පච්චා හා කරාබු
දැමීමේ කලාවේ අනිසි ප‍්‍රතිඵල
විලාසිතා නම්, කලින්
කලට වෙනස් වෙමින් දියුණු වෙමින් එයි… යයි. එ්
අතුරින් ගත් කළ පච්චා කෙටීම මෙන්ම විවිධ ස්ථානවලට කරාබු දැමීමත් දැන් ඉතාමත් ජනප‍්‍රිය
විලාසිතාවක් බවට පත්වී ඇත. විලාසිතාවක් ලෙස පච්චා කෙටීම මෙකල තරුණ පරපුර අතර ජනප‍්‍රිය
විලාසිතාවක් වී ඇතත් එය තුළ නොදුටු සෞඛ්‍ය අවදානමක්ද තිබේ. පච්ච කෙටීමේ කලාවේ ඔබ
නොදුටු සෞඛ්‍ය අවදානම විමසීමට අප තීරණය කළෙමු.
පච්චා වර්ග
1. තාවකාලික
පච්චා (Temporary
Tattoo)
2. ස්ථිර
පච්චා (Permanent
Tattoo)
·
අමතරව
හදිසියේ වැටීම් වැනි දේ සිදුවීම නිසාත් ස්ථිර ලප කැළැල් ඇති වේ. එසේ නොමැතිව
ඖෂධීයමය ක‍්‍රමයක් ලෙසද පච්චා කෙටීම සිදුවේ. ‘සුදු කබර’ රෝගයේ කුඩා ලප සඳහා හමේ පැහැය ගැනීමට එම ලප
පාට කරනු ලැබේ. මෙවැනි පච්චා කිරීම් මෙන්ම හිසේ ලප කැළැල් මැකීමටද
මෙලෙස පච්චා ක‍්‍රමය භාවිත කරනු ලබයි.
නොයෙක් වර්ණ වල නොයෙක් පැහැයේ පච්චා වර්ග මෙකල…
·
පච්චා
කෙටීම සදහා බොහෝ විට කළු පැහැය යොදා ගැනුණද දැන් දැන් ඊට අමතරව නොයකුත් අමතර
පැහැයන්ද යොදා ගනු ලබයි. එම පැහැයන් සෑදීම සඳහා නොයෙක් ආකාරයේ රසායනික ද්‍රව්‍ය
යොදා ගනු ලබයි. මේ හේතුවෙන් අපගේ ශරීරයේ නොයෙකුත් ආසාත්මිකතාවන් ඇති විය
හැක.
පච්චා
සදහා යොදා ගනු ලබන පැහැයන් හා අඩංගු රසායනික ද්‍රව්‍ය
1. කළු
පැහැය – කාබන්, අයන්
ඔක්සයිඞ්
2. නිල්
පැහැය – කොබෝල්ට්
3. දුඹුරු
පැහැය – ෆෙරික්
ඔක්සයිඞ්
4. කොළ
පැහැය – ක්‍රෝමියන්
5. රතු
පැහැය – මර්කරි
(රසදිය)
6. සුදු
පැහැය – සින්ක්
ඔක්සයිඞ්
7. කහ
පැහැය – කැඞ්මියම්
පච්චා
කෙටූ පසු ඇති විය හැකි අතුරු ප‍්‍රතිඵල
1. ආසාත්මිකතා
ඇති වීම. මෙම තත්ත්වය රතු, කොළ, කහ, නිල්, පැහැයන්
ස`දහා
වැඩි වන අතර මෙහිදී අධික කැසීමක්, රතු
වීමක් මෙන්ම ඉදිමීමක්ද පෙන්නුම් කරනු ලබයි. හමේ ප‍්‍රදාහයන් තත්ත්වයන් වුවද ඇති
විය හැක.
2. Granulomatous
Reactions – මෙම
තත්ත්වයේදී රතු, නිල්, මෙන්ම
කොළ පාටින් පච්චා කෙටූ ස්ථානවල පමණක්ම පලූ හා ලප මෙන් ඇති වී ඝන වීමක් සිදුවිය
හැක.
3. Lichenoid Reactions
– අව
පැහැති දුඹුරු පාට ලප ඇති වේ. මෙය බොහෝ විට රතු පාට යොදා ගැනීම නිසා ඇති විය හැක.
4. Keloid – ඉතා
කුඩා ගෙඩි මෙන් ඇති විය හැක. මෙහි විශේෂත්වය නම් පච්චය මතම ඇති වීමයි. ඊට අමතරව
පපුවේ, උරහිස
උඩ ප‍්‍රදේශයේ මෙය ඇති විය හැක.
5. බැක්ටීරියා
ආසාදන ඇති වීම
6. ක්ෂය
රෝගය ඇති වීම
7. සමාජ
රෝග
8. ලාදුරු
9. හෙපටයිටිස්
A හා B
10. පිටගැස්ම
11. HIV ආසාදනය
වීම
12. ඉන්නෝද
ඇතැම් විට බෝ විය හැක
13. Lichen Planus – මෙය රතු
පැහැ ලප ආකාරයට වන අතර බෝ වීමට ඉඩ ඇත
14. මෙලනෝමා
තත්ත්වය වැඩි විය හැක
15. MRI Scan ප‍්‍රතිඵල
පැහැදිලි නොමැති විය හැක මෙයට හේතුව පච්චා සඳහා ලෝහ වර්ග භාවිත කරනු ලබන අතර MRI Scan විද්යුත්
තරංග එම ලෝහයන් උරා ගැනීමක් සිදු කරනු ලැබීමයි. එවිට ලැබෙන ඡයාරූප පැහැදිලි
නොමැතිව යා හැක.
මීට
අමතරව ඇතැම් අවස්ථාවලදී පච්චා කාලෙන් කාලෙට අලූත් කිරීමට ඇතමුන් පෙළඹේ. බොහෝ වට
පරණ පච්චය මකා දැමීම මෙහිදී සිදුවේ. නමුත් පරණ පච්චය ක‍්‍රමානුකූලව මකා දැමිය
යුතුය. නැතිනම් සම පිලිස්සීමට වුවත් ලක් විය හැක.
පච්චා මකා දමන ක‍්‍රම
1. ලේසර්
කිරණ භාවිතය – මෙය
සුදුසුම ක‍්‍රමය වේ. මෙයද පළපුරුදු කෙනකු විසින් කළ යුතුවේ.
2. රසායනික
ද්‍රව්‍ය භාවිතය – මෙහිදී
සුදුසුකම් නොමැති වූවන් නොයෙකුත් රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් පච්චා ඉවත් කිරීමට
යයි. මෙය ඉතාමත් නුසුදුසුය. එමගින් රෝගාබාධයන් මෙන්ම සමට හානිද සිදු විය හැක.
3. සැත්කම්
කිරිම – ඉතා
කුඩා ප‍්‍රමාණයේ පච්චා නම් සැතක්ම් මගින්ද ඉවත් කරනු ලබයි.
ශරීරයේ ස්ථානවල කරාබු දැමීම
·
විලාසිතාවක්
අනුගමනය කිරීම නිසාම ඇතමුන් සාමාන්‍යයෙන් කනේ පමණක් නොව තවත් විවිධ ස්ථානයන්වලද
කරාබු දැමීමට පටන් ගෙන ඇත. මෙයත් සමේ ගැටලූ රැුසක් ඇති කිරීමට සමත් වේ. මේ සදහා
නිකල්, ස්ටේන්ලස්
ස්ටීල් මෙන්ම රත්තරන් යන ලෝහයන්ගෙන් සාදන ලද එකිනෙකට වෙනස්, විවිධ
හැඩැති ආභරණයන් යොදාගනී.
කරාබු පලඳින ස්ථාන අනුව සිදුවිය හැකි හානි
ශරීරයේ ඕනෑම
ස්ථානයක – ආසාත්මිකතා
ඇති විය හැක. / බැක්ටීරියා ආසාදන.
අධික
රුධිර වහනය – ප‍්‍රජනක
අවයව, නාසය, කනේ උඩ
කොටස
කතා
කිරීමේ අපහසුතා – දිවේ
දැමීම
හුස්ම
ගැනීමේ අපහසුතා – නාසය
ණැකදසා
ආසාදන – ශරීරයේ ඕනෑම
ස්ථානයක
ඇතැම
විට දිවේ පැලඳීමෙන් කාලයයක් ගිය විට දිව දෙකට බෙදිය හැක.
තුවාලය
සුව වීමට කාලයක් ගත වීම – පෙකණිය
අවට
විලාසිතාවක්
මුත් මේ ශිල්පය අවභාවිතය, එනම්
ආධුනිකයන් ඇසුරේ මේ විලාසිතාවන් සිදු කර ගැනීම විශාල සෞඛ්‍ය අවදානමක් බව මේ අනූව
ඔබට වටහා ගැනීම අපහසු නොවනු ඇත.
උපදෙස් බලපිටිය මූලික රෝහලේ චර්ම රෝග විශේෂඳ වෛද්‍ය අජිත් ප‍්‍රසන්න
කන්නන්ගර
No comments:
Post a Comment