Recent

Friday, June 5, 2015

ශරීරයට අහිතකර නිසා – ඉන්දියාවේ මැගී නූඩ්ලස් තහනම් කරයි

download (11)

ඉන්දියාවේ ආහාර ආරක්ෂණ පාලන අධිකාරිය සෞඛ්‍ය හේතු මත නෙස්ලේ මැගී ක්‍ෂණික නූඩ්ල්ස් නිෂ්පාදනය තහනම් කර ඇති බවට වාර්තා වේ.
බීබීසී පුවත් සේවය පවසන්නේ අලෙවියට අනුමත කර ඇති නූඩ්ල්ස් වර්ග නවයක් වෙළෙඳ පොලෙන් ඉවත් කර ගන්නා ලෙසටද නියෝග කොට ඇති බවත් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක කරන ලද පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ සමහර නිෂ්පාදන වල ආරක්ෂාකාරී මට්ටමට වඩා ඊයම් අඩංගුවී තිබෙන බවයි.
එරට ආහාර ආරක්ෂණ හා තත්ත්වය පිළිබඳ අධිකාරිය අදාළ සමාගමට චෝදනා නඟා ඇත්තේ ඔවුන් නියමිත ආහාර ආරක්ෂණ රෙගුලාසි කඩකර ඇති බැවිනි.
ඒ අනුව අලෙවියට අනුමත කර ඇති නූඩ්ල්ස් වර්ග නවයක් වෙළෙඳ පොලෙන් ඉවත් කර ගන්නා ලෙසටද නියෝග කොට ඇති බවට වාර්තා වේ.
—————————————————————————————–
මෙම ප්‍ර‍වෘත්තිය අදාල අයතන‍ය සමග ඇති පුද්ගලික ආරවුලක් හෝ අමනාපයක් මත පල කිරීමක් නොවන අතර හුදෙක්ම පාරිභෝගිකයන් දැනුවත් කිරීම සදහා පලකරන ලද්දක් බව සලකන්න

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews