ශ්‍රී ලංකාව රටවල් 172 ක් අතුරින් සියදිවි නසා ගැනීම් වැඩි ම
රටවල් අතර 4 වන
ස්ථානයට
ලෝක
සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාව අනුව ශ්‍රී ලංකාව රටවල් 172 ක් අතුරින් සියදිවි නසා ගැනීම් වැඩි ම
රටවල් අතර 4 වන
ස්ථානයට පැමිණ තිබේ.
එම අගය සෑම මිනිසුන් ලක්ෂයකට ම 28.8 ක් වේ.
සියදිවි නසා ගැනීම සම්බන්ධ ගෝලීය
සාමාණ්‍ය වන්නේ, මිනිසුන් ලක්ෂයටකට 11. 4 කි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී
මාග්‍රට් චෑන් පවසනේ, වසරකට ලොව පුරා අට ලක්ෂයක් සියදිවි
හානි කරගන්නා බව ය.
මේ සම්බන්ධ දත්ත සම්පුර්ණ නිවැරදි
නොවන අතර, ඇතැම් රටවල් එම දත්ත සඟවන බව ද ඇය
සඳහන් කළා ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරට ත්
අවධාරණය කරන්නේ, සියදිවි හානිකර ගැනීම් සඳහා, දුප්පත්කම සහ දැඩි පීඩාකාරි වටපිටාව බලපෑම් කර ඇති බව ය.
No comments:
Post a Comment