මෙම
ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ කොළඹ 5, කිරිමණ්ඩල මාවතේ, ආසිරි
ශල්‍ය රෝහලේ Asiri
Wellness Centre මගිනි
පිරිමින් සුරකින.. ජීවිතයේ ගුණාත්මක බව රකින
වෛද්‍ය පරීක්ෂණ
වෛද්‍ය පරීක්ෂණ
Well Man
Check-up
·
අද අපේ
රටේ බොහෝ දෙනෙකුට නැගෙන ප‍්‍රශ්නයක් වේ. පුරුද්දක් විදිහට සිදු කරන වෛද්‍ය පරීක්ෂණ Medical Check-up’s අපට
කෙතරම් වැදගත් වේද ? කවරාකාරයේ
යහපතක් අප වෙනුවෙන් සිදු කරන්නේද යන්නයි.
·
වෛද්‍ය
පරීක්ෂණයක වැදගත්කම, යම්
පුද්ගලයෙක් කවර කාල පරාසයක් තුළදී එය සිදු කරගත යුතුද යන්න ඒ ඒ පුද්ගලයා අනූව
වෙනස් වෙයි. එම පුද්ගලයාගේ වයස, ස්ත‍්‍රී
පුරුෂ භාවය… ඒ
පුද්ගලයාගේ පෞද්ගලික වෛද්‍ය ඉතිහාසය මෙන්ම පරම්පරාවේ වෛද්‍යමය ඉතිහාසයද මෙම ප‍්‍රශ්නයට
පිළිතුරු සෙවීමේදී වැදගත් වන්නේය.
·
බොහෝ
රෝග මර්ධනය සඳහා වේලාසනින් හඳුනාගැනීම වඩාත් බරපතල සංකූලතා වලින් මිදීමට මූලිකම
හේතුවක් වන්නේය. Well Man
Check-up සැලසුම්
කර ඇත්තේ මේ අරමුණ වෙනුවෙනි. දියවැඩියාව, කොලෙස්ටරෝල්, වකුගඩු හා අක්මාගත රෝග හඳුනාගත හැකි පරීක්ෂණ
මෙන්ම පිළිකා පිත්තාශ ගල් හා වකුගඩු ගල් ආදිය හඳුනාගන්නා අල්ට‍්‍රාසවුන්ඞ් පරීක්ෂණ
ආදිය මෙම පරීක්ෂණය තුළ අන්තර්ගතය. එසේම මෙම අල්ට‍්‍රාසවුන්ඞ් පරීක්ෂණය පිරිමින්ගේ
පුරස්ථිති ග‍්‍රන්ථිය විමසුමටද, මුත‍්‍රා
රඳවාගැනීමේ හැකියාව විමසීමටද යොදා ගැනෙයි.
·
කාන්තාවන්
හා සංසංදනය කරන කළ, පිරිමින්
වැඩි වශයෙන් රෝග වලට නතු වන බව පෙනේ.උපන් දා සිට වෘද්ධභාවයට පත්වන තෙක්ම
කාන්තාවන් සෞඛ්‍යමය තර්ජනයන්ට පිරිමින් පමණටම ලක් වන්නේ නැ.
·
අපි
මරණයට හේතු වන ප‍්‍රධාන හේතුන් දෙස බලමු. හෘදයාබාධ හා අංශභාගයට වඩාත් නතු වන්නේ
පිරිමින්ය. පුරස්ථිති පිළිකාව මෙන්ම පෙණහළු හා ආන්ත‍්‍රික පිළිකාව පිරිමින් සුලබව
ලක්වන පිළිකා වෙති. නියුමෝනියාව, තීව‍්‍ර
පෙණහළු ආසාදන ආදියටද වඩාත් වැඩි වශයෙන් ලක්වන්නෝද මොවුන්ම වෙති. සමස්තයක් වශයෙන්
ගත් කළ පිරිමින් ගැහැනුන්ට වඩා වසර පහක් පමණ කලින් මෙලොව අත්හැර යන බව පෙනේ. සංඛ්‍යාලේඛණ
වලින් තහවුරු වේ.
පිරිමින් සඳහා වෛද්‍ය නිර්දේශ
·
ඔබ
නීරෝගී ජීවිතයක් ගත කරන පිරිමියෙකු වූවත් ඔබගේ මතු ආරක්ෂාව පිණිස හොඳ සැලැස්මක්
ඇති කර ගැනීම ඔබට කිසිදු හානියක් සිදු කරන්නේ නැත. පුරුෂයන්ගේ සෞඛ්‍යයට ඇති ප‍්‍රධාන
බාධා අද හොඳින් හඳුනාගත් ඒවාය. එසේම සුලබ ඒවාය. වඩාත් වැදගත් කාරණය… නිසි
පිළියම් යෙදුවහොත් වළක්වාගත හැකි ඒවාය.
හෘදයගත රෝග අවදානම
·
මෙය
පුරුෂයන්ට ඇති ප‍්‍රධානම සෞඛ්‍ය තර්ජනය වන්නේය. මෙය ්එයැරදිජකැරදිසි යනුවෙන් වෛද්‍ය
විද්‍යාත්මකව හඳුුන්වයි. මෙහි අරුත නම් ලේ නහර ඝන වීමයි. රුධිරය සුමටව ගමන් කිරීමට
බාධා පැමිණීමයි. කාන්තාවනුත් පිරිමිනුත් යන දෙපාර්ශවයම මරණයට පත්වන ප‍්‍රමුඛතම
රෝගය හෘදයාබාධයි. දෙවන හේතුව අංශභාගයයි. මේ රෝග දෙකටම නිධාන හේතුව වන්නේ ලේ නහර
මෙසේ ඝනකමෙන් වැඩි වී ලේ ගමනට බාධා පැමිණවීමයි.
·
හෘදයගත
ආබාධවලදී හෘදයේද, මොළයට
වන රුධිර සංසරනයේද බාධා ඇතිවන සේ කොලෙස්ටරෝල් නහර මත තැන්පත් වන්නේය. එම කැටිති
අස්ථායී තත්ත්වයට පත්වූ විට රුධිර කැටියක් ඇතිවන අතර එය හෘදයාබාධයක් හෝ ආඝාතයක්
බවට පත්වේ.
1. කොලෙස්ටරෝල්
පරීක්ෂා කිරීම වයස අවුරුදු 25 දී
අරඹන්න.
2. රුධිර
පීඩනය සහ කොලෙස්ටරෝල් වැඩි නම් ඒවා පාලනය කිරීමට පියවර ගන්න.
3. ඔබ දුම්
පානය කරන්නෙක් නම් එය නතර කරන්න.
4. ව්‍යායාම
කරන්න. ඒ සඳහා දිනකට විනාඩි 3 ක්
බැගින් වත් සතියකට වැඩි දින ගණක් වෙන් කරන්න.
5. වැඩි
වශයෙන් එළවළු හා පළතුරු ආහාරයට ගන්න. අඩුවෙන් සංතෘප්ත හා ට‍්‍රාන්ස් මේදය ලබාගන්න.
පිළිකා අවදානම හැකි පමණ අඩු කරගන්න
පෙණහළු
පිළිකාව
·
පෙණහළු
පිළිකාව බියකරු රෝගයකි. මෙහි බියකරු බව ඇත්තේ වේගයෙන් පැතිරෙන නිසාය. පිළිකාවේ රෝග
ලක්ෂණ මතු වෙන්නට පෙර සෑහෙන පමණ වෙනත් ස්ථාන වලටද පැතිර යන නිසාය. එක්ස් රේ ප‍්‍රතිබිම්බයකින්
මෙම පිළිකාවේ සළකුණු දක්වන්නේද එය සෑහෙන පමණ පැතිරගත් අනතුරුවය. පෙණහළු පිළිකා
වැළඳෙන බොහෝමයක් දෙනා වසරක පමණ කාලයක් ඇතුළත මෙලොව හැර යන්නෝය.
·
පෙණහළු
පිළිකා ඇතිවීමේ ප‍්‍රමුඛ හේතුව දුම් පානයයි. ඔබ කවර වයස් කාණ්ඩයක සිටියද දුම්
පානයෙන් අත් මිදීමේ තීරණය ඔබට නිර්භයව ගත හැකි නම් ඔබ පෙණහළු පිළිකාවෙන් මිදීමේ
රැුකවරණය ලැබුවා වන්නේය.
පුරස්ථිති
පිළිකාව
·
මෙය
පුරුෂයන් අතර වඩාත් බහුල පිළිකාව වන්නේය. පුරුෂයන්ලේ ලිගුව පිටිපස වල්නට් ගෙඩියක
හැඩැති ග‍්‍රන්ථියක් ඇත්තේය. ධාතු මෝචනයේදී ඊට අවශ්‍ය තරලය හැදෙන්නේ මෙහිදීය. මෙය
වැඩිහිටි භාවයට පත් වන විට ගැටළු මතු කරන ග‍්‍රන්ථියකි. ඇතිවන ගැටළු අතර වඩාත්
අවධානය යොමු කළ යුතු වන්නේ පුරස්ථිති පිළිකාව ගැනය.
·
පිරිමින්
සෑම හය දෙනෙකුගෙන් එක් අයෙකුම ඊට ගොදුරු වන බව දැක්වෙයි. එයින්ම මෙම පිළිකාව
කෙතරම් සුලබද යන්න ගැන ඔබට අවබෝධයක් ලබාගත හැකි වනු ඇත. නමුත් මෙයින් මිය යන්නේ 35 කින්
එක් අයෙකි.
මෙම
පිළිකා හඳුනාගැනීමේ පරීක්ෂණ දෙකකි. ග්ලව්ස් දැමූ අතක ඇගිල්ල ගුදය ඔස්සේ දමා වෛද්‍යවරුන්
විසින් සිදු කරන Digital
Rectal Exam මෙන්මProstate Specific Antigen
– PSA නමැති
රුධිර පරීක්ෂාවද ඇසුරේ රෝගය සම්බන්ධ මූලික ඉගි ලබාගත හැකි වන්නේය.
දියවැඩියාව
·
බොහෝ
දෙනාට නිහඩව… රහසේ
ඇතිවන සෞඛ්‍ය තර්ජනයක් ලෙස දියවැඩියාව හැඳින්විය හැක. මේ රෝගය කාලයක් යන තුරුම
ශරීරයේ පවතින්නේ රෝග ලක්ෂණ කිසිවක් තමන්ට නොපෙන්වමිනි. කෙමෙන් රුධිරගත සීනි ප‍්‍රමාණය
වැඩි වී අවසානයේ එය මුත‍්‍රා වලටද එකතු වන්නේය. අධික පිපාසාව හා රාත‍්‍රියේ කිහිප
වතාවක් මුත‍්‍රා පිටවීම බොහෝ දෙනෙකුට මුලින්ම වෛද්‍යවරයා හමුවීමට යන්නට සිදුවන රෝග
ලක්ෂණය නොහොත් නිමිත්ත වන්නේය.
·
රුධිරය
තුළ අමතර වශයේ එකතු වන සීනි, විෂකාරයක්
වශයෙන් රුධිරවාහිනී, ස්නායු
හා ශරීරයේ අනෙකුත් සෑම ස්ථානයකම තැන්පත් විය හැක්කේය. මෙය විශාල සංකූලතා රැසකට
හේතුවකි. ඒ අතර හෘදයාබාධ, අංශභාගය, ඇස්
අන්ධ වීම,වකුගඩු
දුර්වල වීම, පාද වල
තුවාල ඇති වී පාද කපන්නට පවා සිදු වීම දැකගත හැක. ඔබගේ වැරදි පුරුදු වලින් පිරුණූ
ජීවන රටාව, තරබාරුව
මෙන්ම මානසික ආතතිය මේ තත්ත්වය වඩාත් බැරුම් කරයි.
·
දවසකට
පැය බාගයක් පමණ, සැලැස්මකට
අනූව ව්‍යායාම සිදු කිරීම මෙන්ම බර අඩු කරගැනීමෙන් පමණක් අතිශය දියවැඩියා අවදාමක්
ඇති පිරිමින්ගේ එම අවදානම සියයට 50 කින්
පමණ අඩු කරයි.
පසුගිය
වසර කිහිපය තුළ අපේ රටේ බෝ නොවන රෝග – එනම් හෘදයාබාධ, අංශභාගය, දියවැඩියාව, පිළිකා
ආදිය වසංගතයක් මෙන් පැතිර යන්නට විය. ඊට පාදක වූ හේතු රැුසකි. නොගැලපෙන ආහාර-පාන, ව්‍යායාම
මඳ වීම, දුම්
පානය හා මත්පැන් පානය හා මාසික ආතතිය ඒ අතර වේ.
නිතිපතා
වෛද්‍ය පරීක්ෂණ වලට ලක්වීමෙන් පිරිමියෙකුට ඇතිවන මේ අවදානම් සියල්ල කල්වේලා ඇතිව
හඳුනාගැනීමට අනගි අවස්ථාවක් හිමි වේ. දිගු කාලයක් නීරෝගී බවෙන් යුක්තව ගුණාත්මක
ජීවිතයක් ගෙවීමට ඔබට අවස්ථාව හිමි වේ.
වෛද්‍ය නතාෂා පීරිස් BSc (USA) BM (UK) MRCP (UK) FRCP (Edin) සකස් කළේ
භාරත ගුණතිලක
No comments:
Post a Comment