ඔස්ට්‍රේලියාව
විසින් ත්‍රිමාණ මුද්‍රණ තාක්‍ෂණය භාවිත කරමින් ජෙට් ඇන්ජිමක් නිර්මාණය කර ලොව
ත්‍රිමාන මුද්‍රණයේ පෙරළිකාර පියවරක් ඉදිරියට තබා ඇති බව කිවොත් ඔබ පුදුමයට පත්
වනු නොඅනුමානය.
ප්‍රංශයේ
‘SAFRAN’ සමාගමේ
ඇන්ජිමක් මේ සඳහා යොදා ගනු ලැබ අතර එය ප්‍රධාන පෙළේ ගුවන් යානා ඇන්ජින් නිෂ්පාදන
සමාගමකි. එසේම එය ලොව ප්‍රධාන පෙළේ ගුවන් යානා නිෂ්පාදන සමාගම් 2 ක් වන ‘බොයිං’ හා ‘එයාර්බස්’ සමාගම්වලට
තම නිෂ්පාදන අලෙවි කරන සමාගමකි. මෙම ත්‍රිමාණ තාක්‍ෂණය සඳහා ප්‍රංශ සමාගමේ
නිෂ්පාදිත ගෑස් ටබයින් ඇන්ජිමක අච්චුවක් යොදා ගෙන ඇත. මෙම ත්‍රිමාණ අච්චු මගින්
නිර්මාණය කරනු ලබන නිෂ්පාදන උසස් තත්ත්වයෙන් යුක්‌ත වන බව මෙල්බන් නුවර මොනෑෂ්
සරසවියේ පරීක්‍ෂකයෝ අදහස් දක්වා ඇත.
පරණ
ගුවන් යානයක ඇන්ජිමක් ‘ස්කෑනින්’ පරීක්ෂාවට ලක් කොට අදාළ සංරචක සමමිතිකව නිර්මාණය කළ
බවද මේ සඳහා වර්ෂයක කාලයක් ගත වූ බව ද මොනෑෂ් සරසවියේ පරීක්‍ෂණ කණ්‌ඩායමේ ප්‍රකාශිකාවක්
සඳහන් කළාය. ත්‍රිමාණ තාක්‍ෂණයෙන් නිර්මාණය කරනු ලැබූ දෙවැනි ඇන්ජිම ප්‍රංශ ගුවන්
සමාගමකට ලබා දෙනු ලැබූ අතර ඕස්ට්‍රේලියානු අන්තර් ජාතික ගුවන් ප්‍රදර්ශනයේදී මෙම
ඇන්ජිම පළමුවරට ප්‍රදර්ශනය කරනු ලැබීය.
මෝටර් රථ
කර්මාන්තය, අවි
නිෂ්පාදන කර්මාන්තය, විවිධ යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදන කර්මාන්තයේදී මෙම ත්‍රිමාන
තාක්ෂනය යොදාගෙන ඇති අතර ලෝකයේ විවිධ නිෂ්පාදන මෙමගින් එළිදක්වා ඇත. වූ නිෂ්පාදන ක්‍රියාවලියක්
අවශ්‍ය නොවීමත් හා මිනිස් ශ්‍රමය භාවිතය අවම වීමත් යන සාධක මත මෙහි උසස්
තත්ත්වයේ නිර්මාණ අඩු මිලකට ලබාගත හැක. ශරීරයේ විවිධ වූ කොටස් නිර්මාණය කිරීමේදී
ඉතා නිවැරැදිව නිෂ්පාදනය කිරීමට මෙම ත්‍රිමාණ තාක්‍ෂණය යොදා ගත හැකි නිසා
අනාගතයේදී වෛද්‍ය විද්‍යාව සඳහා මෙම තාක්‍ෂණය මැනවින් යොදා ගැනීමට ඉතා පුළුල්
ඉඩකඩක් පවතින බව විද්වතුන්ගේ මතයයි.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

No comments:
Post a Comment