සේව්‍ය
සේවක සම්බන්ධතාවයට අදාළ කම්කරු නීති රැසක් සංශෝධනය සඳහා රජය සැරසෙමින් සිටි.
මේපිළිබඳව කටයුතතු කිරිම සඳහා සේව්‍ය නියෝජිතයින් හා තෝරාගත් වෘත්තීය සමිති
කිහිපයක නායකයින් කිහිප දෙනෙකු වැඩකරන
පන්තිය වෙනුවෙනුත්, මෙම ක්‍රියාවලියට සහය සැලසීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ
විශ්‍රාමික විනිසුරු වරයෙක් හා වරියක් පත්කෙරේ.
මෙම
කම්කරු නීති සංශෝධන ක්‍රියාවලියේදී කාර්මික ආරවුල් පනත ඇතුළු පනත් කිහිපයකට බරපතල
වෙනස්කම් සිදුවනු ඇති බව සමිති නියෝජිතයෝ
ප්‍රකාශ කරති. හාම්පුතුන් විසින් සේවකයින් දඩමීමා කල නොහැකි පරිදි අපගේ නීති
පද්ධතිය තුල ලෙස ඉතා ශක්තිමත්ව ස්ථාපිත කොට ඇති සියලු ප්‍රගතිශීලි ප්‍රතිපාදනයන්
ප්‍රාග්ධනයේ අවශ්‍යතාවයට අනුරූපව විසන්දී කිරීමට නියමිත බව වැඩබිම හා අදහස් දැක්වූ
සමිති ක්‍රියාකාරිකයෝ කිහිප දෙනෙකු පැවසුහ. කාලයක පටන් සේවා යෝජකයින් විසින් මෙම
ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කල අතර මේවා
සඳහා ප්‍රමුඛත්වය හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම
සියලු කම්කරු නීති ප්‍රතිසංස්කරණයන් මේ සඳහා පත් කර ඇති කමිටුවතුල රහසක් ලෙස පවතින
අතර ඒ පිළිබද කිසිදු විනිවිද පෙනෙන කතිකාවතක්, කෙටුම්පත්
හෝ යෝජනා පිලිබඳ සාකච්චාවක් වෘත්තීය සමිති තුල හෝ පොදු වැඩ කරන පන්ති සමාජය තුල
සිදු කිරීමේ අවකාශය හිමි වී නැත.
මෙම
කම්කරු නීති සංශෝධනයේ කම්කරු විරෝධී ප්‍රතිපාදනයන්ට එරහිව මහජන විරෝධයකට ඉඩ අහුරනු
වස් මෙම කම්කරු නීති සංශෝධනයත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මෙන්
රහසිගත හා අභිරහස් ස්වරුපයක් ගනු ඇතැයි කම්කරු ක්‍රියාකාරිකයෝ පවසති.
Source වැඩබිම
No comments:
Post a Comment