Recent

Tuesday, September 29, 2015

පෞද්ගලික අංශයේ වැටුප් අදියර දෙකකින් වැඩිවේ – කම්කරු ඇමැති


පෞද්ගලික අංශයේ රුපියල් 2500 වැටුප් වැඩිකර ගැනීමට අවශ්‍ය නීති කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා සඳහන් කළා.
මෙහිදී එම සේවකයන්ට එම වැටුප් වැඩිවීම අදියර දෙකකින් ලබා දීමට තීරණය කර තිබෙන අතර එය සේව්‍ය පාර්ශ්වයටද කිසියම් සහනදායී ක්‍රමයක් බැවින් ඒ පිළිබඳව එසේ අවධානය යොමුකර තිබෙන බවද ඇමැතිවරයා සඳහන්කර සිටියේය.

පෞද්ගලික අංශයේ සේවකයින්ට රුපියල් 2500කින් වැටුප් වැඩි කරන ලෙසට සේව්‍ය පාර්ශ්වයන් වෙතින් රජය ඉල්ලීමක් කර තිබුණද මෙය බොහෝ ආයතන විසින් නොතකා හැර තිබෙන බව පෙනෙන්නට ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය. පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීම මෙන්ම වෘත්තීය සමිතිවල ඉල්ලීමක්ව පවතින ඊට අදාළ හිඟ වැටුප් ලබාදීම, අවම වැටුප රුපියල් 10,000 කිරීම ඇතුළු කාරණා කිහිපයක් පිළිබඳව පුළුල්ව සාකච්ඡා කර තීන්දුවකට එළැඹීම සඳහා සේව්‍ය සේවක රජය යන පාර්ශ්වයන් සම්බන්ධ ජාතික කම්කරු උපදේශක සභාව නොබෝ දිනකින් කැඳවීමටද කටයුතු යොදා තිබෙන බව ඇමැතිවරයා පැවැසීය.
එම ජාතික කම්කරු උපදේශක සභාවේදී මේ පිළිබඳ සාකච්ඡා කර ඔවුන්ගේද අදහස් යෝජනා මත ඊට අදාළ කටයුතු කරන බවද ඇමැතිවරයා කීය.

කෙසේ වුවද මෙය පාර්ලිමේන්තුවේ සම්මත කර නීතියක් බවට පත් වීමෙන් අනතුරුව තවදුරටත් මෙම ගෙවීම් පැහැර හැර තිබෙන සේව්‍ය පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමන් කටයුතු කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මූලාශ්‍රය අපේරට.net and වැඩබිම
තවත් දෙස් විදෙස් තොරතුරු දැනගන්න පිවිසෙන්න Namalmedia වෙබ් අඩවියට 

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews