සීනි කෑම අඩකින් අඩු
කළ යුතු යි – ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි
පුද්ගලයෙකු දිනකට
පරිභෝජනය කරන සීනි ප්‍රමාණය අඩකින් අඩු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම
මාර්ගෝපදේශ අනුව අවධාරණය කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය
පවසන්නේ, එක් පුද්ගලයෙකු දිනකට
ලබා ගන්නා කැලරි ප්‍රමාණයෙන් 10%ක ප්‍රතිශතයක්
සීනිවලින් ලැබෙන බව ය.
එම ප්‍රතිශතය 5% දක්වා අඩු කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය යි.
ආහාරවලට සීනි එකතු
කිරීමේදී සහ ස්වාභාවික ලෙස සීනි නිපදවෙන ආහාර (පැණි, සිරප්, පළතුරු යුෂ) භාවිතයේදී
ද වඩා ත් සැලකිලිමත් වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දෙයි.
එම සංවිධානය අනතුරු
අඟවන්නේ, සීනි අධික ලෙස භාවිතය
රෝග රැසකට හේතු වන බව ය.
No comments:
Post a Comment