සිය මාංශ පේශීන් වර්ධනය
කරගැනීම සඳහා මධ්‍යසාර සග තෙල් එකට එකතුකොට ශරීරයට එන්නත් කරගත් බ්‍රසීලයේ
රොමාරියෝ අල්විස් මේවනවිට ජීවිත අවධානමකට මුහුණ පා ඇතැයි ඩේලිමේල් වෙබ් අඩවිය
වාර්තා කොට සිටිනවා.
25 හැවිරිදි රොමාරියෝ සිය
බාහු වල පේශීන් අඟල් 25 ක විශ්කම්භයක් දක්වා
වර්ධනය කර ගැනීම උදෙසා මෙසේ මධ්‍යසාර හා තෙල් එන්නත්කොටගෙන ඇති අතර ඒ හේතුවෙන්
කුඩා ළමුන් පවා ඔහු දැකුමෙන් බියට පත්වන බවත් ඔහුව "හල්ක්" යන අන්වර්ථ
නාමයෙන් හඳුන්වන බවත් වාර්තා වේ.
රොමාරියෝ එක්දරු පියෙකු වන
අතර සිය බිරිඳ සයමස් ගැබිනියකව සිටියදී ඔහු මෙම මාරාන්තික මිශ්‍රණය විදගෙන තිබේ.
මිශ්‍රණය මුල් කාලයේදී සාර්ථක ප්‍රතිඵල ගෙන දුන්නත් පසුව එය වැරදී යාම හේතුවෙන්
ඔහු සියදිවි නසාගැනීමට පවා උත්සාහ කොට තිබේ.
බ්‍රසීලයේ ප්‍රකට අයෝමය
පුරුෂයන්ගේ අවවාද මත "සින්තෝල්" නම් ඖෂධය සීමාවකින් තොරව ශරීරයට එන්නත්
කරගැනීම හේතුවෙන් රොමාරියෝ හට මෙම ඉරණමට මුහුණ පෑමට සිදුව තිබේ.
එන්නත් විදගැනීමට ප්‍රථම
After
Over Dosage
No comments:
Post a Comment