Recent

Saturday, May 30, 2015

රට පුරා යළිත් හිස ඔසවන "පිරමීඩ" ඔබත් හසුවුනාද?

රට පුරා යළිත් පිරමීඩ ක‍්‍රම හිස ඔසවමින් ඇති බවට තොරතුරු ලැබෙමින් තිබේ. මෙය පිරමිඩ නොව ජාල ක‍්‍රමලෙසින් හඳුන්වන ජාවාරම්කරුවන් ගනුදෙනු සිදු කිරීමේ දී මුදල් පමණක් නොව භාණ්ඩ හරහා ද මෙම ව්‍යාපාර පවත්වාගෙන යාමට කටයුතු සිදු කරමින් සිටින බවත් ඒ සදහා මහා බැංකුවේ අනුමැතිය ලැබි තිබෙන බව පවසමින් සිටින බව ද ලංකා නිවුස් ඇලර්ට් ඇමතු කිහිප දෙනෙකුම් කියා සිටියා.ඔහුන් සදහන් කළේ මේ සම්බන්ධයෙන්  මහා බැංකුව දැනුවත් කළද ඔහුන් කිසුදු පියවරක් ගෙන නැති බවයි.
 බොහෝ දුර බැහැර ප්‍රදේශවල ජනතාව මෙවැනි නීති විරෝධී පිරමිඩ ක්‍රම සඳහා විවිධාකාරයෙන් සම්බන්ධ වන බවද ලැබුනු දුරකතන් පණිවියන්ට අනුව අනාවරණය වි තිබේ.
අධික ලෙස ලාබ ලබා දෙන බව කියමින් ගනුදෙනුකරුවන් එක් කර ගැනීමට ප‍්‍රබල වෑයමක නිරත ව සිටින මෙම වංචනිකයන් ගේ කූූට ජාවාරමට හසු නොවන ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට අවවාද කරයි. මෙවර වෙනත් ක‍්‍රමවේදයන් උපයෝගී කර ගනිමින් කි‍්‍රයාත්මක වන්නේ ද එම පිරමිඩ ක‍්‍රමය ම වන බව මහ බැංකුව කියයි.
මෙවැනි නීති විරෝධී පිරමිඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් වහාම පොලීසියට දැනුම් දෙන ලෙසද මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මෙවැනි පිරමිඩ යෝජනා ක්‍රමයක් සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දුන් පසුව පොලීසියෙන් වාර්තාවක් මහ බැංකුව වෙත ලබා දෙන අතර එම වාර්තාව සැලකිල්ලට ගෙන එය නීති විරෝධී පිරමිඩ යෝජනා ක්‍රමයක්ද නැද්ද යන්න මහ බැංකුව මඟින් තීරණය කරන බවයි  ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටින්නේ.

ඇදහිය නොහැකි පණිවුඩ බොහෝ විට නිවැරදි නොවේ පරිස්සමින් පහත දැන්විම කියවා බුද්ධියෙන් කටයුතු කරන්න 

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews