෙනවා ඔය මුලික කරුණු ඊ මේල් භාවිතා කරන හැමෝම දැනගෙන සිටිය යුතු කරුණු.ඔය දේවල් ටික දන්නා කෙනෙක්ගේ අතින් 
CC
හෝ BCC පාවිච්චි කරන්න ඕනේ තැනට forward පාවිච්චි වෙන්නේ නැති වේවි.
මීළඟට හිතන්න ඕනේ දේවල් ටික.ඊ මේල් කියන්නේ බොහෝ විට අපිට නොමිලේ ලැබෙන සේවයක්. නිකං ලැබෙන සේවයක් කියලා එක අනිසි විදියට පාවිච්චි කරන එක නම් වැඩිය හොඳ නැහැ. ලිපිය කියවන කෙනාගේ කාලය, ලිපිය කියවීම සඳහා ඔහුට වැය කිරීමට සිදුවන දත්ත ප්‍රමාණය ගැන නිතරම සැළකිලිමත් වෙන එක හොඳ පුරුද්දක්. විශේෂයෙන් අද බොහෝ දෙනෙක් ජංගම දුරකථන හරහා ඊ මේල් බැලීමට පුරුදු වී සිටින නිසා ජංගම දුරකථන වලදී පවා පැහැදිලිව කියවීමට හැකි විදියට ඊ මේල් යැවීම වැදගත්. යම්කිසි කෙනෙකුට පණිවිඩයක් යවන්න අවශ්‍ය නම් පණිවිඩය හැකි තාක් කෙටියෙන් සහ පැහැදිලිව යැවිය යුතුයි. පිළිතුරු යැවීමත් ඒ විදියටම වෙනවා නම් ඒක හැමදෙනාටම පහසුවක්. සමහරු ඊ මේල් කියවන්න අකමැති හේතුවත් ඒවා වැඩකට නැති ආකාරයෙන් දිග වීම. එහෙම නැත්තම් වැඩකට නැති ඊ මේල් ලැබීම. ගොඩක් වෙලාවට අපට ලැබෙනවා ඊ මේල්, මේක දහ දෙනෙකුට යැව්වොත් ආදරය කරන කෙනා ඔබ හමුවීමට ඒවි , මේක දහ දෙනෙකුට යැව්වොත් මේ ලෙඩාට AOL එකෙන් ඩොලර් එකක් ලැබේවි කියලා. ඒවා අනෙක් අයට යවනවා නම් දෙවරක් හිතන්න. ඒ ලිපියේ යම්කිසි වැදගත් දෙයක්, එහෙම නැත්තම් හිනා වෙන්න පුළුවන් දෙයක් තියනවා නම්, ඒක අනික් අය එක්ක බෙදා ගන්න හිතෙනවා නම් forward කරන්න. නමුත් කවදාවත් හිතන්න එහෙම ඊ මේල් හරහා එන තොරතුරු විශ්වාස කරන්න නම් එපා.


No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews