Recent

Friday, October 24, 2014

Google

Gmail ගිණුම්වලට පිවිසීම සඳහා අධිආරක්ෂිත නව ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

එහිදී සිදුවනුයේ, Gmail ගිණුමට පිවිසීම සඳහා USB උපාංගයක් භාවිත කිරීම ය.
එම USB උපාංගය රහස් පදයක් (password) හරහා සක්‍රීය කිරීමෙන් අදාළ Gmail ගිණුමට පිවිසිය හැකි ය.
රහස් පදයක් හරහා මෙය ක්‍රියාත්මක වීම නිසා කිසිවෙකුට USB උපාංගය සොරා ගැනීමෙන් ඔබගේ Gmail ගිණුමට පිවිසිය නොහැකි වනු ඇත.
ඊට අමතරව, රහස් පදය ‍ඉන්ටර්නෙට් තුළින් සොරා ගත්ත ද USB උපාංගය නොමැතිව ඔබගේ Gmail ගිණුමට පිවිසිය නොහැකි වීම ද මෙහි ඇති වාසියකි.
මෙම කරුණු නිසා මෙම නව ක්‍රමය වඩා ත් ආරක්ෂිත බව තාක්ෂණවේදීන්ගේ අදහස යි.
Google සමාගම පවසන්නේ, නව තාක්ෂණය යොදා ගනිමින් Google පරිහරණය කරන්නන්ට යහපත් සේවාවක් සැපයීම සිය අරමුණ බව ය.
SOURCE: The Verge


Google සමාගමෙන් නවතම සමාජ ජාල සේවා වෙබ් අඩවියක්



Google සමාගම ඊයේ දිනයේදී නවතම සමාජ ජාල සේවා වෙබ් අඩවියක් ආරම්භ කළේ ය.
එය නම් කර ඇත්තේ, Inbox යනුවෙනි.
Google සමාගම පවසන්නේ, Gmail සහ Google Now යන වෙබ් අඩවි දෙකෙහි ම එකතුවක් ලෙස Inbox නිර්මාණය කර ඇති බව ය.
මේ හරහා ඉන්ටර්නෙට් ඔස්සේ ගනුදෙනු කිරීම, භාණ්ඩ මිල දී ගැනීම, හෝටල් හෝ ගුවන් සේවා වෙන් කර ගැනීම ආදී සේවා මෙන් ම  Reminders සහ Snooze කිරීම් ඇතුළු විශේෂාංග රැසක් ඉන්ටර්නෙට් භාවිත කරන්නන්ට හිමි වෙයි.
Inbox වෙබ් සේවාව ජංගම දුරකතන,  iOS, Android සහ වෙබ් අඩවි ඔස්සේ ද ක්‍රියාත්මක වේ.
මෙහි විශේෂත්වය වන්නේ, Inbox වෙත පිවිසීම සඳහා Google සමාගමෙන් ඇරයුමක් ලබාගත යුතු වීම ය.
එම ඇරයුම (invitation) ලබා ගැනීම සඳහා Inbox වෙබ් පිටුවට පිවිස Request invite විශේෂාංගය click කළ යුතු ය.


No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews