Recent

Friday, March 27, 2015

විශාදය නොහොත් මානසික අවපීඩනය Depression




විමසිළිමත් වෙන්නමේ ලක්ෂණ ප‍්‍රකට කරන රෝගීන් ඔබ අතරේත් සිටිය හැකිය
විශාද රෝගීන් ජීවිතය හානි කර ගැනීමේ පවා ඉඩකඩ වැඩිය. එහෙත්, නිසියාකාරව ප‍්‍රතිකාර ගත්තොත් සම්පූර්ණයෙන් සුවපත් කරගත හැකිය.
ගම්පහ දිස්ත‍්‍රික් මහ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ
ජ්‍යේෂ්ඨ වෛද්‍ය චමින්ද ජනක පේ‍්‍රමතිලක විසිනි.

පියුමාලිගෙ කතාව
පියුමාලිගේ පියා හදිසියේ හෘදයාබාධයකින් මිය යන විට වයස අවුරුදු 18 සම්පූර්ණ වූවා පමණි. ඇයගේ පියාගේ වියෝව ඇයට දරාගන්නට නොහැකි වූ අතර ඒ වන විට උසස් පෙළ හදාරමින් සිටි ඇයට විභාගයද සමත් වීමට ඇයට නොහැකි විය.
ටිකෙන් ටික ඇයගේ හැසිරීම වෙනස් විය. ඉගෙනීමට තිබූ ආසාව උනන්දුව නැති විය. ගෙදර දොරේ වැඩපල කිසිත් කිරීමට ඇය උනන්දු වූයේ නැත. කෑම බීම ගැනීමද අතපසු කළාය. දවසේ වැඩි පැය ගණනක් ඇඳට වී සිටීමට ඇය ප‍්‍රිය කළා, නිතරම ඇගට පණ නැති බවත් හිසරදයක් ගැනද මවට පැමිණිලි කළාය. ඒ විතරක් නොවේ, ඇයගේ කතාබහ ද සමාජ ඇසුර ද ක‍්‍රමයෙන් අඩුවිය. ඇයට නින්ද ද ඈත්විය. සමහර දින වල ? එළිවන තුරු ඈ නිදි වර්ජිතවම ගත කළාය.
ගෙදරට සතුට ගෙනා ගෙදර එළිය කළ තම දියණියගේ වෙනස් වීම ඇයගේ මවට දරාගැනීමට නොහැකිවූ නිසා මව ඇය වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා මනෝ වෛද්‍ය සායනයට යොමු කළාය. ඇයට වැළඳී ඇත්තේ විශාදය (Depression) නම් රෝගී තත්ත්වය බව රෝ්ගී පරීක්ෂාවේදී හෙළි විය.
විශාදය  ස්වභාවය
විශාදය යනු සුලබ මානසික රෝගයකි. පිරිමින්ගෙන් සියයට 10 ක් පමණද ගැහැනුන්ගෙන් සියයට 25 පමණද මෙම රෝගයට ජීවිතයේ කවර හෝ වකවාණුවකදී නතු වන බව මේ වන විට වෛද්‍යවරුන් හඳුනාගෙන තිබේ. ලෝකයේ සිටින මානසික රෝගීයන්ගෙන් 1/4 ක් පමණ පෙළෙන්නේ විශාදයෙනි. එයින්ම විශාදය කෙතරම් සුලබද යන්න සනාථ වන්නේය. ස්ත‍්‍රී පුරුෂ  ඕනෑම කෙනෙකුට  ඕනෑම වයසකදී විශාදය  වැළදෙන්නට පුළුවන.
දොම්නසින්ද ? විමසිළිමත් වෙන්න
සිතෙහි දිගුකාලීනව පවතින දුක, එදිනෙදා වැඩ කරගැනීමට ඇති අපහසුව බහුලව දැකිය හැකි රෝග ලක්ෂණය. දුක එදිනෙදා ජීවිතයේදී අපි අකමැති, අපි අත්විඳීමට ආසා නොකරන දෙයක් සිදුවූ අවස්ථා වලදී අප සැවොම අත් දකින සාමාන්‍ය ප‍්‍රතික‍්‍රියාවකි. මෙහිදී අපට ඇතිවන දුක, අපට නැතිවූ/ අපෙන් වෙන්වූ දෙයට සමානුපාතික වන අතර සීමිත කාලයකින් එය යටපත් වේ.
නමුත් විශාදයේදී ඇතිවන දුක එසේ නොවන්නේය. අපට නැතිවූ / අපෙන් වෙන්වූ දෙයට එම දෝමනස්සය සමානුපාතික නොවන අතර සති දෙකකට වඩා වැඩි ඇතැම් විට බොහෝ දිගුු කාලයක් පවතින්නකි.
විශාදය හඳුනාගත හැකි ලක්ෂණ
·         මනෝභාවය අව ප‍්‍රමාණය වීම. (Depressed mood)
·         ආසාව, උනන්දුව නැතිවීම, තම ජීවිතයට සතුට ගෙන දුන් ක‍්‍රියාකාරකම් වලින් තමාට සතුටක් නොලැබීම.(Loss of interest & enjoyment)
·         තමාගේ ශක්තිය අඩු වී යාම(Decreased Energy)
අවශේෂ රෝග ලක්ෂණ
·         අවධානය (Attention) හා ධාරනය (Concentration)  අඩු වී යාම.
·         ආත්ම විශ්වාසය අඩුවීම (Decreased Self esteem)
·         අනාගතය ගැන අසුභවාදී අදහස් ඇතිවීම (Pessimistic ideas about future))
·         ජීවිතයට හානි කරගැනීමේ / නැතිකර ගැනීමේ වුවමනාව  (Ideas of selfharm / suicide)
·         නින්දේ ඇතිවන වෙනස්වීම්
·         කෑම රුචිය අඩුවීම
මනෝභාවය අවප‍්‍රමාණය වීම වෙනත් මානසික රෝග වලදී ද ඇතිවිය හැක.
උදාහරණ අවේදනික ආබාධ (Bipolar Affective Disorder) හැඩගැහීමේ අපහසුතා, භින්නොන්මාදය, ඩිමෙන්ෂියාව, කාංසාව
මේවා විශාදයෙන් වෙන්කර හඳුනාගත යුතුවේ. මානසික ආතතියකින් පසු ඇතිවන විශාදය රෝග ලක්ෂණ සාමාන්‍ය ප‍්‍රතික‍්‍රියාවක් හෝ ව්‍යාධිමය තත්ත්වයක් විය හැක. එය මානසික ආතතියකට ඇතිවන සාමාන්‍ය ප‍්‍රතික‍්‍රියාවක් නම් මනෝභාවය අවප‍්‍රමාණය වීම් සමහර වේලාවන් වලදී පමණක් ඇතිවේ. නමුත් විශාදයේදී මනෝභාවය අවප‍්‍රමාණය වීම දවස පුරාම දිගටම දින ගණනාවක් පවතී.


No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews