Recent

Tuesday, September 29, 2015

අවම වැටුප් සැකසෙන්නේ කෙසේද?



ඔබ හෝටලය තුළ කරනු ලබන කාර්යය අනුව ඔබට හිමි ශ්‍රේණිය ලැබී තිබේද යන්න සොයා බලන්න.
මෙම පඩි පාලක සභා පනත යටතේම ඔබ හෝටලයක සේවය කිරීමේදී ඔබට හිමි විය යුතු අවම වැටුප් ප‍්‍රමණය කවරේද යන්න ගැනද සඳහන් වේ. මෙම අවම වැටුප් ප‍්‍රමාණය රටේ පවතින ජීවන වියදම් වැඩි කරන අවස්ථාවන්හිදී සාකච්ඡුා කර වැඩි කරනු ලබනවා ඇත. එසේ වැඩි කිරීමේදී රජය විසින් හෝටල් ශ්‍රේණියේ වැඩ කරන සේවකයින් හට ලැබිය යුතු අවම වැටුප් ප‍්‍රමාණය ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කරනු ලැබේ.
මේ අනුව දැනට හෝටල් සේවයෙහි සේවය කරනු ල මේ අනුව දැනට හෝටල් සේවයෙහි සේවය කරනු ලබන්නා වූ සේවකයින් හට අවම වශයෙන් රු. 9600/- වැටුපක් හා ඊට අමතර වශයෙන් රු. 1000/- අයවැය සහන දීමනාවක් ලැබිය යුතුය. ඒ අනුව පහලම ශ්‍රේණියේ සිටින සේවකයෙකු හට දැනට ලැබිය යුතු අවම වැටුප වනුයේ රු.10,600/- කි. මෙම අවම වැටුපට සේවා ගාස්තු මුදල අදාල නොවන බැව් තරයේ මතක තබා ගන්න. ඔබට අඩු වැටුපක් ලබා දී එයට සේවා ගාස්තුව වශයෙන් මුදලක් එකතු කර අවම වැටුපට වඩා මුදලක් ඔබට ලැබෙන බව පෙන්වා දීමට පාලක පක්ෂය උත්සාහ ගන්නා අවස්ථාවන් තිබෙන්නට පුළුවන. එය වැරදි බැව් පෙන්වා දීය යුතුය. ඔබට වැටුප වශයෙන් පමණක් රු. 10,600/- කට වඩා මේ වන විට ලැබිය යුතුය. එක් එක් ශ්‍රේණියට අනුව මෙම අවම වැටුප රජය විසින් වැඩි කර ඇති අයුරු පහත සඳහන් වගුවෙන් පෙන්වා දී ඇත. ඒ අනුව ඔබට හිමි කාර්යය අනුව ඔබට හිමි ශ්‍රේණිය කවරේද යන්නත් එම ශ්‍රේණියට අනුව ඔබට හිමි අවම වැටුප කවරේද යන්නත් ගැන දැන ගැනීමට හැකි වේ. පහත සඳහන් වගුවේ සඳහන් වන අවම වැටුපට අමතර වශයෙන් රු. 1000/- අයවැය සහන දීමනාව හිම විය යුතුය.

හෝටල් සහ භෝජන සැපයීමේ කර්මාන්තයෙහි නියුක්ත පහත දැක්වෙන පන්ති වලට අදාළ සේවකයින්ට කාල මිම්මේ වැඩ වෙනුවෙන් අදාළ වන අවම මාසික වේතන ප‍්‍රමාණය පහත වගුවේ දැක්වෙන පරිදි විය යුතුය.


වැඩ කරන මාසයක් සඳහා වූ අවම වේතන ප‍්‍රමාණය

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews