Recent

Thursday, June 4, 2015

කොන්ඩම් භාවිතයේදී ඇතිවන ගැටළු


උපත් පාලන උපාය මාර්ගයක් වශයෙන් කොන්ඩම් වලට කවදත් ඇත්තේ නොසෙල්විය හැකි ඉල්ලූමකි. කොන්ඩම් භාවිතා කරන කොයි කාටත් තිබිය යුතු මූලික අවබෝධයක් සැලසීම මේ ලිපියේ අරමුණ වන්නේය.
කොන්ඩම් උපත් පාලන උපාය මාර්ගයක් වශයෙන් කොපමණ සාර්ථකද ?
නියමිත ආකාරයෙන් භාවිතා කරන්නේ නම් සහ ඉරීමක්, බිඳීමක් සිදු නොවන්නේ නම් මෙයින් ප‍්‍රතිසන්ධියක් සිදුවීම වැළැක්වීමේ සාර්ථකත්වය සියයට 82කි.
කොන්ඩම්, ලිංගිකව සම්පේ‍්‍රශණය වන රෝග (STD) වලින් ආරක්ෂා කරනවාද ?
ලේටෙක්ස් හා පොලියුරිතින් (ප්ලාස්ටික්) වලින් නිපදවන කොන්ඩම් ඇතැම්
ලිංගිකව සම්පේ‍්‍රෂණය වන රෝග වලින් ආරක්ෂා වීමට උපකාරී වෙයි. මේවාට HIV හා ගොනෝරියාව ඇතිවීමේ ඉඩක් නැත. නමුත් හර්පිස්, ට‍්‍රයිකොමොනියේසිස් හා ක්ලැමිඩියා යන රෝග සම්පේ‍්‍රෂණයෙන් වැළකීමේ ඇත්තේ අඩු සාර්ථකත්වයකි. ලිංගාශ‍්‍රිත ඉන්නන් සහ ගැබ්ගෙල පිළිකා ඇති කරන ්‍යඡුඪ රෝගයෙන් ඔබව ආරක්ෂා කිරීමට කොන්ඩම් වලට හැකියාවක් නොමැත.
ඒඞ්ස් රෝගයෙන් ඔබව ආරක්ෂා කරගැනීමට කොන්ඩම් සාර්ථක ක‍්‍රමයක්ද ?
කිසිදු ආරක්ෂක උපක‍්‍රමයක් නොමැතිව ලිංගික ක‍්‍රියාවලියෙහි යෙදීම සළකන කළ කොන්ඩම් ඒඞ්ස් වලින් සැළකිය යුතු ආරක්ෂාවක් සපයන්නේය. නමුත් ඒඞ්ස් රෝගයට නතුවූ උදවිය සම්බන්ධයෙන් සිදු කරන ලද එක් අධ්‍යයනයකට අනූව සෑම එ්ඞ්ස් වෛරස ශරීරගත වූවන් තිදෙනෙකුගෙන් එක් අයෙක්ම තමන් කොන්ඩම් භාවිතා කරද්දී රෝගයට නතු වූවන්ය. විවාහක එසේම සහකරුවෙකු ඒඞ්ස් රෝගයට නතුවූ පවුල්වල කොන්ඩම් භාවිතා කරද්දීද සියයට 17ක් දෙනා ඒඞ්ස් රෝගයට නතුව තිබේ. මේ අනූව ඒඞ්ස් රෝගය සම්බන්ධයෙන් යෙදිය හැකි හොඳම ආරක්ෂන උපක‍්‍රමය වන්නේ කායික සම්භෝග ක‍්‍රියාවලියෙන් වැළකී සිටීමයි.
ශුක‍්‍රාණූ නාශක nonoxynol-9 තිබෙන කොන්ඩම් ඒඞ්ස් වැලැක්වීමට උපකාරී වේය යන මතය ගැන අදහස කුමක්ද ?
එවන් මතයක් සමාජගත වී තිබේ. නමුත් මෑත කාලීන අධ්‍යයන වලට අනූව මෙම බදබදංහබදක-9 තිබෙන කොන්ඩම් නිසා යෝනිමග ආසාදන සුලබ වේ. අනෙක් කාරණය නම් ශුක‍්‍රාණූ නාශනය HIV වෛරසය මෙල්ල කිරීමේ උපාය මාර්ගයක් වශයෙන් නොසැළකේ.
ලේටෙක්ස් කොන්ඩම් ආරක්ෂිත ලිංගිකත්වයට හේතු වන්නේද ?
සෑම සන්නාමයකම කොන්ඩම් භාවිතයේදී බිඳී යාමේ අවදානම සහිතය. ඔබ සියළු පියවර නිවැරදිවම ගත්තත් එවන් අකරතැබ්බක් වීමට ඉඩ තිබේ. එයින් ඔබේ සහකරු ගර්භිණීතාවයකට පත්වීමේ අවදානමට ඇය නිරාවරණය වන්නේය.
කොන්ඩම් එක බිඳී ගියොත් ඔබ කළ යුත්තේ කුමක්ද ?
ශුක‍්‍ර ධාතු මෝචනය නොවී නම් සීරුවෙන් ඉවත්ව නැවතත් නැවත අළුත් කොන්ඩමයක් පැළඳගන්න. ශුක‍්‍ර ධාතු මෝචනයෙන් පසු කොන්ඩමය බිඳී ගියේ නම් හොඳින් රහසග සෝදාගන්න. ගර්භිණීභාවයට පත්වීමෙන් වැළකීමේ හොඳම ක‍්‍රියාමාර්ගය නම් රහසගට ශුක‍්‍රාණූනාශක ෆෝම් ඇතුල් කර ගැනීමයි. ඔබ වෛද්‍යවරයෙකු මුණ ගැසීමෙන් ප‍්‍රතිසන්ධියක් වැළැක්වීමේ Emergency contraceptive pills (ECP) ඖෂධ නියම කරණූ ඇත.

කොන්ඩම් ගැනීමෙන් ඇති විය හැකි සංකූලතා මොනවාද ?
කොන්ඩම්වෙසෙසින්ම ශුක‍්‍රාණූනාශක මාදිලියේ කොන්ඩම් නිසා කාන්තාවන් හට මුත‍්‍රා ආසාදන ඇති වීමට ඉඩ තිබේ. ඇතැම් කාන්තාවන්ට ලේටෙක්ස් නිසා ආසාත්මිකතාවයන් ඇති විය හැකිය. එසේම එහි ඇති ශුක‍්‍රාණූනාශක නිසා තත්ත්වය තවත් බැ?රුම් විය හැක. මේවා හැරුණූ විට සමස්තයක් වශයෙන් හෝමෝනමය මාදිලි සහ උපත් පාලන පෙති ආදියට සාපේක්ෂව මෙවායේ ඇති භාවිත සංකූලතා අවමය.

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews