Recent

Wednesday, November 5, 2014

රියදුරු නින්දට මොරටු සරසවියෙන් බේතක්

රියදුරු නින්දට මොරටු සරසවියෙන් බේතක් 

ශ්‍රී ලංකාවේ සිදුවන මාරක රිය අනතුරුවලට බලපාන ප්‍රධාන හේතුවක් වී ඇත්තේ රියදුරුට නින්දයාම බව හෙළිදරව් කරගෙන තිබෙන කාරණාවකි.
මෙම අවාසනාවන්ත තත්ත්වය පිටුදකිමින් රියදුරු අවදියෙන් තබැගැනීමට අනාවැකියක් පළ කරන රියදිසි පද්ධතිය නමින් හඳුන්වන නිර්මාණයක් හඳුන්වාදීමට මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක හා ඉංජිනේරු අංශයේ ශිෂ්‍ය කණ්ඩායමක් සමත්ව තිබෙන බව අංශ ප්‍රධානී ආචාර්ය චතුර ද සිල්වා මහතා පැවසීය.
ජපානය , ප්‍රංශය වැනි රටවල මෙවැනි අනතුරු ඇඟවීමේ ක්‍රම දක්නට ලැබේ.
නිදිමත ගතිය ඇතිවීමේදී සිදුවන ඇසි පියගසන වාර ගණන, ඈනුම්යාම, නිදිකිරා වැටීම යන අවස්ථා තුන පදනම් කරගනිමින් ඒ පිළිබඳව සංඥාවකින් දැනුම්දීමක් කරයි.
ඊට අමතරව ඉදිරිපස බලාගෙන රිය පැදවිය යුතු රියදුරුගේ හිස, දෑස, වෙනතකට යොමු වන්නේ නම් සංඥාවකින් තමන් රිය පදවන බව රියදුරාට සිහිපත් කරවන සංඥාවක්ද නිකුත් කරයි. අධෝ රක්ත කිරණ යොදා ඇති බැවින් රාත්‍රී කාලයේදීත් සංඥා නිකුත් කිරීමට රියදිසි පද්ධතිය සමත් වෙයි. වාහනයේ ඉදිරිපස පුවරුව (ඩෑෂ් බෝර්ඩ්) මත මෙය සවි කිරීමට පිළිවන. සෙන්ටි මීටර් දෙකක් උස සෙන්ටිමීටර් පහක් පළලැති මෙය කැමරාවකි.
සංවේද පහකින් සමන්විත වන මෙම පද්ධතිය කාර්යක්ෂමතාවයෙන් සහ නිරවද්‍යතාවයෙන් ඉහළ අගයක් ගන්නා බවට තහවුරු කර ඇත. ලොව නිපදවා ඇති රියදුරුට අනාවැකි පළ කරන මෙවන් නිර්මාණ රියදුරා පැළඳගත යුතුය.
නැතිනම් සිරුරට සම්බන්ධ කරගත යුතුය. එය රියදුරාට පීඩාවක් හා බාධාවක් ඇති කරවයි. රියදිසි පද්ධතිය රියදුරාගේ සිරුරට සම්බන්ධ නොවීම විශේෂත්වයකි.
වසරකට ලෝකයේ මිලියන එකයි දශම තුනක් රිය අනතුරු හේතුවෙන් මියයයි. මිලියන පහළොවක් විස්සක් අතර ප්‍රමාණයක් ආබාධිත වෙයි. සීයට විස්සක්ම රිය අනතුරුවලට හේතුව රියදුරාට නින්දයාම බව එළිදැක්වී තිබෙන වාර්තා සැලකිල්ලට ගනිමින් මෙම නිර්මාණය බිහිකළ බව සිසුහු පවසති.

ආචාර්ව චතුර ද සිල්වාගේ අධීක්ෂණය යටතේ දිලීප ප්‍රනාන්දු, සඳරේඛා වික්‍රමනායක, සාදරී ජයවර්ධන, සංඛ දර්ශන යන අවසන් වසරේ ශිෂ්‍ය කණ්ඩායම මෙම නිර්මාණය බිහි කළේය. ආචාර්ය චතුර ද සිල්වා , දුරකථන අංක  - 2650475/ 2650301

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews